Sunday, July 29, 2012

ගබ්සාව සැනසීමට මුලද

                     ගබ්සාව සැනසීමට මුලද 

මේක අද කාලේ සරල ටොපික් එකක්නේ නේද? ඒ තරමට සරලයි ....කොහෙන් හරි පටන් ගන්න ආදරය හෝටල කමරෙකින් ඉවර කරන ඒක.....එකනේ අද ආදරේ කියන්නේ නේද ?ඒක නැත්තන් වැඩක් නැ කියල තමයි කියන්නේ.....ඇත්තටම ඒක එහෙමද?'




මෙලෙස වද දී මරන්නට මා කල වරද කීම 

Sunday, July 22, 2012

අහෝ ප්‍රේමයට ගිය කල

                    අහෝ ප්‍රේමයට ගිය කල

වෙලාව ප:ව 5.00පමණය.මා සරසවියේ වැකෙෂන්  එකට ගෙදර එන දිනයයි.සරසවියේ බොහෝ දෙනෙකු මට කිවේ ආවොත්...... ආවෝ.......ගියොත්....... ගියෝ.... කියාය ඒ අවොත් මම සතියක් දෙකක් ආපසු නොයයි ගියොත් ආපසු කාලෙකට එන්නේ නැත.පිටකොටුවෙන් බස් එකකට නැග පැය ගණනාවක් බසය තුලට ව් සිටීම මට අමාරුම දෙයකි.....අද A.C. එකක යනවා.සිතු මා අනුරාධපුර බසයකට නගුනෙමි ටිකක් ගණන් වැඩි වුවද ඇලර්ට් එකක් දමාගෙන යාමට හැකිවීම සැපයකි.බසයට නැගුනු මා මැදට වන්නට වූ සීටයක් අල්ලා ගතිමි
බසයේ වැඩිපුර සෙනග නැත පිටිපස දෙදෙනෙකි ඉදිරියේ එක අයෙක් පමණි.... පිටත්  වන්නට  කලින් නිසා වායුසමීකරණ තදට ඇත.....ටික වෙලාවකින් තරුණියක් බසයට නැගුණි බැලු බැල්මට ඈ සුන්දරය....ඕනෑම අයෙකුට එක වරක් නොව දෙවරක් වුවද හැරි බැලීමට සිතේ. රතු පැහැති බ්ලවුසය හා කළු පැහැති කලිසම ඇද සිටි අතර ඒ තුලින්ද අමුතු සුන්දරත්වයක් ඉස්මතුව් පෙනේ .......
                               
       

Friday, July 20, 2012

කෝ මේ රත්න ශ්‍රී ව්ජේසිංහ

                    කෝ මේ රත්න ශ්‍රී  ව්ජේසිංහ 
පසුගියදා දවසක ඉස්කෝලෙක සාහිත්‍ය උත්සවයක් තිබ්බා.සාහිත්‍ය කිවුවාම මටනම් මතක් වෙන්නේ...මිනිස්සුන්ගේ හදවතට කතාකරන දෙයක් විදිහට.........ඒක ඒ තරම්ම් මිනිස් ජිවිතයට සම්බන්ධයි නේ නේද....කොහොම හරි අපි වෙලාවට කලින් මේ වැඩේ තියන තැනට ගියා අපේ කට්ටිය ඔක්කොම  18හිටියා සමහරු නම් මේ වැඩේට ගියේ කැමැත්තෙන්. සමහර අය  ගියේ අකමැත්තෙන්.........හැබැයි ගොඩක් දෙනෙක් හිටියේ අකමැත්තෙන් කිවුවොත් හරි......
                              
           

Wednesday, July 18, 2012

ගලෙන් කොටුව බැන්දයි ත්‍රිකුණාමලේ

        ගලෙන් කොටුව බැන්දයි ත්‍රිකුණාමලේ 

අපි ට්‍රින්කෝ පැත්තේ ගහින් එන්න යමුද ?යෝජනාව දැම්මේ කවුද  කියලා මට හරියට මතකයක් නෑ ....ඒ වුනාට ඒ යෝජනාව කලින්ම ක්‍රියාත්මක වුනා කිවුවොත් හරි ....සතියක් යන්න කලින් අපි ගමනට දින දාගත්තා .....ගමනට හිටපු ගාන 6 දෙනයි. මුලින්ම .....පස්සේ ඒක 11 වුනා.ඊට පස්සේ ඒ වැඩේට අපි වෑන් එකක් ලෑස්ති කරා අවසානේ යන්න වුනේ බස් එකක....ගාන 18 ක් වුනා 

                      
අපි ගමන පිටත් උනේ මෙන්න මේ විදිහට මේ දවස් වල මේ පාර හදනවා. ඉතින් ගමන හිතන තරම් ලේසි වුනේ නෑ. මගදී අපිට හම්බ උණු තැනක්  තමයි කින්නියා පාලම මේක දිගම  පාලම විදිහට තමයි   සලකන්නේ  මේක හැදුවට පස්සේ ගොඩක අයටනම් යහපතක් වෙලා තියෙනවා කිවුවොත් හරි බස් එකේ ගියපු රියදුරු මහත්තයා පාර හරියටම දැනගෙන හිටියේ නෑ ඒක හින්දා පාර අහගෙන යන්න තමයි සිද්ද වුනේ....එහෙම පාර අහපු වෙලාවක අපේ යාලුවෙක් කෝනේස්වරම් වෙනුවට අහල තියෙන්නේ මුන්නේශ්වරම් යන්නේ කොහොමද කියලා.......වැඩේ නම් අවුල් තමයි එත් මේ තැන් දෙකම සම්බන්දයක් තියෙනවා කියලා

Friday, July 13, 2012

අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නේ මේ ලෝකේ වසලයා

අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නේ මේ ලෝකේ වසලයා

අපි ඉන්නේ 21 සියවසේ නේද ,,,,එහෙමනේ කියන්නේ හරි දියුණුයි කියලා තමයි කියන්නේ  එත් ඔබ අපි ජිවත් වෙන මේ ලෝකේ සම්මත කියලා හිතෙන්නේ නැති දේවල් තවත් මේ අපි ජිවත් වෙන මෙලෙනියම් ලෝකේ සිද්ද වෙනවා කිවුවොත් හරි.............
මම රස්සාවට ආපු අලුත ඒ වගේ අත්දැකීමක් මටත් ලැබුනා .......අපිට එක ග්‍රාම නිලධාරී වසමක සමික්ෂනයක් කරන්න හම්බ වුනා. ටිකක් දුර මුළු ගමේම පවුල් 350 ව්තර ඇති ගොඩක් දෙනෙක් ගොවිතැන් කරන අය මම තරංග, අමිල,තව කීප දෙනෙක් මේ ගමට ගියා නිකන් මේ වැඩේ කරන්න බෑ ගමේ ගෙයක් ගෙයක් ගානේ යන්න ඕනි.එක ලේසි නෑ හැබයි කලින් අපි මේ වැඩේ  ගම් කීපයක කරලා තියෙන හින්දා එච්චර අමාරු වෙන්ඩ විදිහක් නැනේ. අපි වැඩේට බැස්සා දැන් අපි ලිස්ට් එකත් අරගෙන ගෙවල් හොයාගෙන යනවා 

Wednesday, July 11, 2012

සෙනේ නැත නිම්මා -සොයයි පුතුනේ නුබේ අම්මා

සෙනේ නැත නිම්මා -සොයයි  පුතුනේ නුබේ අම්මා 

මගේ ජීවිතේට ලැබුණු සමහර අත්දැකීම් වලින් ගොඩක් ඒවා මගේ ජිවිත කාලෙටම අමතක වන්නේ නැති ඒවා ......ඇතැම් ඒවා ඒ තරමටම සංවේදී කිවුවොත් හරි .....මේකත් එහෙම එකක් මම ඒ වෙනකොට අග  නගරෙට වෙලා ඉගෙන ගන්න කාලේ ......
.

                                              
අග නගරේ කියන්නනේ පුදුම විදිහේ අත්දැකීම් ලැබෙන තැනක්නේ. හොද නරක දෙකම එකේ තියෙනවා ..ඒ කාලේ මම බෝඩින් වෙලා හිටියේ කොහොම හරි මගේ බෝඩිමට ලග වැඩිහිටි නිවාසයක් තිබුන...
සමහර වැඩිහිටි අය එතනට ඇවිත්  තිබුනේ තමන් හදාවඩා ගත්ත දරුවෝ ඉන්නවා එත් ඒ අය සලකන්නේ නැතුව .....සමහරු හොද ජොබ් කරපු අය, ඒ අයට ළමයි හිටියේ නැ.....ඉතින් දෙන්නාම ඇවිත් මේ නිවාසේ ගෙයක් කුලියට අරගෙන ඉන්නවා හොදට සල්ලි තියෙනවා වුනත් තමන්ට ලෙඩක් දුකක් හැදුනම බලන්න කෙනෙක් නැනේ .....

Tuesday, July 10, 2012

අපේ අතීතය වැළලුනු බිමක සිට

අපේ අතීතය වැළලුනු බිමක සිට 

අපේ කම මේ මහා පොලවේ හැම තැනම තියෙනවා කිවුවොත් හරි පයට පාගන දුවිල්ලක් ගානෙම අපිට ඒ  හැගීම දැනේන්න ඕනි. එහෙම අපේ කම දැනෙන තැනක් ගැන තමයි අද මම ලියන්න හදන්නේ ඒ තමයි ඉබ්බන් කටුව සුසානාගාරය ......මේක මතක් වෙද්දීනම් මට වෙච්ච ඇබද්දියක් මතක් වෙනවා මම කැම්පස් ඉන්න කලේ අපේ සින්නෙක්  වැඩකරා tv channel එකක ඒක ඉන්ග්ලිෂ් එකක් ඒ අතරේ discover channel එකේ කට්ටියකට ඕනි වෙලා තිබුන මේ තියන සොහොන් බිම් ගැන film එකක් හදන්න ඒ අය මේ වැඩේ මම කිවුව කෙනාට තමයි  බාර ලංකාවේ වැඩේ බාර දීලා තිබුනේ එයාල එනකොට ඕනි දේවල් කරලා තියන්න ඒ අය කිවුව දෙයක් තමයි මේ සොහොන් බිම් ඊට පස්සේ ඊජිප්තු පිරමීඩ මේ ඔක්කොම එකම යුගයක හදපුව කියන ඒක. මේ තැන ගැන ව්ස්තර කරන්න හොද කෙනෙක් හොයල දෙන්න කියල තමයි එය   මට කිවුවේ එයලා ටිකක් අමුතු විදිහට වැඩකරන අය කොහොම හරි මේ තැන ගැන පත්තරේට ලිපි ලියපු කෙනෙක් මට හම්බ උනා

Saturday, July 7, 2012

යතිවරයාණෝ සොයා වනගත වූවෙමු

යතිවරයාණෝ සොයා වනගත වූවෙමු

අයියා අපේ ගමේ  කන්දට හාමුදුරුවෝ නමක් වැඩලා ඉන්නවා භාවනා කරන්න ඇවිත් ඉන්නේ වෙලාවක හම්බවෙන්න යනවනම් යමු ...........ඒ ආරංචිය මුලින්ම ගෙනාවේ අපේ සුගත් මල්ලි.....කොහොම
වුනත් එක ගොඩක් හොද  ආරංචියක් වුනා කිව්වොත් හරි ...........            

මට ඒ කතාව ඇහෙනකොටම මතක් වුනේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ.......භික්ෂුවකට තම මාර්ගය නිවැරදිව නිරවුල්ව ගමන් කරන්න ඕනිනම් අරණ්‍ය ගතවෙන්න...........රුක්ක මුල ගත වෙන්න ව්දිහට දේශනා කරන්න ඇත්තේ ඒක නියම මාර්ගය හින්ද වෙන්න ඇති
කෝටි ගනනක් ව්යදම් කරලා එක එක සිටුවරු,රජවරු   හදලා දුන්නු මාලිගා පවා අතහැරලා අවසානේ වනයක් වගේ වගේ තැනක් තෝරාගන්නේ තමන්ට යන්න ඕනි මාර්ගය ගැන හොද අවබෝධයක් තියෙන හින්ද කියලා මට ඒ මොහොතේම සිහිවුනා...................

Thursday, July 5, 2012

සිගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ......

           සිගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ......



අපි සිගිරියේ යමු ........යොජනාව ආවෙ හදිස්සියෙන් කාගෙන් වුනත් ඔක්කොම වැඩෙට කැමති වුනා.......බයික් ටිකත් ලැස්ති කරගත්ත අපි 6 දෙනෙක් ගමන පිටත් වෙලා සිගිරියට එනකොට හවස 4 ව්තර වුනා.........

.බයික් ටික පාර්ක් එකට දානකොටම ටිකට් පොතක් අතින් ගත්ත මල්ලි කෙනෙක් දුවගෙන ආවා.බයික් එකක් දාන්න රු100 සිගිරි ගලට යන්න රු 50 පාර්ක් එකට වැඩිය අපේ ඉතිහාසේ බාගේට බාගයක් අඩුයි...........මෙහෙම වෙන එකනම් ඇත්තටම කණගාටුයි



 එකට මිට වඩා විදිහක් තිබුනානම් හොදයි.

කොහොම හරි අපි ගලට යන්න පිටත් වුනා........ඇත්තටම සිගිරිය කියන්නෙ  ව්ශේෂ පිහිටිමක් තියන තැනක්........සිගිරි ගල මෙ ව්දිහට උස්ව පිහිටන්න බලපාපු හෙතුව මොකක්ද..........මිට අවුරුදු දහස් ගනනකට කලින් ගිනි කන්දක බලපැමක්  හින්දා මෙ ව්දිහට ඇතිවුනා කියල තමයි ව්ශ්වාස කරන්නේ..............ඒක මේ පහල පොටො එකේ තියන වගේ බලපැමක් හින්දා ඇතිවුනු එකක්..............