අපි ඉන්නේ 21 සියවසේ නේද ,,,,එහෙමනේ කියන්නේ හරි දියුණුයි කියලා තමයි කියන්නේ එත් ඔබ අපි ජිවත් වෙන මේ ලෝකේ සම්මත කියලා හිතෙන්නේ නැති දේවල් තවත් මේ අපි ජිවත් වෙන මෙලෙනියම් ලෝකේ සිද්ද වෙනවා කිවුවොත් හරි.............
මම රස්සාවට ආපු අලුත ඒ වගේ අත්දැකීමක් මටත් ලැබුනා .......අපිට එක ග්‍රාම නිලධාරී වසමක සමික්ෂනයක් කරන්න හම්බ වුනා. ටිකක් දුර මුළු ගමේම පවුල් 350 ව්තර ඇති ගොඩක් දෙනෙක් ගොවිතැන් කරන අය මම තරංග, අමිල,තව කීප දෙනෙක් මේ ගමට ගියා නිකන් මේ වැඩේ කරන්න බෑ ගමේ ගෙයක් ගෙයක් ගානේ යන්න ඕනි.එක ලේසි නෑ හැබයි කලින් අපි මේ වැඩේ ගම් කීපයක කරලා තියෙන හින්දා එච්චර අමාරු වෙන්ඩ විදිහක් නැනේ. අපි වැඩේට බැස්සා දැන් අපි ලිස්ට් එකත් අරගෙන ගෙවල් හොයාගෙන යනවා
අපි ගොඩක් වෙලාවට කරේ ගමේ දන්නා කියන අයගෙන් හොයා ගන්න බැරි ගෙවල් අහන එක මේ ගමෙත් අපිට හොයාගන්න බැරි ගෙවල් ගැන අපි කීප දෙනෙක්ගෙන්ම ඇහුවා පුදුම වැඩක් වුනේ ඒ කියන ගෙවල් ඒ කවුරුත් දන්නේ නැ............................ සමහරු අපි නම කියල ඇහුව ගමන් කියන්නේ මුල් අකුරු මොනවද කියලා................
මේක අපිට හිතා ගන්න බැරි දෙයක් වුනා...........එහෙම කොහොම හරි ඒ අදාළ ගෙදර හොයාගත්තා කියමුකෝ ඒ ගෙදරකට යනකොට වටේ ගෙවල් වල අය අපේ දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා අපි දැක්කා ...........කොහොම හරි දවසක් කරන්න තිබුණු වැඩේට අපිට දවස් 3 විතර ගියා අවසාන මොහොතේ අපිට හිතවත් වුනු කෙනෙක් මේ ගම ගැන කියපු දේ ඇහුවම පුදුම හිතුනා
මේ ගම කුළ බෙදේ තදින් තියන ගමක්...කුල පහකට අයිති අය මේ ගමේ ඉන්නවා
බෙරකාර ගෙදර
පනික්කිය රාලලාගේ ගෙදර
සේනානායක මුදියන්සේලාගේ
අධිකාරම්ගේ
වාසල මුදලිගේ
ගොවිගම කුලය
ඔයාලා දන්නවනේ නේද ගම්වල මරණාධාර සමිති තියනවා. හැබැයි ගමකට ගොඩක් වෙලාවට තියන්නේ එකයි එත් මේ ගමේ එහෙම සමිති දෙකක් තියෙනවා එකක් කුලයෙන් උසස් අයගේ අනික පහත් අයගේ මුල් කාලේ මේ දෙගොල්ල එකට සමිතියක ඉදලා තියනවා එත් කුලයෙන් උසස් කියන අය පහත් අය කාපු බීපු පිගන් කෝප්ප වල කන්න බොන්න කැමති වෙලා නැ ..............
මොකද මල ගෙවල් වල කන්න බොන්න දෙන්නේ එකම පිගාන කෝප්ප වලනේ....එක හින්ද අර කුලයෙන් අඩුයි කියන අය ඒ සමිතියෙන් අයින් කරලා.......ඒක හින්දා ඒ අය වෙනම සමිතියක් පිහිටුවාගෙන........කාගේ හරි මල ගෙයක් වුනොත් කුලයෙන් අඩුයි කියන අය්ගේනම් වැඩ්යි කියන අය මළගෙදරට එනවා හැබැයි කන්නේ බොන්නේ නැ
කරාව කුලය
වැඩියි කියන අයගේ උනොත් පහත් කියන අය යනවා ඒ අය කන්න බොන්න ඕනි හැබයි පුටුවල ඉදගෙන නෙමෙයි පුටු තිබුනත් පැදුරේ ඉදගෙන ......................ගමේ පොදු සමිතියක් තිබුනත් එහෙම තමයි පුටු ඉතුරු වෙලා තිබුනත් ඒ අය බිම ඉද ගන්න ඕනි....ඒ ගමේ අපි යනකොට ඊට කලින් රණ්ඩුවක් වෙලා තිබුනා....කාරණය තමයි කුලයෙන් පහත් කියන කෙනෙක් ඉහල කුලයක කෙනෙකුට "අක්කා" කියලා කතා කිරීම .........අපි සමහර ගෙවල් වලට යනකොට අකමැත්තෙන් ඉදලා තියෙන්නේ ඉහල කුල කියන අය ඒ කට හේතුව තමයි වෙනත් නිලධාරින් ඒ ගෙවල් වලට යන එකට තියන අකමැත්ත ඒ මිනිස්සු හුදකලාවේ ඉන්න ඕනි කියන තීරණේ තවමත් අනිත් අය ලග තියෙනවා.ඒ වගේම පහත් කියන කුලේ අය යන පාසලට අනිත් ළමය යවන්නත් ගොඩක් අකමැතියි.පරණ පරම්පරාව පොඩි අයටත් ඒ විසබීජ පටවලා ඉවරයි ......මටනම් හිතෙන්නේ.මට මේ කුල බෙදේ ගැන කියපු කෙනේගෙන් මම ඇහුව දෙයක් තමයි අපිට රෝහලක නතර වෙලා ලේ දෙන්න වුනොත් ඒ ලේ අඩු කුලේද වැඩි කුලේද කියලා හොයාගන්නේ කොහොමද ?හොටලෙකට ගිහින් තේ එකක් බිව්වොත් ඒ කවුරු බිපු එකක්ද හොයාගන්නේ කොහොමද ඇත්තටම ඒකට එයා ලග උත්තර තිබුනේ නෑ
සලාගම කුලය
අපි කතා කරන්නේ ජාතින් අතර සමගිය නේද ?හැබැයි එකම ජාතියක අසමගිය පේනවද ?හැබැයි මම ඒ ගමේ මේ කියන දෙගොල්ලගෙම ලොකු දියුණුවක් දැක්කේ නෑ ........
ලංකාවේ පවතින කුල ක්‍රම
මේ කුල ක්‍රමය අපි අතර තියෙන්න ඕනිද?මේ ලිපිය ලියපු මගේ අදහසට වඩා මට ඔබ සැමගේ අදහස වැදගත් ඒ නිසා මේ පිළිබද ඔබේ කමෙන්ට් ඒක දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
ඕවා මිනිස්සු ඇති කරගත්ත මතවාද විතරයි. කිසි ප්‍රායෝගික බවක් එහි නැහැ. මිනිසෙක් හැටියට අපි සමාජයේ ජීවත් වෙනවනම් සැබවින්ම ඔහුව සමාජය අගය කරනවා. එහෙම නැතිව ජරා විදිහට, වැරදි වැඩ කරමින් තිරිසන් විදිහට ජීවත් වෙනවනම් ඒ කෙනා සැබවින්ම වසලයෙක්. කුලය උසස්ද පහත් ද යන්න තීරණය කරන්නේ මිනිසා කරන ක්‍රියාවන් පදනම් කරගෙනයි. ඒක තමයි නියම කුල ක්‍රමය. බුදුහාමුදුරුවොත් එහෙම තමයි දේශනා කරලා තියෙන්නේ. කුල ක්‍රමය විතරක් නොවෙයි ලෝකයේ ජීවත් වන හැම මිනිසාම එකම සත්ව කොට්ටාසයක් ඒ තමයි මනුස්ස කියන සත්ව කොට්ඨාසය. ඒ මිනිස්සු අතර ආගමික ජාතික දේශපාලනික වශයෙන් විවිධ වෙනස්කම් තිබුණට අපි හැමෝම මිනිස්සු.අන්න එක් තමයි අපි තේරුම් ගතයුත්තේ. නමුත් මේක තේරුම්ගන්න ගොඩක් අයට තවමත් බැරිවෙලා තියෙනවා.
ReplyDeleteබොහොම පින්
Deleteමම කැමතියි මේ ගැන අද්දැකීම් දෙකක් ලියන්න. ඇත්තටම තවමත් ලංකා සමාජයේ කුල ක්‍රමයේ බලපෑම ගොඩක් තියෙනවා.
ReplyDeleteමගේ විශ්ව විද්‍යාල යාලුවෙක්ට ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වුණා. මිනිහට ගොඩක් උවමනාව තිබුණා කෙල්ල එක්ක කතා කරන්න. කොහොම හරි මිනිහා කතා කරා. ඒත් මිනිහා මුලින්ම කෙල්ලගෙන් අහල තිබුණෙ නම. ඒ කියන්නේ නමෙන් කුලේ දැනගන්න. මට හිතෙනව මිනිහගේ අධ්‍යාපනෙන් වැඩක් තියෙනව ද කියල.
මගේ තවත් මිත්‍රයෙක් ඉන්නව. මිනිහා දැන් චාටර්ඩ් කරන පොරක්. මිනිහ විවාහයක් කරගන්නකොට කුලේ ගැන ටිකක් හොයනවලු. ඒත් ඉතින් ටිකේ තරම නම් දන්නනෙ නැහැ.
එහෙම උදවිය කොච්චර අධ්‍යාපනයෙන් ඉහලට ගියත් ඉතිං වැඩක් තියෙනව ද නෙ...
ජිවිතේ ගැන අබ මල් රේණුවක අවබෝධය නැති කම නේද
Deleteස්තුතියි
නියම ෙබෟද්ධ අය ?
ReplyDeleteබෞද්ධ දර්ශණය ගැන හරියට දන්නැති මිනිසුන් ගාව තමා ඔවා තාම තියෙන්නේ.......
ReplyDeleteබොහොමත්ම හොද ලිපියක්
ReplyDeleteජය
ස්තුත්යි
Deleteහැබැයි විවාහයේදි කුලේ හොයන අයට මම නම් දොසක් කියන්නෙ නෑ. ඒ වගේම මමත් අනිවාර්යෙන්ම ඒක ගැන හොයනවා. හේතුව තමයි මම විවාහ වෙන කෙනාව මගේ සමාජයේ නෑදෑයො අතර කොන් නොවිය යුතු වීම. ඒ වගේම එයාගෙ ඥාතීන් පවා අපහසුවට පත් නොවිය යුතු වීම.
ReplyDeleteකොහොම නමුත් ඔය කුල සංකල්පය මහ මෝඩ එකක්. තව දෙයක් කියන්නම්. මේ කතාව මට මතක විදිහට මම දැක්කෙ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයගෙ සටහනක. ඔය නවන්දන්න කියන්නෙ නව දේවල් නිෂ්පාදනය කරන හැකියාව ඇති මිනිස්සුන්ට. එහෙම මිනිස්සු අඩු ජාතියට දාන රටක සංවර්ධනය ගැන කවර කතාද?
ලියාගෙන යනකොට තවත් දෙයක් මතක් වුණා.. දේවි බාලිකා විදුහලේ පළමු විදුහල්පතිනිය වුණු ආචාර්ය විමලා ද සිල්වා මැතිණියගේ ස්වයං ලිඛිත චරිතාපදානය- "Those phoenix days" කියන පොතේ සලාගම කුලය පහත් කුලයක් නොවෙන බවට කරුණු දක්වලා තියෙන්වා.