Wednesday, August 1, 2012

දරු සුරතල් බැලු අලි දොස්තර-අලි කතා 01

                දරු සුරතල් බැලු අලි දොස්තර 

                                     
මේ දවස් වල උණ හැදිලා ගෙදරට වෙලා ඉන්නේ. ඕනි නෑ ඉතින් සංසාරේ........කන්නත් බෑ ඉන්නත් බෑ...දන්නවනේ ඉතින් නේද? ඔය අතරේ තමයි අපේ පැත්තේ වුනු අලි ගැන කතා ටිකක් මතක් වුනේ අලි කිවුවම මතක් වෙන්නේ අලි මිනිස් ගැටුමනේ නේද?ඒක හරිම ගැටලුවක් වෙලා තියෙන්නේ....කොහොම නමුත් දැන් අලි ගහනය අඩු වෙලා කිවුවොත් හරි....ගොඩක් දෙනෙක් කියන්නේ අලින්ට අයිති පැති එලි කරලා මිනිස්සු ගෙවල් හදලා හින්ද මේ ගැටලුව ඇති උනා කියලා........මොකද අලි කියන්නේ ජාන අනුවම මේ අලි නිතරම තමන් කලින් පරම්පරා ගියපු පාරවල් වලම යනවා කියලා.ඒතකොට ඒ පාරවල් හරස් කරලා මිනිස්සු ගෙවල් හැදුවොත් මොනවද වෙන්නේ ගැටුමක් නේද.....


කොහොමත් අලියන්ට කොල්ලන්ට නලියන්ටමයි හිත කියලා කියමනකුත් තියනවානේ නේද?සමහර පොඩි අයට කියන්නේ අලියට වගේ ඇග තිබුනට මොලය නෑ කියලා ඇත්තටම මොලේ නෙමෙයි බුධ්දිය නේද නැත්තේ 
 කොහොම උනත් අපි ඉන්න පැත්තට අලි එන්නේ නැති උනාට අවට ගම්මාන වලට එනවා ඒ වෙලාවට වුනු රස කතා කීපයක් තියෙනවා ඒ ගැන ටිකක් ලියන්න තමයි මේ සුදානම ඇත්තටම අලි මිනිස්සුන්ට අකාරුණිකද?කොහොම උනත් අලින්ගේ පිටේ ගැනු අය ගෙනියන්නේ නෑ එකට හේතුව දෙවියන් අලින්ගේ පිටේ වැඩම කරනවා කියලා මතයක්  තියන හින්ද 
                                   
                                 
කොහොම නමුත් මම මේ කියන්න යන පළමු කතාව වුනේ හබරණ පාරේ ටික කලකට කලින් ඒ පාර කැලෑ පාර වෙලාවක් කලාවක් නැ අලි පාර හරහා මාරු වෙනවා. දවසක් ගැබිණි කෙනෙක් මොට බයික් එකක තියාගත්ත එයාගේ සැමියා ක්ලිනික් යන්න හිතාගෙන පිටත් වෙලා තියෙනෙවා. දැන් මෙයාට ඊළගට හම්බවෙන්නේ කැලෑ පාර ටික දුරයි අවේ අලියා පැන්නා පාරට සමහර කාල තියෙනවා මිනීමරු අලි ඉන්න කාල ඒ කියන්නේ ගොඩක් මිනිස්සු මරලා පුරුදු වෙලා 
දැන් මොකද කරන්නේ මේ මනුස්සයා කලබල වුනු පාරට බයික් එකනම් පෙරේලුනේ නෑ හැබැයි අර ගැනු කෙනා පාර මැද බිමට වැටුනා දැන් කරන්න දේකුත් නැනේ නේද?මනුස්සයා වේගෙන් බයික් ඒක පැදගෙන ගියේ සිගීරිය හමුදා කදවුරට.............ගැනු කෙනා බිම වැටුණු පාරට කලන්තේ හදුනා......මනුස්සයා හිතුවේ ගෑනු කෙනා දැන් මරලම ඇති කියලා හමුදාව අපහු එනකොට දැකපු දේ පුදුම හිතන දෙයක් අලියා ගැනු කෙනාගේ ඔලුව ලගින ඉදගන්නවා හෝඩවැල බඩට තියලා ටිකක් බලනවා අයෙමත් පැද්දීලා නැගිටිනවා........කකුල් පැත්තට යනවා අර විදිහටම ඉදගෙන කරනවා ආයමත් අනිත් පැත්තට යනවා 
අහසට වෙඩි තියලා හමුදාව අලියනම් එලෙවුවා ඒ අර ගෑනු කෙනාට පොඩි හානියක්වත් වෙලා නෑ ක්ලිනික් යාම කෙසේ වෙතත් ඒ ගෑනු කෙනා රෝහල් ගත කරලා..........ඒ සතියක් යනකොට පුතෙක් හම්බ වෙලා.........මේක අහන ගොඩක් අය කියන්නේ ඒක ළමයාගේ වාසනාව කියලා ඔයාලා හිතන්නේ මොකක්ද?............................................

11 comments:

  1. ponz mahathmayek tama byck eka elawala tiyenne kiyanna puluwan sure ekatama

    ReplyDelete
  2. ළමයගෙත් වාසනාව. මිනිස්සුන්ට ත් නැති ගති පිහිටලා තියන සතෙක්..

    ReplyDelete
    Replies
    1. ඔව් තවත් හිට්ඨාන්න බැරි කතා වගයක් තියෙනවා

      Delete
  3. හ්ම්ම්..ළමයාගේ වාසනාව තමා..

    ReplyDelete
  4. ඉක්මණින් නීරෝගි සුව පතනවා යාලුවා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා

      Delete
  5. මම පත්තරේක දැක්කා බීලා වෙරි වෙච්ච ඇත් ගොව්වෙක් පාරේ වැටිලා ඉඳිද්දී අලියා ඒ මනුස්සයව ආරක්ෂා කරගෙන හිටපු හැටි.

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තු ගාව තියන ගතිගුණ මැකෙන්නේ නැ කවදාවත්

      Delete
  6. මනුස්සයාට තිබ්බා කෑගහලා මැරෙන්න හරි අලියා ඉස්සරහට පැනලා ගෑනිව බේරගන්න....

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි