සෙනේ නැත නිම්මා -සොයයි පුතුනේ නුබේ අම්මා
මගේ ජීවිතේට ලැබුණු සමහර අත්දැකීම් වලින් ගොඩක් ඒවා මගේ ජිවිත කාලෙටම අමතක වන්නේ නැති ඒවා ......ඇතැම් ඒවා ඒ තරමටම සංවේදී කිවුවොත් හරි .....මේකත් එහෙම එකක් මම ඒ වෙනකොට අග නගරෙට වෙලා ඉගෙන ගන්න කාලේ ......
.
අග නගරේ කියන්නනේ පුදුම විදිහේ අත්දැකීම් ලැබෙන තැනක්නේ. හොද නරක දෙකම එකේ තියෙනවා ..ඒ කාලේ මම බෝඩින් වෙලා හිටියේ කොහොම හරි මගේ බෝඩිමට ලග වැඩිහිටි නිවාසයක් තිබුන...
සමහර වැඩිහිටි අය එතනට ඇවිත් තිබුනේ තමන් හදාවඩා ගත්ත දරුවෝ ඉන්නවා එත් ඒ අය සලකන්නේ නැතුව .....සමහරු හොද ජොබ් කරපු අය, ඒ අයට ළමයි හිටියේ නැ.....ඉතින් දෙන්නාම ඇවිත් මේ නිවාසේ ගෙයක් කුලියට අරගෙන ඉන්නවා හොදට සල්ලි තියෙනවා වුනත් තමන්ට ලෙඩක් දුකක් හැදුනම බලන්න කෙනෙක් නැනේ .....