Tuesday, August 14, 2012

ගීතයකට අරුතක් සොයා..............

              ගීතයකට අරුතක් සොයා...............

සංගීතයට කවුද අකමැති  නේද ?ඒ තරමට සංගීතය මිනිස් සිත් එක්ක බැදිලා තියෙනවා .හැබැයි අද තියෙන බහුතරයක් ගීත දිහා බැලුවාහම එහෙම ආත්මීය බැදීමක් ඇති කරගන්න පුලුවන්ද කියලා හිතෙනවා .මොකද සමහර ගීත වලින් කියවෙන්නේ මොකක්ද කියන එක අහන  අපි විතරක් නෙමෙයි එක කියන කෙනාවත් ලියපු කෙනාවත් දන්නේ නෑ,,,,,,,මහා ගෝසාවක් විතරයි ඇහෙන්නේ.......මනස කෙසේවෙතත් මුළු ඔළුවම අවසානේ අවුල් වෙනවා.........ගීතයට මිනිස් මනස සන්සුන් කරනවා වගේම දරුණු කරන්නත් පුළුවන් එක අද ඔප්පු වෙලා ඉවරයිනේ නේද......
                          
                                
ගීතයක් විතරක් නෙමෙයි ඕනිම දෙයක් බිහිවෙන්න වස්තු බිජයක් තියෙන්න ඕනි ......පහු ගියදා රසාස්වාද  වැඩසටහනක් තිබ්බනේ.......එකේදී කියැවුණු ගීතයක් ලියවෙන්න බලපාපු හේතුව මොකක්ද කියලා රත්නත් ශ්‍රී මහතා මෙහෙම කිවුවා ඇත්තටම එකට හේතුව දැනගත්තම ඒ ගිතෙ ගැන මට පුදුම සංවේදී බවක් ඇති වුනා 

එදා ඒ මහතා කිවුව විදිහටම මම එකේ තේරුම කියන්නම්

මට ඒ වෙනකොට මොනරාගල පැත්තට මාරුවක් ලැබිලා තිබුනේ ගුරුවරයෙක් විදිහට මට ඒ පළාතේ දුෂ්කර පාසලක දරුවන්ට උගන්වන්න ලැබුනා මගේ පන්තියේ හිටියා දක්ෂ ගෑනු දරුවෙක් හත වසරේ........මේ ළමය පාසල් එන්නේ දවසක් ඈර දවසක් වගේ මම මේ ගැන හොයලා බැලුවා..මේ ළමයට තාත්තා නැ ඉන්නේ අම්මා විතරයි අම්මත් කාස රෝගේ හැදිලා ලෙඩ ඇදෙ ඉන්නේ  මේ ළමයා තමයි මේ අම්මත් ජිවත් කරවන්නේ ඒ මල් කඩල ඒ පැත්තේ තියෙන දෙමටමල් විහාරේ වදින්න එන අයට විකුණලා......ඒ පැත්තේ තිබුනේ පොඩි වැවු වලින් තමයි මේ දරුවා මල කඩාගෙන යන්නේ.....දවසක් ඉස්කෝලේ එනවා අනිත් දවස් වලට මල කඩලා විකුනනවා...........එක දවසක් හවසක මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා දන්නා කියන අය මේ දරුවා ගැන හොයලා බලනවා එහෙම බලනකොට පහුවද උදේ වැවු ඉවුරකට මේ ළමයාගේ මිය ගිය සිරුර ගොඩ ගහල තියෙනවා 


ළමයා වැවේ ගිලිලා මැරිලා.....මෙලමයාගේ මිනිය තියන්න ගෙදර ඉඩ මදි ඒ හින්දා....එළියේ පොඩි පොල් අත්තක් එල්ලලා එතන මිනිය තියෙනවා මිනියට අන්දලා තියෙන්නේ ඉස්කෝලෙට ඇදපු ඒ ගවුම විතරයි.....මේ මල ගෙදර කටයුතු එහෙම ඉවර වෙනවා....රත්නත් ශ්‍රී මහතා මේක පද වැලක් විදිහට දිනපොතේ ලියා ගන්නවා ඊට අවුරුදු 10 පස්සේ ඔහු මේ ගීතය අමරදේවයන් ලවා ගායනා කරනවා B.M.C.H.I එකේදී එදා එක බලන්න ආපු සෙනග හැමෝම මේ ගීතේ ගයනා කරලා ඉවර වෙනකොට අඩනවා ඔහුට දැනෙන්නේ ඒ මළගම නැවත වුනා වගේ හැගීමක්.....මේ ගීතයේ කොතනකවත් ළමයෙක් ගැනවත්.මැරුණු ගැනවත් සදහන් වෙන්නේ නෑ...බලන්න ඔයාලටත් එහෙම සංවේදී බවක් දැනෙනවද කියලා 

ගීතය පහල ලින්ක් එකෙන් බලන්න 


                                                        

1 comment:

  1. ලස්සන ගීතයක්. ඒ ගැන මම ලිව්ව කතාව මෙන්න ....

    http://aagiyakatha.blogspot.com/2011/11/blog-post_26.html

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි