Friday, December 28, 2012

නිල් චිත්‍රපට නළු නිළියන්ගේ ජිවිතේ අවසාන සමය පුළුල්ව සිතන්නට

නිල් චිත්‍රපට නළු නිළියන්ගේ ජිවිතේ අවසාන සමය පුළුල්ව සිතන්නට

කොහොමද ඔයාලට ලෝකේ විනාශ වුනාද අපිටනම් නෑ......හැබැයි ලෝකේ ගොඩක් දෙනා කාලෙකට පස්සේ හොද ලණුවක් කෑවා....හරි එක දැන් ඉවරනේ......මම පහු ගිය දවස් වල හරස් පාරේ ලිපි පෙලක් ලිවුවා ඒ වෙන මොනවත් ගැන නෙමෙයි නිල් චිත්‍රපට ගැන.......මම හැම වෙලේම හිතුව දෙයක් තමයි අපේ අයට මේ ගැන හරි අවබෝධයක් ඇතුව කරන දේවල් නෙමෙයි කියන එක .....ඊයේ වෙනකොට අපේ රට තවත් ලෝක වාර්තාවක් තිබබා....ඒ තමයි ගුගල් සෙවුම් යන්ත්‍රයේ සෙක්ස් කියන වචනේ වැඩිම වාර ගනනාවක් යොදලා සර්ච් කරන රටවල් අතරට ලංකාව ආපු එක.....
                 

Tuesday, December 4, 2012

සීගිරිය මතු පරපුරටත් දායාද කරමුද?

සීගිරිය මතු පරපුරටත් දායාද කරමුද?
අපේ රටේ අපේ කම කියන දේ ලෝකෙට පෙන්නන්න අපේ රටේ ගොඩක් තැන් තියෙනවා .....ඒ අතරින් සිගිරිය කියන්නේ තවමත් අපේ කම අපේ ඉතිහාසේ ලෝකෙට එලි නොකරපු තවත් මහ ගොඩක් දේවල් දරාගෙන ඉන්න තැනක් විදිහට අපිට හදුනා ගන්ඩ පුළුවන් . ඒත් පහු ගිය දවසක සිගිරිය සිංහ පාදෙට අකුණක් වැදුනා.එකෙන් සිංහ පාදෙට හානි උනා ඒ විතරක් නෙමෙයි....දැන් ටික ටික සීගිරියේ තියන ඇතැම් ස්ථාන සෝදා යාමේ අවධානමක් ඇති වෙලා......ඒ හින්දම සිංහ පාදේ විතරක් නෙමෙයි ඒ අවට සෝදා පාළුව වලක්වන්න ගඩොල් 50000 සිගිරිය ගල මුදුනට ගෙනියන්න...සිද්ධ වෙලා එක හිතන තරම් ලේසි වැඩක්නම් නෙමෙයි රජෝ.......ඒකට  ගොඩක් මිනිස් ශ්‍රමය ඕනි වෙනවා ......ඒ හින්දම රන්ගිරි දඹුලු උපාධිධාරී සංගමය විදිහට දඹුල්ල .ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවය කරන සියලුම දෙනා මේකට එකතු උනා මේ පිරිස එකතු කරන්න කැප වුනු කෙනෙක් ඉන්නවා .ඒ දඹුල්ල ආසන සංවිධායක තුමන් වන ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආදරණිය පුත් පළාත් සභා මන්තී‍්‍ර ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මේ කටයුත්ත සංවිධාන කරන්න ලොකු කැපවීමක් කරා උගත් රට ගැන හිතන කෙනෙක් විදිහට රටේ සම්පත් ගැන මේ විදිහට හිත එක ගැන අපි සතුටු විය යුතුයි.ටි.බි තෙන්නකෝන් පදනම මුල් කරගනිමින් එදා සහභාගී වූ සැමට අවශ්‍ය සියල්ල සැපයුවා.එය අගය කලයුතුයි මේ වැඩේ ඉවර වෙනකන් එතුමා අපිත් එක්ක හරි හරියට මහන්සි උනේ අනිත් හැමෝටම ආදර්ශයක් දෙමින් වීම විශේෂයි

                                            සිංහ පාදය