Friday, December 28, 2012

නිල් චිත්‍රපට නළු නිළියන්ගේ ජිවිතේ අවසාන සමය පුළුල්ව සිතන්නට

නිල් චිත්‍රපට නළු නිළියන්ගේ ජිවිතේ අවසාන සමය පුළුල්ව සිතන්නට

කොහොමද ඔයාලට ලෝකේ විනාශ වුනාද අපිටනම් නෑ......හැබැයි ලෝකේ ගොඩක් දෙනා කාලෙකට පස්සේ හොද ලණුවක් කෑවා....හරි එක දැන් ඉවරනේ......මම පහු ගිය දවස් වල හරස් පාරේ ලිපි පෙලක් ලිවුවා ඒ වෙන මොනවත් ගැන නෙමෙයි නිල් චිත්‍රපට ගැන.......මම හැම වෙලේම හිතුව දෙයක් තමයි අපේ අයට මේ ගැන හරි අවබෝධයක් ඇතුව කරන දේවල් නෙමෙයි කියන එක .....ඊයේ වෙනකොට අපේ රට තවත් ලෝක වාර්තාවක් තිබබා....ඒ තමයි ගුගල් සෙවුම් යන්ත්‍රයේ සෙක්ස් කියන වචනේ වැඩිම වාර ගනනාවක් යොදලා සර්ච් කරන රටවල් අතරට ලංකාව ආපු එක.....
                 

Tuesday, December 4, 2012

සීගිරිය මතු පරපුරටත් දායාද කරමුද?

සීගිරිය මතු පරපුරටත් දායාද කරමුද?
අපේ රටේ අපේ කම කියන දේ ලෝකෙට පෙන්නන්න අපේ රටේ ගොඩක් තැන් තියෙනවා .....ඒ අතරින් සිගිරිය කියන්නේ තවමත් අපේ කම අපේ ඉතිහාසේ ලෝකෙට එලි නොකරපු තවත් මහ ගොඩක් දේවල් දරාගෙන ඉන්න තැනක් විදිහට අපිට හදුනා ගන්ඩ පුළුවන් . ඒත් පහු ගිය දවසක සිගිරිය සිංහ පාදෙට අකුණක් වැදුනා.එකෙන් සිංහ පාදෙට හානි උනා ඒ විතරක් නෙමෙයි....දැන් ටික ටික සීගිරියේ තියන ඇතැම් ස්ථාන සෝදා යාමේ අවධානමක් ඇති වෙලා......ඒ හින්දම සිංහ පාදේ විතරක් නෙමෙයි ඒ අවට සෝදා පාළුව වලක්වන්න ගඩොල් 50000 සිගිරිය ගල මුදුනට ගෙනියන්න...සිද්ධ වෙලා එක හිතන තරම් ලේසි වැඩක්නම් නෙමෙයි රජෝ.......ඒකට  ගොඩක් මිනිස් ශ්‍රමය ඕනි වෙනවා ......ඒ හින්දම රන්ගිරි දඹුලු උපාධිධාරී සංගමය විදිහට දඹුල්ල .ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවය කරන සියලුම දෙනා මේකට එකතු උනා මේ පිරිස එකතු කරන්න කැප වුනු කෙනෙක් ඉන්නවා .ඒ දඹුල්ල ආසන සංවිධායක තුමන් වන ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආදරණිය පුත් පළාත් සභා මන්තී‍්‍ර ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මේ කටයුත්ත සංවිධාන කරන්න ලොකු කැපවීමක් කරා උගත් රට ගැන හිතන කෙනෙක් විදිහට රටේ සම්පත් ගැන මේ විදිහට හිත එක ගැන අපි සතුටු විය යුතුයි.ටි.බි තෙන්නකෝන් පදනම මුල් කරගනිමින් එදා සහභාගී වූ සැමට අවශ්‍ය සියල්ල සැපයුවා.එය අගය කලයුතුයි මේ වැඩේ ඉවර වෙනකන් එතුමා අපිත් එක්ක හරි හරියට මහන්සි උනේ අනිත් හැමෝටම ආදර්ශයක් දෙමින් වීම විශේෂයි

                                            සිංහ පාදය  


Friday, November 9, 2012

නිල් චිත්‍රපට නළු නිළියක වීමට අවශ්‍ය සුදුසුකම් -02 පුළුල්ව සිතන්නට


නිල් චිත්‍රපට නළු නිළියක වීමට අවශ්‍ය සුදුසුකම් -02 පුළුල්ව සිතන්නට 

මිනිස්සු කියන ජාතිය හරි ගුප්තයි දෙයක් එපා කියලා කිවුවොත් ඒ ගැන හොයලා බලනවා වැඩියි ඒ තමයි හැටි.අසම්මතයේ අපි නොහිත දේවල් මහා ගොඩක් හිතා ගන්න බැරි විදිහට අපිට ලං වෙනවා .අපිට හිතෙන්නේ ඒවා අහබු දේවල්   කියලා එත් ටිකක් හොයලා බලනකොට තමයි තේරෙන්නේ මහා ලොකු සැලසුම් ඒ පිටිපස්සේ තියෙනවා කියලා 

නිල් චිත්‍රපට කියන්නෙත් එහෙම දෙයක් හොදට කල්පනා කරලා බැලුවහම අපිට තේරෙන දෙයක් තමයි .අපි කොච්චර දේවල් වලට අහු වෙලාද කියන එක ......හරි මෙන්න එහෙනම් අද ඉතුරු ටික ලියන්න පටන් ගත්තා 
       

Friday, October 26, 2012

නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම්- 01-පුලුල් ව සිතන්න

නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම්- 01-පුලුල් ව සිතන්නට 
 මම මේ ලිපි පෙළ හරස්පාරේ ලියන එක නවත්තන්න හිතුවේ එත් අද මම අලුත් නිවුස් එකක් දැක්කා ......දැනට ලංකාවේ අසභ්‍ය වෙබ් අඩවි 1000 තියනවලු එකෙන් 51 තහනම් කරාලු ...මට එක දැක්කම හිනා ගියා ඒ මොකුත් නෙමෙයි.....පය බර වායට පිටිකර බෙහෙත් බදිනවා වගේ වැඩක් තමයි එක .......ඇත්තටම අපේ රටේ ඉන්න පොඩි පරම්පරාව බෙර ගන්න ඕනි.හැබැයි මේ ක්‍රම වලින් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට ලගා වෙන්න ලේසි නෑ.....අපි අද ජිවත් වෙන්නේ හුදකලා ලෝකෙක නෙමෙයි ........දැනට මේක බහු කාර්ය කොම්පැනි එකක් වෙලා ඉවරයි 
     

Monday, October 15, 2012

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

මම මේ ලිපි ටික ලියන්න හේතුවුනු කරුණු මුල් ලිපියෙන් දැක්කනේ නේද ........මේක විශාල කර්මාන්තයක් කිවුවොත් හරි ඇත්තටම ලේසි නෑ මම මුලින්ම මම කිවුවනේ මේක පටන් ගත්ත විදිහ නේද ...........ඊට පස්සේ අපේ රටට පත්තර ආවා................එක වැඩි කාලයක් තිබුණේ නෑ ඊට පස්සේ එක සංයුක්ත තැටිය ආවා ..........පුලු පුලු වන් අය ඒක හොරෙන් බලන්න ගත්තා ඊට පස්සේ තමයි මේ අන්තර්ජාලයට වැඩේ ගියේ එකෙන් කාටවත් නොදැන තමන්ට බලන්ඩ ඕනි දේ බලන්ඩ පුළුවන් වුනා අද වෙනකොට මේක සරල නැති තත්වයට පත්වෙලා ........ඒ සරල නැති දේ අපේ රටේ විතරක් නතර කරන එක එච්චර ලේසි නෑ අද අන්තර්ජාල භාවිතා කරන අය මේ නිල්චිත්‍රපට හොයන ගණන් මිනුම් තමයි මේ........     

සෑම තත්පරයකම නිල් චිත්‍රපට සදහා වියදම් කරනු ලබන මුදල -ඇමරිකානු ඩොලර් 3075
සෑම තත්පරයකම නිල් චිත්‍රපට  නරබනු ලබන පිරිස       -28258
සෑම තත්පරයකම නිල් චිත්‍රපට සෙවුම් යන්ත්‍ර මගින් සොයනු ලබන පිරිස- 372
සෑම තත්පර 39 වරක් නිල් චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබේ

පේනවනේ නේද මේක අද කොච්චර මාර්කට් කරන්න පුළුවන් දෙයක් වෙලාද කියන එක මෙන්න මේ ලින්ක් එකෙන් ඒ රිපෝර්ට් එක බලාගන්න පුළුවන්නිල් චිත්‍රපට නැරබිමේ ප්‍රවනතාවය

නිල් චිත්‍රපට වල රගපෑම සදහා නළු නිලියන් තෝරා ගන්නා අයුරු ඊලග ලිපියෙන්

Sunday, October 7, 2012

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න 

නිල් චිත්‍රපටි එහෙම නැත්තන් බ්ලු ෆිල්ම් ගැන කවුරුත් දන්නවනේ .......මම අද මේ අසභ්‍ය දේ ගැන සභ්‍ය විදිහට ලියන්න හිතපු කාරනා කීපයක් තියෙනවා ..........මේ ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් ඉන්නවානම් ඒ අතේ ඇගිලි ගානට තමයි .....අපේ රටේ මේ ෆිල්ම් නතර කරන්න ඕනි කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චනේ එකට මොකද උනේ ඒක අසාර්ථක වුනා එහෙම් පිටින්ම ඇයි එහෙම උනේ .......ඒ ගැන මතක් වෙනකොට මට මේ ලිපිය ලියන්න හිතුනා තව අහිංසක ගෑනු ළමයෙක් ගෙදරක හිර කරගෙන ලෝයර් කෙනෙක් මේ ෆිල්ම් පෙන්නලා කරලා තිබුණු වැඩේ දැක්කනේ.......

අපි හිතන තරම් මේ නිල් චිත්‍රපටි කියන දේ සරල නෑ.......එකත් හරියට මහා සංකීරණ දෙයක් කිවුවොත් හරි අනිත් ෆිල්ම් වගේම මේකට තිර රචනාව ලියන කෙනෙක් ඉන්නවා .එඩිට් කරන්න කෙනෙක් ඉන්නවා.....ලයිට් කරන්න කට්ටිය ඉන්නවා ....එක හුදකලා දෙන්නෙක් කාමරේක ඉදන්කරන දේට වඩා එහා ගියපු දෙයක් කිවුවොත් හරි.....මේ ජාලේ කොච්චර හයියද කියලා අපිට බලන්න පුළුවන්  ....අපේ කැම්පස් එකේ සහෝදරයෙක් උපාධි නිබන්ධනයට කරේ බ්ලු ෆිල්ම් ගැන ....එක ලොකු විෂයක් ඇත්තටම..........කවදද මෙහෙම දෙයක් ලෝකේ නිරමාණ උනේ 
හැම දේටම ඉතිහාසයක් තියනවා වගේ මේ වැඩේටත් ලොකු ඉතිහාසයක් තියනවා මුලුන්ම මේ නිල් චිත්‍රපටයක් හදන්නේ 1908 දී ඇමරිකානු සමාගමක් සෙබළකු ගැහැණු සේවිකාවක සමග තබාගත් ලිංගික සබදතාව පිළිබඳ මෙහිදී ප්‍රදර්ශනය කළා 




                                                           
                                             මුලින්ම සාදන ලද නිල් චිත්‍රපටිය 



Tuesday, October 2, 2012

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු  නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල් වෙන්න හොද නෑ හැබැයි මගේ ජිවිතේ කියලා තිබුණු හැම දේම හරි ගියා එක ඇත්තටම ලොකු විද්‍යාවක් කිවුවොත් හරි............මම එක හින්දම ඒ ගැන ඉගෙන ගත්තා............මම ඒ ඉගෙන ගත්ත දෙයින් මගේ මේ බ්ලොග් කියවන යාලුවන්ට හෙල්ප් එකක් කරන්න හිතුවා.....ඒ මේක විස්වාශ කරන අයගේ හදහන නොමිලේ බලලා දෙන්න 
                 

Thursday, September 27, 2012

මෙන්න නයා......... මෙන්න කෑවා...........

මෙන්න නයා......... මෙන්න කෑවා...........




මනුස්සයා දඹුල්ල වෑවල කියන ගමේ හවසට හැමදාම පොඩි අඩියක් එහෙම ගහන්න අමතක කරන්නේ නම් නෑ................හවස පොඩි අඩියක් එහම ගහලා එදත් මේ මනුස්සයා ගෙදර ආවා හවස හයට විතර ඇති..........ටිකක් කළුවර වැටීගෙන එනකොට ගෙට ගොඩ වුනා...............ගෙදර හාමිනේ නෑ හිමිට හිමිට කුස්සියට ගියා බඩගිනි ඉන්න බෑ..........බත් උයලා තියලා තමයි හාමිනේ ලගකට ගහින් තියෙන්නේ ...........හෙමිට බත් මුට්ටිය ලගට කිට්ටු වෙලා වහල තිබුණු පියන ඇරියා විතරයි ......පුෂ් .................ගාලා එක  පාරම අතට ගැහුවේ නෑතා.....................        

Monday, September 17, 2012

කෑවේ ඊයේ මැරුණේ අද ..............................



කෑවේ ඊයේ මැරුණේ අද ..............................


මේ දවස් වල හොදටම රස්නේ නේද ගොඩක් පැති වලට හොදටම පායනවා...........සත්තුන්ට එහෙම ඉන්න අමාරුයි වතුර නෑ...............................ඒ හිනදා වතුර තියන තැනක් හොයාගෙන සත්තු එනවා........මේ දවස් වල අපේ පැත්තේ ගොඩක් වැව් එහෙම හිදිලා ඒ හින්දා ගොඩක් අය මාළු අල්ලනවා ගජ රාමෙට........අපේ පැත්තේ සර්පයෝ එහෙම දැන් අඩු වුනාට ඉස්සරනම් සැහෙන්න හිටියා .............පොළගා. නයා මාපිලා වගේ සර්පයෝ මෙහෙට අලුත් නෑ...........පොලොඟු වගේ සර්පයෝ රෑට වතුරට බහිනවා..............මේ දවස් වල ගොඩක අය මාළු අල්ලන්න දැල් දානවා .....රෑට දාලා පාන්දර ගලවනවා. දවසක් ගොවිතැන කරන කෙනෙක් එහෙම දැලක් දැම්මා ......ඇල පාරක්  හරහා වතුර ඉන ගාවට විතරයි තිබුනේ..........
                 

Saturday, September 15, 2012

පොලිසියට උදවු කරන්න ගිහින් පොලිසියෙන්ම ඉල්ලන් කෑම..............................


පොලිසියට උදවු කරන්න ගිහින් පොලිසියෙන්ම ඉල්ලන් කෑම..............................


 පහු ගිය දවස් ටිකෙනම් බ්ලොග් පැත්ත පළාතේ අවේ නෑ. මොකද අපි ඔපිස් එකේ අ ය එකතු වෙලා ටිකක් වෙනස් විදිහේ වැඩක් කරා එක හින්දා ......ඒ අතරේ තමයි දන්න කියන කෙනෙකුට මේ වැඩේ වුනේ පොලිසිය ගැන මතක් වෙනකොටනම් එක එක කතා ගොඩක් මතක්  වෙනවානේ නේද මේකත් පොලිසිය ගැන වෙච්ච කතාවක් ගොඩක් වෙලාවට පොලිසිය කරන හොද වැඩ යට ගහින් මතු වෙන්නේ නරක මරුමුස් වැඩ තමයි..........
                 

Monday, September 3, 2012

අපේ රටේ අධ්‍යාපනයෙන් ගොඩ යන්නේ කවුද

අපේ රටේ අධ්‍යාපනයෙන් ගොඩ යන්නේ කවුද
අපි ඉස්සර ව්භාග දෙපාර්තමේන්තුවට කිවුවේ ජාතියේ රන් දෙවොල කියලා ඒ තරමට විනිවිදව නිරවුල්ව දෙයක් කරපු තැනක් විදිහට එක ප්‍රසිද්දයි..දැන්නම් රජෝ ඒකට මොකක් කියන්නද කියල මම දන්නේ නෑ..මොකද එකෙන් කරන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ............

Thursday, August 30, 2012

රණවිරුවාට ගිය කල

                    රණවිරුවාට ගිය කල
අපේ රටේ තිබුණු ඒ දරුණු යුද්දේ ඉවරයි නේද ඉස්සර අපිට හැදුනුම් පත බෙල්ලේ එල්ලගෙන ඉන්න වුනු කාලයක් තිබුනා.....දඹුල්ලේ ඉදන් කොළඹ යනකොට බස් එකෙන් කි පාරක බහින්න ඕනිද....තේ බොන්නද නෑ ඔය කාඩ් එක පෙන්නන්න බෑග් එක ඇරලා පෙන්නන....දැන් වගේ ගොඩක් අය බස් එකට නැග්ගට පස්සේ නිදා ගත්තේ නෑ......මොකද කොයි වෙලාවේ බෝම්බයක් පුපුරයිද කවුරුත් දන්නේ නැති හින්දා........
අපේ රටේ රණවිරුවනට පින් අයිති වෙන්න අපි නිදහස් මිනිස්සු උනා.......
                           

Saturday, August 25, 2012

කර්මයෙන් පැන යා හැකිද?

                  කර්මයෙන් පැන යා හැකිද?

සමහරු කර්මය ගැන පිලිගන්න කැමති නෑ.තවත් සමහරු කර්මය තියා මේ ලෝකේ තියන ආගම දහම ගැනත් බොරු  කියන්න කන පැලෙන තර්ක ඉදිරිපත් කරනවා .ඒ කරලා රෑට රෑට පන්සල් වලට ගහින් බෝධි  පුජා එහෙම තියන අයත් අපිට ඕනි තරම් හමබවෙලා තියෙනවා..........කොහොම උනත් බුදු දහම පිළිගන්න අපිටනම් කර්මය කියන දේ බැහැර කරන්න බෑ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි....මට ගිය සතියේ ගුවන් හමුදාවේ හිටපු උසස් නිලධාරියෙක් හම්බ උනා...එයා මට කතාවක් කියාගෙන ගියා.........අපේ රටේ යුද්දේ හොදටම තිබුණු කාලේ තමයි මෙයා හමුදාවට බැදිලා තියෙන්නේ මතක ඇති නේද?
     

Wednesday, August 22, 2012

ශ්‍රී පාද අඩවියේ හාස්කම්

                     ශ්‍රී පාද අඩවියේ හාස්කම්

ගොඩක් දෙනෙක් ශ්‍රී පාදේ කරුණා කරනවානේ නේද ?එකට ජාති බේද නෑ.හැම ජාතියකම අය ඒ ගමනට එකතු වෙනවා කිවුවොත් හරි.........අමුතුම සංස්කෘතියක් එතන තියෙනවා.හැමෝම සමගියෙන් යන ගමනක් එක.ඇත්තටම ගොඩක් හාස්කම ගැන කතාවෙන තැනක් කිවුවොත්.....ශ්‍රී පාද පත්මේ වදින්න ගොඩක් ය කාරුනා කරන්නේ රෑට. තියෙන  මහන්සිය අඩු හින්දා වෙන්න ඕනි..වලාකුළු තමන්ගේ ඇග අතරින් යනකොට දැනෙන දේනම් වචනයෙන් කියන්න බෑ.........ගොඩක් අය ශ්‍රී පාදේ කාරුනා කරලා ඉර සේවෙත් බලලා ඉක්මනට පහලට බහිනවා එකක් උඩ ඉඩ අඩුකම අනික අනිත් ආපු නඩේ පිටත් වෙන හින්දා.....
               

Monday, August 20, 2012

මෝඩ බස් නොඅසන්න -දුම් බීමේ ඇති ප්‍රධාන වාසි මෙන්න

 මෝඩ බස් නොඅසන්න -දුම් බීමේ ඇති ප්‍රධාන වාසි මෙන්න 


අද කාලේ කොල්ලෙකුට සිගරට් එකක් බොන්න කොච්චර අමාරුද කාලයක් පොලිසියෙන් දලා ඇල්ලුවා..දඩ ගැහුවා උසාවි දැම්මා......ඇයි එහෙම කරන්නේ තොල් දෙක අතරින් තියලා දුම් උගුරක් අදිනකොට මොන තරම් පිරිමි කමක් ඇගට එනවද නේද?ඇයි මේකට විරුද්ධ වෙන අයට එක තේරෙන්නේ නැත්තේ.........ඒ විතරක් නෙමෙයි සමහර ප්‍රසිද්ධ තැන් වල දුම් බොන්නා මෝඩයෙක්  කියලත් ගහලා තියෙනවා.සිගරට් පෙට්ටියක් ගත්තම රජයේ අවවාදය දුම්බීම අහිතකරයි කියලත් ගහලා තියෙනවා මොන තරම් අසාධාරණද ?
                                        

Thursday, August 16, 2012

කාම අපරාධ රැල්ලේ නඩුවක් විසදු හැටි

            කාම අපරාධ   රැල්ලේ නඩුවක් විසදු හැටි
මේ දවස් වල ප්‍රසිද්ද වැඩ වෙනවනේ නේද ?ළමා දුෂණ අතින් නම් ලංකාව කප් එක ගහයි. එක අපිට හොද දෙයක්නම් නෙමෙයි කොහොමත්.......එහෙම නඩුවක් ලැබුණු වෙලාවක විත්තිය වෙනුවෙන් පෙනී හිටපු ලෝයර් නඩුවේ වැරදි කාරයා වෙනුවෙන් පෙනී හිටපු විදිහ තමයි මේ
                                         
එක දවසක් මිනිසෙක් කැලේ ඇවිදිමින් සිටින අතරතුර ඔහුට මුණ ගැසුනේ කුඩා ගෙම්බෙකි....

Tuesday, August 14, 2012

ගීතයකට අරුතක් සොයා..............

              ගීතයකට අරුතක් සොයා...............

සංගීතයට කවුද අකමැති  නේද ?ඒ තරමට සංගීතය මිනිස් සිත් එක්ක බැදිලා තියෙනවා .හැබැයි අද තියෙන බහුතරයක් ගීත දිහා බැලුවාහම එහෙම ආත්මීය බැදීමක් ඇති කරගන්න පුලුවන්ද කියලා හිතෙනවා .මොකද සමහර ගීත වලින් කියවෙන්නේ මොකක්ද කියන එක අහන  අපි විතරක් නෙමෙයි එක කියන කෙනාවත් ලියපු කෙනාවත් දන්නේ නෑ,,,,,,,මහා ගෝසාවක් විතරයි ඇහෙන්නේ.......මනස කෙසේවෙතත් මුළු ඔළුවම අවසානේ අවුල් වෙනවා.........ගීතයට මිනිස් මනස සන්සුන් කරනවා වගේම දරුණු කරන්නත් පුළුවන් එක අද ඔප්පු වෙලා ඉවරයිනේ නේද......
                          
                                

Sunday, August 12, 2012

මිනිස් පිටපත් හැදීමේ අලුත් සෙල්ලම

            මිනිස් පිටපත් හැදීමේ අලුත් සෙල්ලම 

අපි සමහර චිත්‍රපටි වල දැකලා තියන දෙයක් තමයි එකම විදිහේ රුපයක් තියෙන මිනිස්සු හදන එක. හරිම ශක්තිමත්......අවසානේ ලෝකෙට අභියෝගයක් වෙනවා. විනාස කරන්න අමාරුයි.....මොකද ඒ තරමට ශක්තිමත්.....ඒවා මිනිස්සු විදිහට හදපු රොබෝවරු නේද.....ඒ අපි දැකපු චිත්‍රපට නේ නේද.....
     

Saturday, August 11, 2012

සාක්කුවේ ගෙන ගියොත්.... ශුක්‍රානු අඩු වෙන්න පුළුවන් කොල්ලෝ

සාක්කුවේ ගෙන ගියොත්.... ශුක්‍රානු අඩු වෙන්න පුළුවන් කොල්ලෝ 
   මේ කියන්නේ ගොඩක් දෙනෙකුට අද නැතුවම බැරි වුනු දෙයක් වෙච්ච ජන්ගමයා ගැන...අද ලෝකේ ජනගහනයෙන් බිලියන 4.6 දෙනා මේ ජංගමේ භාවිතා කරන්නන් අතර ඉන්නවා මේකෙන් තියන වැඩේ මොකක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් පොතක් පිරෙන්න ලියන්න පුළුවන් නේද?හැබැයි මේ දේ හින්දා අද ලෝකේ මිනිස්සුන්ට වෙලා තියන දේ නම් හැම වෙලාවේම සුබවාදී නැ......මේ ජන්ගමෙන් පිට වෙන කිරණ හින්දා බොහෝ බලපෑම් අපිට ඇති වෙනවා 
                   

Monday, August 6, 2012

මහළු මවට කන් දුන් අලි රංචුව-අලි කතා03

    මහළු මවට කන් දුන් අලි රංචුව-අලි කතා03 

මේ කතා ඇහෙනකොට පුදුම හිතෙන්න පුළුවන්..මේවා ඇත්තටම වුනාද නැත්තන් බොරුද කියලා.....එත් මේවා ඇත්තටම මේ අවට සිද්ද වුනු කතා....මේකත් ඒ වගේ එකක්. සිද්දවුනේ නිකවැරටිය පැත්තේ....ඒ පැති වල අලි ඉන්නේ රංචු පිටින්...හැබැයි කරන විනාසේ වෙනසක් නෑ ..හේන් ගොවිතැන් කරන හේනකට පැන්නොත් ඉතින් මුළු හේනම...ඉවරයි.....
මේ කතාව සිද්ද වෙනකොට මේ පැතිවල කුබුරු කැපෙන කාලේ....වී වලට කොහොමත් අලි කැමතිනේ අහු වුනොත් ගෝනිය පිටින්ම තමයි අරගෙන යන්නේ.....ඒ තරමට කැමතියි 
                                    
               

Saturday, August 4, 2012

කරුමයට ඉඩ දී ගැහැණිය අත්හැර දැමු අලියා-අලි කතා 02

කරුමයට ඉඩ දී ගැහැණිය අත්හැර දැමු අලියා-අලි කතා 02

අලි කරපු දේවල් ගැන මම මුලින් කතාවක් ලිවුවනේ ඇත්තටම මේ  කතා සිද්දවුනු ඒවා......අද මම ලියන කතාවත් ඒ වගේ එකක්....සිද්ද වුනේ පලුටාව පැත්තේ....ඒක ගැනු කෙනෙක් හිටියා. මේ ගැනු කෙනාගේ මුණ බලන්න බැ ඒ තරමට විරූපී වෙලා තිබුනේ, ළමයි දෙන්නක් හිටියා. ඉස්කෝලේ යන වයසේ ඒ ළමයි වත් තමන්ගේ අම්මා ලගට කිට්ටු වුනේ නෑ, බයට. සැමියා කරේ ගොවිතැන් වැඩ....දවසක් මේ දෙන්නා ගෙදර රණ්ඩු වුනා සැමියා බය කරන්න හිතපු මේ ගැනු කෙනා කරේ ගිනි තියා ගන්නවා කියලා සැමියා බය කරන්න හිතාගෙන......ඇගට ලාම්පු තෙල් වත් කරගත්ත ඒක.....බය කරන්න කරාට ඇත්තටම ඇගට ගිනි ගත්තා......
                       

Wednesday, August 1, 2012

දරු සුරතල් බැලු අලි දොස්තර-අලි කතා 01

                දරු සුරතල් බැලු අලි දොස්තර 

                                     
මේ දවස් වල උණ හැදිලා ගෙදරට වෙලා ඉන්නේ. ඕනි නෑ ඉතින් සංසාරේ........කන්නත් බෑ ඉන්නත් බෑ...දන්නවනේ ඉතින් නේද? ඔය අතරේ තමයි අපේ පැත්තේ වුනු අලි ගැන කතා ටිකක් මතක් වුනේ අලි කිවුවම මතක් වෙන්නේ අලි මිනිස් ගැටුමනේ නේද?ඒක හරිම ගැටලුවක් වෙලා තියෙන්නේ....කොහොම නමුත් දැන් අලි ගහනය අඩු වෙලා කිවුවොත් හරි....ගොඩක් දෙනෙක් කියන්නේ අලින්ට අයිති පැති එලි කරලා මිනිස්සු ගෙවල් හදලා හින්ද මේ ගැටලුව ඇති උනා කියලා........මොකද අලි කියන්නේ ජාන අනුවම මේ අලි නිතරම තමන් කලින් පරම්පරා ගියපු පාරවල් වලම යනවා කියලා.ඒතකොට ඒ පාරවල් හරස් කරලා මිනිස්සු ගෙවල් හැදුවොත් මොනවද වෙන්නේ ගැටුමක් නේද.....

Sunday, July 29, 2012

ගබ්සාව සැනසීමට මුලද

                     ගබ්සාව සැනසීමට මුලද 

මේක අද කාලේ සරල ටොපික් එකක්නේ නේද? ඒ තරමට සරලයි ....කොහෙන් හරි පටන් ගන්න ආදරය හෝටල කමරෙකින් ඉවර කරන ඒක.....එකනේ අද ආදරේ කියන්නේ නේද ?ඒක නැත්තන් වැඩක් නැ කියල තමයි කියන්නේ.....ඇත්තටම ඒක එහෙමද?'




මෙලෙස වද දී මරන්නට මා කල වරද කීම 

Sunday, July 22, 2012

අහෝ ප්‍රේමයට ගිය කල

                    අහෝ ප්‍රේමයට ගිය කල

වෙලාව ප:ව 5.00පමණය.මා සරසවියේ වැකෙෂන්  එකට ගෙදර එන දිනයයි.සරසවියේ බොහෝ දෙනෙකු මට කිවේ ආවොත්...... ආවෝ.......ගියොත්....... ගියෝ.... කියාය ඒ අවොත් මම සතියක් දෙකක් ආපසු නොයයි ගියොත් ආපසු කාලෙකට එන්නේ නැත.පිටකොටුවෙන් බස් එකකට නැග පැය ගණනාවක් බසය තුලට ව් සිටීම මට අමාරුම දෙයකි.....අද A.C. එකක යනවා.සිතු මා අනුරාධපුර බසයකට නගුනෙමි ටිකක් ගණන් වැඩි වුවද ඇලර්ට් එකක් දමාගෙන යාමට හැකිවීම සැපයකි.බසයට නැගුනු මා මැදට වන්නට වූ සීටයක් අල්ලා ගතිමි
බසයේ වැඩිපුර සෙනග නැත පිටිපස දෙදෙනෙකි ඉදිරියේ එක අයෙක් පමණි.... පිටත්  වන්නට  කලින් නිසා වායුසමීකරණ තදට ඇත.....ටික වෙලාවකින් තරුණියක් බසයට නැගුණි බැලු බැල්මට ඈ සුන්දරය....ඕනෑම අයෙකුට එක වරක් නොව දෙවරක් වුවද හැරි බැලීමට සිතේ. රතු පැහැති බ්ලවුසය හා කළු පැහැති කලිසම ඇද සිටි අතර ඒ තුලින්ද අමුතු සුන්දරත්වයක් ඉස්මතුව් පෙනේ .......
                               
       

Friday, July 20, 2012

කෝ මේ රත්න ශ්‍රී ව්ජේසිංහ

                    කෝ මේ රත්න ශ්‍රී  ව්ජේසිංහ 
පසුගියදා දවසක ඉස්කෝලෙක සාහිත්‍ය උත්සවයක් තිබ්බා.සාහිත්‍ය කිවුවාම මටනම් මතක් වෙන්නේ...මිනිස්සුන්ගේ හදවතට කතාකරන දෙයක් විදිහට.........ඒක ඒ තරම්ම් මිනිස් ජිවිතයට සම්බන්ධයි නේ නේද....කොහොම හරි අපි වෙලාවට කලින් මේ වැඩේ තියන තැනට ගියා අපේ කට්ටිය ඔක්කොම  18හිටියා සමහරු නම් මේ වැඩේට ගියේ කැමැත්තෙන්. සමහර අය  ගියේ අකමැත්තෙන්.........හැබැයි ගොඩක් දෙනෙක් හිටියේ අකමැත්තෙන් කිවුවොත් හරි......
                              
           

Wednesday, July 18, 2012

ගලෙන් කොටුව බැන්දයි ත්‍රිකුණාමලේ

        ගලෙන් කොටුව බැන්දයි ත්‍රිකුණාමලේ 

අපි ට්‍රින්කෝ පැත්තේ ගහින් එන්න යමුද ?යෝජනාව දැම්මේ කවුද  කියලා මට හරියට මතකයක් නෑ ....ඒ වුනාට ඒ යෝජනාව කලින්ම ක්‍රියාත්මක වුනා කිවුවොත් හරි ....සතියක් යන්න කලින් අපි ගමනට දින දාගත්තා .....ගමනට හිටපු ගාන 6 දෙනයි. මුලින්ම .....පස්සේ ඒක 11 වුනා.ඊට පස්සේ ඒ වැඩේට අපි වෑන් එකක් ලෑස්ති කරා අවසානේ යන්න වුනේ බස් එකක....ගාන 18 ක් වුනා 

                      
අපි ගමන පිටත් උනේ මෙන්න මේ විදිහට මේ දවස් වල මේ පාර හදනවා. ඉතින් ගමන හිතන තරම් ලේසි වුනේ නෑ. මගදී අපිට හම්බ උණු තැනක්  තමයි කින්නියා පාලම මේක දිගම  පාලම විදිහට තමයි   සලකන්නේ  මේක හැදුවට පස්සේ ගොඩක අයටනම් යහපතක් වෙලා තියෙනවා කිවුවොත් හරි බස් එකේ ගියපු රියදුරු මහත්තයා පාර හරියටම දැනගෙන හිටියේ නෑ ඒක හින්දා පාර අහගෙන යන්න තමයි සිද්ද වුනේ....එහෙම පාර අහපු වෙලාවක අපේ යාලුවෙක් කෝනේස්වරම් වෙනුවට අහල තියෙන්නේ මුන්නේශ්වරම් යන්නේ කොහොමද කියලා.......වැඩේ නම් අවුල් තමයි එත් මේ තැන් දෙකම සම්බන්දයක් තියෙනවා කියලා

Friday, July 13, 2012

අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නේ මේ ලෝකේ වසලයා

අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නේ මේ ලෝකේ වසලයා

අපි ඉන්නේ 21 සියවසේ නේද ,,,,එහෙමනේ කියන්නේ හරි දියුණුයි කියලා තමයි කියන්නේ  එත් ඔබ අපි ජිවත් වෙන මේ ලෝකේ සම්මත කියලා හිතෙන්නේ නැති දේවල් තවත් මේ අපි ජිවත් වෙන මෙලෙනියම් ලෝකේ සිද්ද වෙනවා කිවුවොත් හරි.............
මම රස්සාවට ආපු අලුත ඒ වගේ අත්දැකීමක් මටත් ලැබුනා .......අපිට එක ග්‍රාම නිලධාරී වසමක සමික්ෂනයක් කරන්න හම්බ වුනා. ටිකක් දුර මුළු ගමේම පවුල් 350 ව්තර ඇති ගොඩක් දෙනෙක් ගොවිතැන් කරන අය මම තරංග, අමිල,තව කීප දෙනෙක් මේ ගමට ගියා නිකන් මේ වැඩේ කරන්න බෑ ගමේ ගෙයක් ගෙයක් ගානේ යන්න ඕනි.එක ලේසි නෑ හැබයි කලින් අපි මේ වැඩේ  ගම් කීපයක කරලා තියෙන හින්දා එච්චර අමාරු වෙන්ඩ විදිහක් නැනේ. අපි වැඩේට බැස්සා දැන් අපි ලිස්ට් එකත් අරගෙන ගෙවල් හොයාගෙන යනවා 

Wednesday, July 11, 2012

සෙනේ නැත නිම්මා -සොයයි පුතුනේ නුබේ අම්මා

සෙනේ නැත නිම්මා -සොයයි  පුතුනේ නුබේ අම්මා 

මගේ ජීවිතේට ලැබුණු සමහර අත්දැකීම් වලින් ගොඩක් ඒවා මගේ ජිවිත කාලෙටම අමතක වන්නේ නැති ඒවා ......ඇතැම් ඒවා ඒ තරමටම සංවේදී කිවුවොත් හරි .....මේකත් එහෙම එකක් මම ඒ වෙනකොට අග  නගරෙට වෙලා ඉගෙන ගන්න කාලේ ......
.

                                              
අග නගරේ කියන්නනේ පුදුම විදිහේ අත්දැකීම් ලැබෙන තැනක්නේ. හොද නරක දෙකම එකේ තියෙනවා ..ඒ කාලේ මම බෝඩින් වෙලා හිටියේ කොහොම හරි මගේ බෝඩිමට ලග වැඩිහිටි නිවාසයක් තිබුන...
සමහර වැඩිහිටි අය එතනට ඇවිත්  තිබුනේ තමන් හදාවඩා ගත්ත දරුවෝ ඉන්නවා එත් ඒ අය සලකන්නේ නැතුව .....සමහරු හොද ජොබ් කරපු අය, ඒ අයට ළමයි හිටියේ නැ.....ඉතින් දෙන්නාම ඇවිත් මේ නිවාසේ ගෙයක් කුලියට අරගෙන ඉන්නවා හොදට සල්ලි තියෙනවා වුනත් තමන්ට ලෙඩක් දුකක් හැදුනම බලන්න කෙනෙක් නැනේ .....

Tuesday, July 10, 2012

අපේ අතීතය වැළලුනු බිමක සිට

අපේ අතීතය වැළලුනු බිමක සිට 

අපේ කම මේ මහා පොලවේ හැම තැනම තියෙනවා කිවුවොත් හරි පයට පාගන දුවිල්ලක් ගානෙම අපිට ඒ  හැගීම දැනේන්න ඕනි. එහෙම අපේ කම දැනෙන තැනක් ගැන තමයි අද මම ලියන්න හදන්නේ ඒ තමයි ඉබ්බන් කටුව සුසානාගාරය ......මේක මතක් වෙද්දීනම් මට වෙච්ච ඇබද්දියක් මතක් වෙනවා මම කැම්පස් ඉන්න කලේ අපේ සින්නෙක්  වැඩකරා tv channel එකක ඒක ඉන්ග්ලිෂ් එකක් ඒ අතරේ discover channel එකේ කට්ටියකට ඕනි වෙලා තිබුන මේ තියන සොහොන් බිම් ගැන film එකක් හදන්න ඒ අය මේ වැඩේ මම කිවුව කෙනාට තමයි  බාර ලංකාවේ වැඩේ බාර දීලා තිබුනේ එයාල එනකොට ඕනි දේවල් කරලා තියන්න ඒ අය කිවුව දෙයක් තමයි මේ සොහොන් බිම් ඊට පස්සේ ඊජිප්තු පිරමීඩ මේ ඔක්කොම එකම යුගයක හදපුව කියන ඒක. මේ තැන ගැන ව්ස්තර කරන්න හොද කෙනෙක් හොයල දෙන්න කියල තමයි එය   මට කිවුවේ එයලා ටිකක් අමුතු විදිහට වැඩකරන අය කොහොම හරි මේ තැන ගැන පත්තරේට ලිපි ලියපු කෙනෙක් මට හම්බ උනා

Saturday, July 7, 2012

යතිවරයාණෝ සොයා වනගත වූවෙමු

යතිවරයාණෝ සොයා වනගත වූවෙමු

අයියා අපේ ගමේ  කන්දට හාමුදුරුවෝ නමක් වැඩලා ඉන්නවා භාවනා කරන්න ඇවිත් ඉන්නේ වෙලාවක හම්බවෙන්න යනවනම් යමු ...........ඒ ආරංචිය මුලින්ම ගෙනාවේ අපේ සුගත් මල්ලි.....කොහොම
වුනත් එක ගොඩක් හොද  ආරංචියක් වුනා කිව්වොත් හරි ...........            

මට ඒ කතාව ඇහෙනකොටම මතක් වුනේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ.......භික්ෂුවකට තම මාර්ගය නිවැරදිව නිරවුල්ව ගමන් කරන්න ඕනිනම් අරණ්‍ය ගතවෙන්න...........රුක්ක මුල ගත වෙන්න ව්දිහට දේශනා කරන්න ඇත්තේ ඒක නියම මාර්ගය හින්ද වෙන්න ඇති
කෝටි ගනනක් ව්යදම් කරලා එක එක සිටුවරු,රජවරු   හදලා දුන්නු මාලිගා පවා අතහැරලා අවසානේ වනයක් වගේ වගේ තැනක් තෝරාගන්නේ තමන්ට යන්න ඕනි මාර්ගය ගැන හොද අවබෝධයක් තියෙන හින්ද කියලා මට ඒ මොහොතේම සිහිවුනා...................

Thursday, July 5, 2012

සිගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ......

           සිගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ......



අපි සිගිරියේ යමු ........යොජනාව ආවෙ හදිස්සියෙන් කාගෙන් වුනත් ඔක්කොම වැඩෙට කැමති වුනා.......බයික් ටිකත් ලැස්ති කරගත්ත අපි 6 දෙනෙක් ගමන පිටත් වෙලා සිගිරියට එනකොට හවස 4 ව්තර වුනා.........

.බයික් ටික පාර්ක් එකට දානකොටම ටිකට් පොතක් අතින් ගත්ත මල්ලි කෙනෙක් දුවගෙන ආවා.බයික් එකක් දාන්න රු100 සිගිරි ගලට යන්න රු 50 පාර්ක් එකට වැඩිය අපේ ඉතිහාසේ බාගේට බාගයක් අඩුයි...........මෙහෙම වෙන එකනම් ඇත්තටම කණගාටුයි



 එකට මිට වඩා විදිහක් තිබුනානම් හොදයි.

කොහොම හරි අපි ගලට යන්න පිටත් වුනා........ඇත්තටම සිගිරිය කියන්නෙ  ව්ශේෂ පිහිටිමක් තියන තැනක්........සිගිරි ගල මෙ ව්දිහට උස්ව පිහිටන්න බලපාපු හෙතුව මොකක්ද..........මිට අවුරුදු දහස් ගනනකට කලින් ගිනි කන්දක බලපැමක්  හින්දා මෙ ව්දිහට ඇතිවුනා කියල තමයි ව්ශ්වාස කරන්නේ..............ඒක මේ පහල පොටො එකේ තියන වගේ බලපැමක් හින්දා ඇතිවුනු එකක්..............

Saturday, June 30, 2012

යක්කු....දෙව්යො ඉන්නවා කියන්නේ ඇත්තද






යක්කු....දෙව්යො ඉන්නවා කියන්නේ ඇත්තද









ඔයාලා හොල්මන් ගැන ව්ශ්වාස කරනවද.......යක්කු ...දෙව්යො ගැන සමහරුනම් මෙ ගැන ව්ශ්වාසයක් නැ............
එත් සමහරුන්ටනම් ගැන ලොකු ව්ශ්වාසයක් තියෙනවා හැබැයි බුදුදහම පිලිගන්න කෙනෙකුටනම් මම කලින් කියපු දේ ගැන ව්ශ්වාස කරන්න වෙනවා

ත්රිපිටකේ දේවතා සංයුක්තය කියල වෙනම කොටසක් තියෙනව ......ආටානාට්ය වගේ සුත්‍ර දේශණා කරෙත් යක්කු වෙනුවෙන්................................... කොහොම හරි අද මෙ ලොකේ දියුනු කාලේ එක එක්කෙනා හොල්මන් දැක්කා කියලා කියනවා කැමරාවලට අහුවුනා කියලා කියනවා......

ගැන අපිටත් පහුගිය දවසක අත්දැකිමක් හම්බවුනා....මෙන්න මෙකයි වුනේ දඹුල්ලේ ආමි එකෙන් කරපු සංගීතයක් තිබුනා.....පිට්ටනියට අල්ලපු වැටෙ යාලුවෙක් ඉන්නවා කලින්ම ගිහින් මනුස්සයටත් දඩයක් එහෙම දාලා තැනට යන්න පිට වෙනකොට රැ 11 ව්තර වුනා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Tuesday, June 26, 2012

Saturday, June 23, 2012

එඩේරගල වන සෙනසුන

                    එඩේරගල වන සෙනසුන



පන්සලක් පල්ලියක් අපිට පෙන්නන්න බැනේ .............මෙකත් එහෙම ගිය ගමනක් තමයි.එඩේරගල වනසෙනසුන කියන්නේ  නිසන්සල පරිසරයක් තියෙන තැනක් ................
දඹුල්ල නගරයේ ඉදලා පොලොන්නරුව පාරෙ කි;ම් 6 ව්තර වෙන්න මෙ කියන තැන පිහිටලා තියෙනවා .වනසෙනසුනට ඇතුල් වෙන තැනම පහල තියන පුවරුව   තියෙනවා 




Friday, June 22, 2012

නාලන්ද ගෙඩ්ගේ

                               නාලන්ද  ගෙඩ්ගේ
නාලන්ද තියෙන්නේ කොහෙද කියලනම් හැමොම දන්නවනේ නේද....................නාලන්ද අයිති වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට,,,,,,,,,,,,,,,,,,නාලන්දේ තියෙන හින්ද මේකට නාලන්ද  ගෙඩ්ගේ කියල කියනවා.මෙ ගමනටත් මම අර මුලින් කියපු  ගැන්සියම එකතු වුනා.
මාතලේ දඹුල්ල   ප්‍රධාන මාර්ගයේ ඉදලා කි;ම්;2 ව්තර ඇතුලට වෙන්න තමයි ගෙඩ්ගේ පිහිටල තියෙන්නේ ඇතුල් වෙන තැනම මෙන්න මෙ වගේ පුවරුවක් තියෙනවා.




Sunday, June 17, 2012

මාතලේ අලුව්හාරය



මාතලේ අලුව්හාරය




අපේකම තියන තැන් නම් කොච්චර නම් කියලා තියනවද මට මගේ වැඩේ පටන් ගන්නම හිතුනේ එහෙම තැනක් ගැන ලියලා…. මේ තැනට ඔයාලා ඇව්ල්ලා තියනවා වෙන්ඩ පුලුවන් මේ ගමන යන්න වෙනදා වගේම නදිස්. චානක නන්දන අමිල කියන කට්ට්ය සෙට් වුනා

    නදිස් කියන්නේ ආගම දහම ගැන අවබොධයෙන් ඉන්න කොල්ලෙක් කිව්වොත් හරි  .........අලුත් දෙයක් දැක්ක ගමන්,,,,,,,,,,,,   මාරයි නේද බන්,,,,,,,,,,,,,,,කිව්වොත් චානක තමයි නන්දන කියන්නේ ඕනම ගමනක් යන්න එක පයින් කැමති කෙනෙක්,,,,,,,,,,,,,,මම ගැන කිව්වොත් ඉතින් කියන්න වෙන්නේ කියලා වැඩක් නැ කියල තමයි,,,,,,,,
අලුව්හරෙට ඇතුල් වෙන තැනම මෙන්න මෙහෙමෙ ලියපු පුවරුවක් තියෙනවා
වලගම්බා රජ සමයේ  ත්‍රිපිටකය  ලියන ලද්දේ මෙම ස්ථානයේ බවට මතයක් වේ.මහින්දාගමනයෙන් පසු දෙවන පෑ තිස්ස රජු ලක්දිව පුරා වෙහෙර විහාර කරවන ලද බවත් අතර ගිරිකුලු වලින් සමන්ව්ත අලුව්හාර ප්රදේශයේද   ව්හාර කරන ලද බවට සදහන් වේ.