Monday, August 6, 2012

මහළු මවට කන් දුන් අලි රංචුව-අලි කතා03

    මහළු මවට කන් දුන් අලි රංචුව-අලි කතා03 

මේ කතා ඇහෙනකොට පුදුම හිතෙන්න පුළුවන්..මේවා ඇත්තටම වුනාද නැත්තන් බොරුද කියලා.....එත් මේවා ඇත්තටම මේ අවට සිද්ද වුනු කතා....මේකත් ඒ වගේ එකක්. සිද්දවුනේ නිකවැරටිය පැත්තේ....ඒ පැති වල අලි ඉන්නේ රංචු පිටින්...හැබැයි කරන විනාසේ වෙනසක් නෑ ..හේන් ගොවිතැන් කරන හේනකට පැන්නොත් ඉතින් මුළු හේනම...ඉවරයි.....
මේ කතාව සිද්ද වෙනකොට මේ පැතිවල කුබුරු කැපෙන කාලේ....වී වලට කොහොමත් අලි කැමතිනේ අහු වුනොත් ගෝනිය පිටින්ම තමයි අරගෙන යන්නේ.....ඒ තරමට කැමතියි 
                                    
               
             
මම කියන මේ ගෙදර හිටියේ වයසක දෙන්නක් විතරයි.....මේ දෙන්න පොඩි පෑලක් හදාගෙන එකේ ජිවත් වුනා......දෙන්නට පොඩි කුබුරු කෑල්ලක් තිබුනා.....හැබැයි ඒක අදේට දීලා තිබුනේ මොකද වැඩ කරන්න අමාරු හින්දා.....මේ කියන දවසේ කුබුරු කපල අදේට ලැබුණු වී ගෙදර ගෙනත් වට පිලේ ගෝනි වලට දාලා ගොඩ ගහලා තිබුනා වී උර දෙකයි තිබුනේ......කොහොම හරි එදා රැ මේ ඉඩමට අලි ආවා..වී ගෝනි දෙක අරගන්න ශබ්දේ ඇහුනු අර අම්මා මෙහෙම කිවුවා අනේ මුත්තේ ඔය ගෝනි දෙක විතරයි අපිට කෑමට තිබුනේ එකත් ඇරගෙන ගියාම අපි දෙන්නා කැද උගුරක්‌ වත්  හදාගෙන බොන්නේ කොහොමද කියලා ගේ ඇතුලේ ඉදන්ම කිවුවා.....

ඒ පැත්තේ ගෙවල් වල අලින්ට අලි කියලා කියන්නේ නෑ ....මුත්තා.මහත්තෝ.ලොකු සත්තු කියලා වගේ නම් වලින් තමයි කතා කරන්නේ.......කොහොම හරි ශබ්දේ නැතුව ගියා.පැය 2 විතර පස්සේ ආයමත්  වට පිලේ මොනවා හරි ගෙනත් අතාරින ශබ්දේ ඇහිලා තියෙනවා.ඒත් දොරණං ඇරලා නෑ....

උදේ බලනකොට වී ගෝනි 2 වෙනුවට ගෝනි 15 ගෙනත් දාලා..හොයලා බලනකොට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි අලීම තමයි.....

                                     
වී ගෙනත් තිබුනේ පාර අයිනේ තිබුණු මුදලාලි කෙනෙකුගේ වී ගබඩාව කඩලා.....කොහොම හරි ගෝනියක්  හිල් වෙලා වී මග දිගට වැටිලා.මේ පාර දිගේ හොයාගෙන ආපු මුදලාලි ආපහු අර මහළු දෙන්නගේ ගෙදරට ගෙනත් දාලා තිබුණු වී ගෝනි ටික ඇරගෙන ගියා....වී ගබඩාවට අල්ලලා තිබුනේ මුදලාලිගේ කඩේ. එදා රැ ඒ අලි කඩේ කැඩුවා....විතරක් නෙමෙයි අයමත් මුදලාලි කඩේ ඇරපු හැම පාරම කඩේ කැඩුවා...මේ සිදුවීම වෙලා දැන් අවුරුදු 10 විතර වෙනවා අදටත් කඩේ වහල තියෙන්නේ මොකද කඩේ ඇරියොත් කොහේ හරි ඉන්න අලි ඇවිත් මේ කඩේ කඩනවා...ඒක අදටත් එහෙම තමයි......මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?


1 comment:

  1. අලින්ට මිනිස්සුන්ට වඩා හදවතක් තියනවා කියල හිතෙනවා මට නම්..

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි