Thursday, August 16, 2012

කාම අපරාධ රැල්ලේ නඩුවක් විසදු හැටි

            කාම අපරාධ   රැල්ලේ නඩුවක් විසදු හැටි
මේ දවස් වල ප්‍රසිද්ද වැඩ වෙනවනේ නේද ?ළමා දුෂණ අතින් නම් ලංකාව කප් එක ගහයි. එක අපිට හොද දෙයක්නම් නෙමෙයි කොහොමත්.......එහෙම නඩුවක් ලැබුණු වෙලාවක විත්තිය වෙනුවෙන් පෙනී හිටපු ලෝයර් නඩුවේ වැරදි කාරයා වෙනුවෙන් පෙනී හිටපු විදිහ තමයි මේ
                                         
එක දවසක් මිනිසෙක් කැලේ ඇවිදිමින් සිටින අතරතුර ඔහුට මුණ ගැසුනේ කුඩා ගෙම්බෙකි....
මමත් එන්නද ඔබත් සමග ඇවිදින්න ගෙම්බා ඇසුවේය....ප්‍රශ්ණයක් නෑ...............මිනිසා පිළිතුරු දුන්නේය 
ටික වෙලාවකට පසු මිනිසා පෙරලා ගෙදර යාමට සැරසුණි
මමත් එන්නද ?ගෙම්බා විමසිය කමක් නෑ මිනිසා උත්තර දුන්නේය 
තම නිවස වෙත පැමිණි මිනිසා ගෙම්බාගෙන් සමුගැනීමට උත්සහ කලත් ගෙම්බා ඇසුවේ තමාටත් ඔහු සමග රාත්‍රී ආහාරයට වාඩි විය හැකිද කියාය.තරමක් පුදුමයට පත් වූ නමුදු ගෙම්බාට අපහාසයක් වේ යයි සිතු මිනිසා ප්‍රශ්නයක් නෑ එහෙනම් ඇවිත් රෑ කෑමට වාඩි වෙන්න යයි පැවසිය 

රාත්‍රී අහාරයෙන් පසු මිනිසාට නිදා ගැනීමට උවමනා විය ඔහු ගෙම්බාට කිවේ දැන් රෑ බෝ වී ඇති බැවින් කැලයට යන ලෙසය නමුත් ගෙම්බා තමන්ට මේ රෑආපසු යාමට නොහැකි බැවින් රාත්‍රිය මිනිසාගේ නිවසේ ගත කරන්නදැයි විමසිය මෙම ඉල්ලීමෙන් මිනිසා කලබලයට පත් වුවත් වෙන කරන්නට දෙයක් නොමැති තැන එයට එකග විය 

මිනිසා නිදි ඇදට නැගුනු විට ගෙම්බාද එයට ගොඩවී මෙසේ පැවසිය මට ගුඩ් නයිට් කිස් එකක් දෙන්නේ නැද්ද ?සමහරවිට මිනිසා ගෙම්බාගේ බන්දනයට අසුවී සිටියා විය හැකිය ඔහු ගෙම්බා සිප ගත්තේය 
                                      
ඒ සමගම ගෙම්බා අවුරුදු 16 වයසැති තරුණියක් බවට පත් වුවාය ....විත්තිය වෙනුවෙන් කල නිදහසට කරුණු දැක්වීමේ සරංසය එපමණයි ස්වාමිනි බාල වයස්කාර දැරියක් දුසනය කිරීමේ වරදට චෝදනාවට ලක්ව සිටි මිනිසා වෙනුවෙන් පෙනී සිටි ලෝයර් පැවසිය  

7 comments:

  1. හික්ස් බලන් ගියාම වැරදි ගෙම්බානේ

    ReplyDelete
    Replies
    1. ඔව් ගෙම්බා තමයි මොකද මෙතන පොඩි සතා ගෙම්බනේ

      Delete
  2. මලා... අවුරුදු 16ක ගෑනු දරුවෙක්........?

    ReplyDelete
  3. ගෙම්බෙක් කල හදියක්.

    ReplyDelete
  4. සමබිම පත්තරේ තිබ්බ ලියුමක් නේද?

    ReplyDelete
  5. ගෙම්බෝ තමා ගෙම්බෝ. අපි නොදන්න Live programme එකේ ගියා ඔහොම කතා කරන ගෙම්බෙක් ගැන කතාවක්. ඒ ගෙම්බා කියනවා රාජ කුමාරියක්ගෙන් හාද්දක් හම්බුණොත් තමන්ට ආයි මනුස්සයෙක් වෙන්න පුලුවන් කියලා. ඒත් ගෙම්බා හොයාගන්න මනුස්සයා ඒවා අහන්නේ නැතුව "කතා කරන ගෙම්බාව" පොළවල් ගානේ අරගෙන ගිහින් ගාණක් හොයාගන්නවා :D

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි