Sunday, March 24, 2013

අනුන්ට අදාරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න

  අනුන්ට අදාරය කරන්න  කලින් තමන්ට ආදරය කරන්න 

අද ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩි පුරම ආදරය කාටද කියලා...........ම්..........මොනවා නොකියයිද නේද?හැබැයි මේ ලෝකේ තමන් වැඩිපුරම ආදරේ කාටද?ඒ තමන්ටමයි.හිතන්න ඔබ ඉන්න තැන ගොඩනැගිල්ල  දැන් කඩා වැටෙන්න ලගයි.ඔබ ගොඩක් ආදරය කරනවා කියන කෙනත් ඔය ගොඩනැගිල්ලේම ඉන්නවා.ඔන්න දැන් ගොඩනැගිල්ල කඩා වැටෙනවා මොකද ඔබ කරන්නේ ඉස්සරලම එලියට පැන ගන්න එක නේද ?

හැබැයි එහෙම තමන්ටවත් ආදරය නොකරන මිනිස්සු ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා .හිතන්න මහ ලොකු වීරයෙක් වගේ මෝඩ පාටට සිගරට් එකක් උරන කෙනෙක් ගැන ඔහු තමන්ට විතරක් නෙමෙයි මේ සමාජෙටත් ලොකු හානියක් කරනවා ......අවසානේ ලෙඩ වෙලා රෝහලට දාන්න උනහම මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මේ අය වෙනුවෙන් වෙන් කරන්න වෙනවා........මම ඇයි මේ ගැන ලියන්න ගත්තේ FB එකේ යාලුවෙක් ෆොටෝ එකක් දාලා දුම්බොන කෙනෙක්ගෙන් ඉපදුන ළමයෙක් ගැන මෙන්න ෆොටෝ එක හිතාගන්න පුළුවන් නේද?
             

Monday, March 18, 2013

ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් මයිලත්තාව ශ්‍රී කාස්‍යපා රාමයට .................

         ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් මයිලත්තාව ශ්‍රී  කාස්‍යපා රාමයට .................

අපේ බොදු ජනයාගේ මුදුන් මල් කඩ විදිහට සලකනු ලබන මුලික ස්ථානයක් ලෙසට අපට ජය ශ්‍රී මහා බෝධිය සැලකීමට පුළුවන් .අපේ ලංකාවට බුදු දහම ලැබීමත් සමගම ලැබුණු දායාද විදිහට සලකන්න පුළුවන්
එදා මෙදා කාලයේ හැමදාමත් එකම විදිහට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම විශේෂත්වයක් .

මයිලත්තාව කියන්නේ සිගිරිය නගරයෙන් ඇතට වෙන්න තියන දුෂ්කර ගම්මානයක්...ගොවිතැන මුලික කර ගනිමින් තමන්ගේ දුෂ්කර ජීවිතය මේ අය ගෙවා දමනවා.... වල් අලි තර්ජනය මේ ගමට අලුත් දෙයක් නෙමෙයි නුගගොල්ලේ  ධිරානන්ද හාමුදුරුවෝ කියන්නේ මේ ගමේ පන්සලේ ඉන්න බොහොම උගත් තරුණ හිමි නමක්.....උන් වහන්සේ නිතරම ගමේ පන්සලේ දියුමුව ගැන නිතරම හිතනවා ඒ හින්දම තමයි.ගමේ අයට පහසුවෙන් වැදපුදා ගන්න පුළුවන් විදිහට ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ......මයිලත්තාව පන්සලට වැඩම වන්න තිරණය කරන්නේ ඒ උත්සවය පහු ගිය දා පැවැත්වුනා මේ ඒ ගැන මතක සටහන් ........තවත් බොහෝ ශාසනික සේවයක් කරන්න ඔබ වහන්සේට දිගායු ලැබේවා.................................. 


                                                                      


Wednesday, March 6, 2013

වැඩ කරන්න යනවනම් බැට කෑමට බලන් ඉදින්

    වැඩ කරන්න යනවානම් බැට කෑමට බලන් ඉදින්

මම අද ලියන පොස්ටුව වෙන් වෙන්නේ ........අපේ රටේ වැඩ කරන්ඩ යන හින්දම තමන්ට ස්ථාන මාරුවීමක්  ඇගයීමක් විදිහට  ලැබෙන පරිපාලන නිලධාරියෙක් ගැන......මේ ලිපිය කියවන ඔබ දැනට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන් නැත්තන් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්.....ඒ හැමෝටම මේක වැදගත් වෙයි කියලා මම හිතනවා....... වටේ යන්න ඕනි නෑ. අපි කෙලින්ම කතාවට බහිමු.හැම කෙනෙක්ම අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්නවා,අවසානේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනි...අපි කරන රාජකාරිය හරහා ඒ මිනිස්සුන්ට දැනෙන්න සේවයක් කරන්න.......
               

Saturday, March 2, 2013

ගෙදරින් නොදුන් නිසා පිටින් කෑම

             ගෙදරින් නොදුන් නිසා පිටින් කෑම
මගේ යහෙලියක් හිටියා පෙර  පාසල් ගුරුවරියක්  ......ටික කාලෙකින් මෙයාට ඕනි උනා රජයේ රැකියාවක් කරන්න.......අවසානේ ග්‍රාමසේවක පත් විමක් ලැබුනා ග්‍රාම සේවක කෙනෙක් කිවුවහම ඉතින් දන්නවනේ ගමේ හැම ප්‍රශ්නයක්ම එනවනේ

ඔන්න මෙයා ගිය අලුත් වැඩි අත්දැකීමකුත් නැනේ ....ගෑනු කෙනෙක් ආවා මෙයා හම්බ වෙන්න.......ඇවිත් කියනවා ......අනේ නෝනා නෝනත් ගැනු කෙනෙක් ...මම මේක කාට කියන්නද ...මගේ මිනිහා බොන්නේ නෑ......මට පාරක්වත් අතක් උස්සල ගහන්නෙත් නෑ........