Wednesday, August 22, 2012

ශ්‍රී පාද අඩවියේ හාස්කම්

                     ශ්‍රී පාද අඩවියේ හාස්කම්

ගොඩක් දෙනෙක් ශ්‍රී පාදේ කරුණා කරනවානේ නේද ?එකට ජාති බේද නෑ.හැම ජාතියකම අය ඒ ගමනට එකතු වෙනවා කිවුවොත් හරි.........අමුතුම සංස්කෘතියක් එතන තියෙනවා.හැමෝම සමගියෙන් යන ගමනක් එක.ඇත්තටම ගොඩක් හාස්කම ගැන කතාවෙන තැනක් කිවුවොත්.....ශ්‍රී පාද පත්මේ වදින්න ගොඩක් ය කාරුනා කරන්නේ රෑට. තියෙන  මහන්සිය අඩු හින්දා වෙන්න ඕනි..වලාකුළු තමන්ගේ ඇග අතරින් යනකොට දැනෙන දේනම් වචනයෙන් කියන්න බෑ.........ගොඩක් අය ශ්‍රී පාදේ කාරුනා කරලා ඉර සේවෙත් බලලා ඉක්මනට පහලට බහිනවා එකක් උඩ ඉඩ අඩුකම අනික අනිත් ආපු නඩේ පිටත් වෙන හින්දා.....
               
                         
දැනට ටික කාලෙකට කලින් මට ශ්‍රී පාදේ පත්මේ දවස් 7 ඉන්න අවස්ථාවක් ලැබුනා......එහෙම උනේ මාධ්‍ය වැඩකට යන්න ලැබුණු හින්දා තව  කණ්ඩායමක් හිටියා......ශ්‍රී පාද පත්මේ කියන්නේ අපුරුම තැනක් ඒ තැන කාලගුණය වෙනස් වෙන්නේ විනාඩි කීපයක ඇතුලත වෙලාවකට වහිනවා එත් එක්කම ඉර පායනවා....මිදුම ආවම ලග ඉන්න කෙනාවත් පෙන්නේ නෑ.....

                                           
අපිට ඉන්න ලැබුනේ පත්මේ ලගම තියන කාමරයක්......උදේ කෑම ලැබුණු ගමන් කන්න ඕනි නැත්තන් කනවා බොරු .......එක මීයෙක් කිලෝ එකක් විතර ඇති පුදුම විදිහට ඉන්නේ හැබැයි එකෙකුටවත් ගැහුවොත් රංචු පිටින් එන්නේ ඒ ඇයි කියන්න දන්නේ නෑ.......තවත් පුදුම විදිහේ කතා ගොඩක් අහන්න ලැබුනා........
                                               
හොදම දේ උනේ අපි අපහු එනකොට....වැඩ ටික ඉවරවෙලා පිටත් වෙන්න කලින් අපි සමන් දෙවියන්ගේ පිළිරුව ගාවට ගහින් වෙනම යතිකාවක් එහෙම කරගෙන හැමෝටම ආශීර්වාද අරගෙන පිටත් වුනා හැබැයි මේ දේවල් බොහොම අව්තක්සේරුවෙන් බලපු කෙනෙක් අපි අතර හිටියා ....
                                                  
.එහෙම කියපු එයා කිවුවේ සමන් දෙවියන්ට වැදලා යහතින් යන්න පුලුවන්නම් කියක් හරි දුන්නොත් පල්ලෙහටම ගහිල්ල දායිනේ කියලා.......අපි අපහු එන්න පිටත් වුනා එයාට එන්න ලැබුනේ මහා ගිරි දබේ හරියට විතරයි....කකුල් දෙක ලොක් වුනා වගේ කියලා ඉදගත්තා එත ඉදන් අපිට උස්සගෙන එන්න තමයි වුනේ පල්ලෙහට එනකොට හොදටම බයවෙලා වගේ ඇයි දන්නේ නෑ......ඒ ගතිය සතියක් යනකම් අරුනේනම් නෑ
                                                    

8 comments:

  1. හ්ම්ම්..හාස්කම් තියෙන්න පුළුවනි එහෙම.ඔබ කියුවා වගේ කතා මමත් අසා තියෙනවා සහෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එක පුදුම තැනක්

      Delete
  2. ශ්‍රී පාදේ ගිහින් කට වරද්දා ගත්තොත් සොරිම තමා.

    ReplyDelete
    Replies
    1. එහෙම අත්ට්දකින්නම් ගොඩක තියෙනවා

      Delete
  3. දීර්ඝ කාලයක් තිස්සේ මහජනතාවගේ වන්දනාවට ලක්වුණු මේ ස්ථානවල අරුම පුදුම බලයක් එකතු වෙලා තියෙන්නේ. ඒක නිසා තමන් විශ්වාස නොකිරීම වෙනම දෙයක්. ඒවාට ගරහන්න යන්න හොඳ නැහැ

    ReplyDelete
  4. කට වරද්දාගෙන නොගියත් කකුල් ලොක් වෙන අය බොහොමයි.
    අපි හිත යටින් බයයිනේ. ඒ හන්ද අනං මනං කියන නැතුව ගියොත් හොදයි.
    මාව සමන් දෙවියෝ රැවට්ටුවේ පහ වසරේදී, එදා ඉදන් බැන බැන යන්නෙ ඒ නිසා මට සිරිපාදේ යනකොට කචල් ගිහින් නෑ. නමුත් දැන් නම් බනින්නේ නෑ මොකද සුනාමි ආපු දවසේ ගාලු යන්න තිබුනත් අන්තිමට සිරිපාදේ ගියා.

    ReplyDelete
    Replies
    1. අපිට අපේ ජිවිතේ ගැන තීරණ ගන්න amarui හැම දේම ගැන

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි