Saturday, August 4, 2012

කරුමයට ඉඩ දී ගැහැණිය අත්හැර දැමු අලියා-අලි කතා 02

කරුමයට ඉඩ දී ගැහැණිය අත්හැර දැමු අලියා-අලි කතා 02

අලි කරපු දේවල් ගැන මම මුලින් කතාවක් ලිවුවනේ ඇත්තටම මේ  කතා සිද්දවුනු ඒවා......අද මම ලියන කතාවත් ඒ වගේ එකක්....සිද්ද වුනේ පලුටාව පැත්තේ....ඒක ගැනු කෙනෙක් හිටියා. මේ ගැනු කෙනාගේ මුණ බලන්න බැ ඒ තරමට විරූපී වෙලා තිබුනේ, ළමයි දෙන්නක් හිටියා. ඉස්කෝලේ යන වයසේ ඒ ළමයි වත් තමන්ගේ අම්මා ලගට කිට්ටු වුනේ නෑ, බයට. සැමියා කරේ ගොවිතැන් වැඩ....දවසක් මේ දෙන්නා ගෙදර රණ්ඩු වුනා සැමියා බය කරන්න හිතපු මේ ගැනු කෙනා කරේ ගිනි තියා ගන්නවා කියලා සැමියා බය කරන්න හිතාගෙන......ඇගට ලාම්පු තෙල් වත් කරගත්ත ඒක.....බය කරන්න කරාට ඇත්තටම ඇගට ගිනි ගත්තා......
                       
           
අවසානේ ජිවිතෙනම් බේරුනා එත් ඇග පිච්චිලා හින්ද විරූපී වුනා ඇස්දෙක එලියට ඇවිත් තිබුනේ.....ඔහොම අවුරුදු ගානක් ගියා.....මේ දවස් වල මේ පැත්තේ මිනීමරු අලියෙක හිටියා....මිනිස්සුන්ට මග යන්න බැ...එලවාගෙන එනවා..මිනිස්සු මරන්න පුරුදු වෙලා......මේ දවස පොද වැස්ස තිබුණු දවසක්.....එදා මේ අලියා මම කියන මේ ගැනු කෙනා හිටපු වත්තට ආවා.....


                                      
හැබැයි මම කියන  මේ කතාවේ ඉන්න ගැනු කෙනා එදා පිච්චුනට පස්සේ ඉදන් කවදාවත් ගේ ඇතුලේ නිදාගත්තේ නෑ...එකට හේතුව ළමයි මෙයාට බය හින්දා...එළියේ ලොකුවට තිබුණු වට පිලේ තමයි නිදගත්තේ වට පිල ලගට ආපු මේ අලියා...හෙමිහිට අර වටපිලේ හිටපු ගැනු කෙනාව හොඩේට පටලවාගෙන අරගෙන තියනවා....එටකොට තමයි මේ ගැනු කෙනාට ඇහැරිලා තියෙන්නේ දැන් ඉතින් මොනවා කරන්නද මේ ගැනු කෙනා කරබාගෙන ඉදලා...ඇතුලේ හිටපු සැමියා හිතලා තියෙන්නේ දැන්නම් මොකුත් කරන්න වෙන්නේ නැ කියලා.අලියා ගැනු කෙනාව 100 මිටර් විතර අරගෙන ගිහිල්ලා හිමිට ගේට්ටුව ලගින් තියලා යන්න ගහිල්ලා.....ගැනු කෙනාට සිරිමක්වත් නෑ.......ඒ අලියාට අහුවෙලා බේරුණු එකම කෙනා එයා විතරයි 

2 comments:

  1. :) සමහරවිට ගිය ආත්මේ තිබුන බැඳීමක් නිසා වෙන්නත් පුළුවන්! :)

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි