Saturday, July 13, 2013

පර්දාවෙන් වැසුනු සදවතිය

                   පර්දාවෙන් වැසුනු සදවතිය

ජීවිතය කියන්නේ මොන තරම් සුන්දර දෙයක්ද? සමහරු ජීවිතය දකින්නේ විදවන දෙයක් විදිහට එත් සමහරු ඒක බොහොම සතුටු දායක දෙයක් කරගෙන ඉවරයි.....මම මුලින්ම  කියන්න ඕනි දේ තමයි මේක කාටවත් අපහාසයක් නෙමෙයි කියන එක මේකේ තීරකයා වෙන්න ඕනි කියවන ඔබ...........

නමින් ඇය අලීසා නමින් හිතාගන්න පුළුවන් නේද ඇය අයිති කොහාටද කියලා එයා මුස්ලිම් තරුණියක්.....එක පාරක් දැක්කම දෙපාරක් දකින්න  හිතෙන අලීසා මට මුණ ගැහෙන්නේ මාදුරු ඔය යුධ හමුදා පුහුණු පාසලේදී, ඒ නායකත්ව පුහුණුවට සම්බන්ධ වුනු වෙලේ..........මේ පුහුණුව පුහුණු  වට තුනක්ම,,,,,,
                                           


                                 

තිබුනත් ඒ තුනටම  ගියපු නැති අය තමයි මේකට  ඇවිල්ල හිටියේ. එකක් මේ පුහුණුවට තියන අකැමත්ත වගේම වෙනත් පෞද්ගලික හේතු කිවුවොත් හරි........හැබැයි මම මේ කියන කෙනා පුහුණුවට අවස්ථා තුනේම ඇවිත් තිබුනේ නැත්තේ එයාලගේ පවුල්  රාමුව ඇතුලේ ඉඩක් නොලැබීම. එකේ ප්‍රතිපලයක් විදිහට අවසානේ රැකියාව නැති වෙයි කියන බය දැනෙන ඇය මේ පුහුණුවට එන්න අවස්ථාව උදා කරගන්නවා.

පුහුණුව දවස් 14 ඒ කියන්නේ සති දෙකක් මේ සති දෙක ගෙවාගන්න දින එකම දවසට තුන් හතර පාර ගණන් කරපු අය හිටියා.වෙලාවට නැගිටින්න ඕනි වෙලාවට නිදාගන්න ඕනි, වෙලාවට හැමදේම ඒ කියන්නේ එකම රාමුවක්........ඒ රාමුව ඇතුලේ ජිවත් වෙන්න ගොඩක් දෙනෙක් අකමැති උනා .හැබැයි ඒ රාමු ගත උණු දේ උපරිම නිදහස කියන එක තමයි කියන එක තේරුම් ගත්ත කෙනෙක් හිට්යා... ඒ අලීසා, ඒ කියන්නේ එයාගේ සාමන්‍ය ලෝකේ හිරගේයක්ද?අනිත් අය නිහඩව ඉන්න වෙලාවක අලීසා මහ හයියෙන් කෑ ගහල සින්දු කිවුවා.දවස් 14 ඉවර වෙලා අපහු යන්න දින ලං වෙලා යන්න පිටත් උණු වෙලවේ අනිත් හැම කෙනෙක්ම සතුටු වෙනකොට අලීසා ඇඩුවා .ඒ හෙට ඉදන් තමන්ගේ ජිවිතේ ආපහු කොටු වෙනවා කියලා මතක් වෙලා....කදවුරෙන් පිටත් වෙනකොට අපි හැමෝටම සමුහ ජායාරුපයක් වගේම අපි කරපු කියපුව තියන DVD එකක් ලැබුනා.හැබැයි ඒ මතක සැමරුම් දෙකම අරගෙන නොගිය එකම  එක්කනෙක් හිටියා ඒ අලීසා.......ඒ කිසිම දෙයක් ගෙදර ගහින් පෙන්නන්න බෑ කියන එක තමයි එයා කිවුවේ ........මිනිස්සු වටා තියන සමහර බැදීම් කොච්චර තදද ?ඒ බැදීම් ගැන මිනිස්සු කොච්චර විදවනවද ?ඒකට හොදම උදාහරණය තමයි අලීසා...... ඒක හරිද වැරදිද කියන්න අපිට අයිතියක් නෑ.මේ පුහුණුවට ලංකාවේ හැම පැත්තෙන්ම අය ඇවිත් හිටියා .හෙට දවසේ ඒ කවුරු පාරක දැක්කත් ඒ අය අනිත් කෙනාට කතා කරයි....හැමෝම එක්ක හොදින් හිටපු අලීසා ට විතරක් අලීසා මුලින්ම කතා නොකරොත් කතා කරන්නේ නැති වෙයි .ඒ එයත් එක්ක තරහ හින්දා නෙමෙයි.මුළුමනින්ම මුණ වහගෙන සමාජේ අපිත් එක්ක ඉන්න එන අලීසාව කාටවත් අදුරගන්න බැරි හින්දා....








Friday, June 7, 2013

පොලිසියෙන් කැකිල්ලේ නඩු තීන්දුවක්

     පොලිසියෙන් කැකිල්ලේ නඩු තීන්දුවක් 

පොලිසිය කියන්නේ අපේ රටේ තියන සාමය ආරක්ෂා කරන්න තියන ප්‍රධාන ආයතනයක් ....එක ඇතුලේ අනන්තවත් හොද අය ඉන්නවා වගේම කමකට නැති අයත්  ඉන්නවා.....මේ එහෙම කෙනෙක් කරපු වැඩක් මගේ මිතුරෙකුට...........
මගේ යාලුවා දවසක් ගෙදර කුස්සියට ඕනි වෙලා තිබුණු සින්ක් එකක් කඩේකින් ගත්තා. ගෙදර අරගෙන ගහින් හයි කරන්න ගියාම තමයි  දැක්කේ.....එකේ පොඩි පිපිරුමක් ගහින් තියනවා. දැන් මොකද කරන්නේ මනුස්සයා ආපහු සින්ක් එකත් අරන් එක ගත්ත කඩේට ඇවිත් වෙලා තියන දේ කියලා අලුත් සින්ක් එකක් ඉල්ලුවා. කඩේ මුදලාලි කියන්නේ ඒක කඩෙන් උණු එකක් නෙමෙයි කියලා......අවසානේ යාලුවා කරපු වැඩේ  පොලිසියට කතා කරා........ටික වෙලාවක් යනකොට පොලිසියේ කෙනෙක් මේ කඩේ ලගට ආවා.
                                               

Tuesday, April 2, 2013

සිංහල කන්නද ?ඉතිහාසේ බොන්නද?

         සිංහල කන්නද ?ඉතිහාසේ බොන්නද?

මොකද හිතෙන්නේ අපි දැන් ඉන්නේ මොඩන් ලෝකෙක නේද එහෙවු එකේ රටක ඉතිහාසේ ඉගෙන ගෙන අල හාරන්නද ?අපේ ළමයි ඉගෙන ගන්න ඕනි කොම්පියුටර් ගැන ?අලුත් ගැජට් ගැන එහෙම නේද?අපේ රටේ හිටපු අධ්‍යාපන තීරණ ගැන ගන්න අය එහෙම හිතපු කාලෙකුත් තිබුනානේ නේද ?

අපේ රටේ ඉතිහාසේ විෂයක් විදිහට ඉගෙන ගත්තු කෙනෙක් රස්සාවක් ගන්න  ගියාම අපේ අය කිවුවේ මේ වගේ දෙයක් ඉගෙන ගෙන මොනවා කරන්නද කියලා හැබැයි එහෙම දේ ගැන දන්නේ නැති කෙනා රටට මොන තරම හානිදයකද කියලා පෙන්නේ, පස්සේ කරන්න ගන්න වැඩ දිහා බැලුවහම තමයි.අපේ රටේ කෙනෙක් රුසියාවේ ගියහම   මුලින්ම ඒ රටේ ඉතිහාසේ ගැන උගන්වනවා.ඒ ඇයි එකේ වැදගත්කම  ඒ අය දන්න නිසා හැබැයි අපේ රටේ මිනිස්සු ඉතිහාසේ වැඩක් නෑ කියලා කිවුවා 
                                           

එකේ ප්‍රතිපල අපිට හොදටම දැකගන්න ලැබුනා නේද?සිගිරිය බලන්න ආපු ළමයි වගයක් සිගිරි පාදේ අලුත් කුරුටු ගී ලිවුවනේ නේද ගුරුවරුත් බලාගෙන හිටියා කියනවනේ එක හින්දා ඒ දෙගොල්ලොටම ඉතිහාසේ උගන්වන්න වෙනවා .........අද ලෝකේ කොච්චර දියුණු උනත් මුලින්ම උගන්වන්න දේ තමයි ඉතිහාසය ...එක තමයි ඇත්ත

Sunday, March 24, 2013

අනුන්ට අදාරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න

  අනුන්ට අදාරය කරන්න  කලින් තමන්ට ආදරය කරන්න 

අද ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩි පුරම ආදරය කාටද කියලා...........ම්..........මොනවා නොකියයිද නේද?හැබැයි මේ ලෝකේ තමන් වැඩිපුරම ආදරේ කාටද?ඒ තමන්ටමයි.හිතන්න ඔබ ඉන්න තැන ගොඩනැගිල්ල  දැන් කඩා වැටෙන්න ලගයි.ඔබ ගොඩක් ආදරය කරනවා කියන කෙනත් ඔය ගොඩනැගිල්ලේම ඉන්නවා.ඔන්න දැන් ගොඩනැගිල්ල කඩා වැටෙනවා මොකද ඔබ කරන්නේ ඉස්සරලම එලියට පැන ගන්න එක නේද ?

හැබැයි එහෙම තමන්ටවත් ආදරය නොකරන මිනිස්සු ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා .හිතන්න මහ ලොකු වීරයෙක් වගේ මෝඩ පාටට සිගරට් එකක් උරන කෙනෙක් ගැන ඔහු තමන්ට විතරක් නෙමෙයි මේ සමාජෙටත් ලොකු හානියක් කරනවා ......අවසානේ ලෙඩ වෙලා රෝහලට දාන්න උනහම මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මේ අය වෙනුවෙන් වෙන් කරන්න වෙනවා........මම ඇයි මේ ගැන ලියන්න ගත්තේ FB එකේ යාලුවෙක් ෆොටෝ එකක් දාලා දුම්බොන කෙනෙක්ගෙන් ඉපදුන ළමයෙක් ගැන මෙන්න ෆොටෝ එක හිතාගන්න පුළුවන් නේද?
             

Monday, March 18, 2013

ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් මයිලත්තාව ශ්‍රී කාස්‍යපා රාමයට .................

         ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් මයිලත්තාව ශ්‍රී  කාස්‍යපා රාමයට .................

අපේ බොදු ජනයාගේ මුදුන් මල් කඩ විදිහට සලකනු ලබන මුලික ස්ථානයක් ලෙසට අපට ජය ශ්‍රී මහා බෝධිය සැලකීමට පුළුවන් .අපේ ලංකාවට බුදු දහම ලැබීමත් සමගම ලැබුණු දායාද විදිහට සලකන්න පුළුවන්
එදා මෙදා කාලයේ හැමදාමත් එකම විදිහට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම විශේෂත්වයක් .

මයිලත්තාව කියන්නේ සිගිරිය නගරයෙන් ඇතට වෙන්න තියන දුෂ්කර ගම්මානයක්...ගොවිතැන මුලික කර ගනිමින් තමන්ගේ දුෂ්කර ජීවිතය මේ අය ගෙවා දමනවා.... වල් අලි තර්ජනය මේ ගමට අලුත් දෙයක් නෙමෙයි නුගගොල්ලේ  ධිරානන්ද හාමුදුරුවෝ කියන්නේ මේ ගමේ පන්සලේ ඉන්න බොහොම උගත් තරුණ හිමි නමක්.....උන් වහන්සේ නිතරම ගමේ පන්සලේ දියුමුව ගැන නිතරම හිතනවා ඒ හින්දම තමයි.ගමේ අයට පහසුවෙන් වැදපුදා ගන්න පුළුවන් විදිහට ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ......මයිලත්තාව පන්සලට වැඩම වන්න තිරණය කරන්නේ ඒ උත්සවය පහු ගිය දා පැවැත්වුනා මේ ඒ ගැන මතක සටහන් ........තවත් බොහෝ ශාසනික සේවයක් කරන්න ඔබ වහන්සේට දිගායු ලැබේවා.................................. 


                                                                      


Wednesday, March 6, 2013

වැඩ කරන්න යනවනම් බැට කෑමට බලන් ඉදින්

    වැඩ කරන්න යනවානම් බැට කෑමට බලන් ඉදින්

මම අද ලියන පොස්ටුව වෙන් වෙන්නේ ........අපේ රටේ වැඩ කරන්ඩ යන හින්දම තමන්ට ස්ථාන මාරුවීමක්  ඇගයීමක් විදිහට  ලැබෙන පරිපාලන නිලධාරියෙක් ගැන......මේ ලිපිය කියවන ඔබ දැනට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන් නැත්තන් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්.....ඒ හැමෝටම මේක වැදගත් වෙයි කියලා මම හිතනවා....... වටේ යන්න ඕනි නෑ. අපි කෙලින්ම කතාවට බහිමු.හැම කෙනෙක්ම අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්නවා,අවසානේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනි...අපි කරන රාජකාරිය හරහා ඒ මිනිස්සුන්ට දැනෙන්න සේවයක් කරන්න.......
               

Saturday, March 2, 2013

ගෙදරින් නොදුන් නිසා පිටින් කෑම

             ගෙදරින් නොදුන් නිසා පිටින් කෑම
මගේ යහෙලියක් හිටියා පෙර  පාසල් ගුරුවරියක්  ......ටික කාලෙකින් මෙයාට ඕනි උනා රජයේ රැකියාවක් කරන්න.......අවසානේ ග්‍රාමසේවක පත් විමක් ලැබුනා ග්‍රාම සේවක කෙනෙක් කිවුවහම ඉතින් දන්නවනේ ගමේ හැම ප්‍රශ්නයක්ම එනවනේ

ඔන්න මෙයා ගිය අලුත් වැඩි අත්දැකීමකුත් නැනේ ....ගෑනු කෙනෙක් ආවා මෙයා හම්බ වෙන්න.......ඇවිත් කියනවා ......අනේ නෝනා නෝනත් ගැනු කෙනෙක් ...මම මේක කාට කියන්නද ...මගේ මිනිහා බොන්නේ නෑ......මට පාරක්වත් අතක් උස්සල ගහන්නෙත් නෑ........
                     

Wednesday, February 27, 2013

පොලිසියේ හාවා ඇල්ලීමේ කලාව

          පොලිසියේ  හාවා ඇල්ලීමේ කලාව

අපේ රටේ පොලිසිය ගැන මොකද හිතෙන්නේ ?සමහරු හොද කියයි සමහරු පලු යන්ඩ බනියි.හැබැයි අපි අදුනගන්න ඕනි දේ තමයි පොලිසිය කියන්නෙත් මේ රටේ තියන තවත් එක ආයතනයක් බව ......හැම ආයතනයකම හොද නිලධාරීන් ඉන්නවා ඒ වගේම කිසිම කමකට නැති නිධාරීන් ඉන්නවා ඉතින් පොලිසියේ විතරක් අපිට හොද නිලධාරීන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?ඇත්තටම පොලිසියේ ගොඩක් හොද නිලධාරීන් අනන්තවත් ඉන්නවා හැබැයි දෙතුන් දෙනෙක් කරන වැරදි හින්ද සමස්ත පිරිස දිහාම වැරදි විදිහට බලන එක වැරදියි.......
     

Monday, February 25, 2013

සින්ඩි හදපු හැමට මාගේ ප්‍රණාමය

             සින්ඩි හදපු හැමට මාගේ ප්‍රණාමය

මම ඉස්සර වෙලාම බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද කියල.....කවුරු හරි ඇහුවොත් මට දෙන්න තියන උත්තරේ තමයි අහම්බෙන් කියන එක.......ඇත්තටම නිකන් අන්තර්ජාලය සැරිසරනකොට තමයි මම ඉස්සර වෙලාම බ්ලොග් කියන එක දැනගත්තේ .......අපිට ලස්සන භාෂාවක් තියනවා ඒ සිංහල.......සිංහල කියන ජාතිය හැරුනම මම දන්න තරමින් වෙන ලෝකේ කිසිම ජාතියක් සිංහල භාවිතා කරන්නේ   නෑ......අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් රුසියාවේ යනවා රංගනය ගැන ඉගෙන ගන්න.......එහෙ ගීයාට පස්සේ එයාට මුලින්ම හම්බ වෙන්නේ.....වචන උච්චාරණය කිරිම ගැන ඉගෙන ගන්න ඒකට ඒ අය භාවිතා කරන භාෂාව තමයි සිංහල .........ඒ තරමට අපේ රටේ භාෂාව ලස්සනයි......

Saturday, February 23, 2013

facebook හා ජනමතය

                  facebook හා ජනමතය

facebook නැත්තන් මුණු පොත කිවුවහම මට මතක් වෙන්නේ කැම්පස් එකේ හිටපු යාලුවෙක් ඇත්තටම මනුස්සයගේ කාඩ් එක වුනේ කොබා හැබැයි ගොඩක් දෙනෙක් කිවුවේ මනුස්සයට ඊට වඩා මුණු පොත කියන එක ගැලපෙනවා කියලා එකට හේතුවක් තිබුනා විභාගේ ලං වුනාම මනුස්සයා පාඩම් කරන්න තෝරාගන්නේ ඇද.......ඇදට ගොඩ වෙලා නෝට් එක අතට අරගෙන ඇදේ උඩ බෙලි අතට නිදාගත්තොත් ටික වෙලාවක් යනකොට නෝට් එක මූනට වැටෙනවා.......මුනින් අතට හැරුනොත් මූණ නෝට් එකට යනවා කට්ටිය හිතන්නේ  පාඩම් කරනවා කියලා හැබැයි මනුස්සයා ජයට නිදි............එක හින්දා මූණ පොතට පොත මූනට......
                         

Tuesday, February 12, 2013

ශ්‍රී පාදේ කරුණාව

                                      ශ්‍රී පාද කරුණාව





                                                               

අපිට ජිවිතේ එක එක මිනිස්සු හම්බ වෙනවනේ නේද ?එකම ගති ලක්ෂණ තියන මිනිස්සු එකට එකතු වෙනවා .එක මේ ලෝකේ හැටි එකට එකතු වෙන කට්ටියට කියන්නේ සෙට් එකක් කියල.අපේ ඔෆිස් එකේ ඉන්නවා සෙට් එකක් එකට කියන්නේ ගමන් සෙට් එක කියලා කොහේ හරි කමක් නෑ ඇවිදින්න යන්න තියනවනම් ඒ ඇති .......

Sunday, February 10, 2013

හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද මෙන්න ක්‍රමේ

හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද මෙන්න ක්‍රමේ

ටික දවසකින් තමයි බ්ලොග් පැත්තේ කරක් ගහන්න අවස්ථාවක් ලැබුනේ  ලියන ලිපි ගැන මග තොටේ දන්න කියන අය එක එක දේවල් කියනවා නිල් චිත්‍රපට ගැන ලියපු ලිපි ටික බලපු අය කිවුවේ මම වල් වීගෙන එනවා කියලා .....එහෙම වෙනවනම් ඉතින් එක වෙන්න තිබුනේ ගොඩක් කාලෙකට කලින් කියලයි මටනම් කියන්න තියෙන්නේ .....
             

Friday, January 11, 2013

කාලා බලන් පැරණි හාලේ ගුණ

කාලා බලන් පැරණි හාලේ ගුණ

අලුත් අවුරුද්දක් ලැබුවා ඒ අලුත් බවත් එක්කම අපිට අහන්න ලැබුනේ හොද දේවල්නම් නෙමෙයි .......මේ අවුරුද්ද පුරාවට අපිට නැවත  එහෙම දේවල් අහන්න නොලැබේවා  කියලා අපි ප්‍රර්ථනා කරමු.දඹුල්ලේ තියනවා විශේෂ ගොවිපලක් මේ ලගදි අපේ ඔෆිස් එකේ අයත් එක්කම මම ඒ ගොවිපල බලන්න ගියා ....ඇත්තටම එක මසුරන් වටින වැඩක් කිසිම රසායනික පොහොරක් මේ ගොවිපලේ භාවිතා කරන්නේ නෑ.සම්පුර්ණයෙන්ම කාබනික පොහොර වලින් මේ ගොවිපල සරු කරනවා කිවුවොත් හරි තව දෙයක් මිනිස්සු හිතන්නේ නැති විශ්ව ශක්තිය ඒ ගොවිපලේ අස්වැන්න වැඩි කරගන්න භාවිතා කරනවා කිවුවොත් මොකද හිතෙන්නේ ඒ දේ ඒ අය කරනවා .හරි ඒ ගැන පස්සේ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා මේ ගොවිපලේ තියන වැදගත්ම දේ තමයි අපේ පාරම්පරික සහල් වර්ග වගා කරන එක අපි අහලවත් නැති නම් වී වර්ග ඒ අය ගාව තියනවා 

අද කාලේ අපේ රටේ යට නම්බුකාර ලෙඩ කීපයක් තියෙනවා දියවැඩියාව ප්‍රෙෂර් ඒ අතරින් මුලිකයි.....මේ ලෙඩ හැදෙන්න අපි කන කෑම මුලිකවම බලපානවා සම්බා දියවැඩියාව වැඩි වෙන්න හොදම බෙහෙත ඒ ගොවිපලේ වගා කරන වී වර්ග වගේම ඒ වී වල තියන ගුණය මෙන්න

                             

Friday, December 28, 2012

නිල් චිත්‍රපට නළු නිළියන්ගේ ජිවිතේ අවසාන සමය පුළුල්ව සිතන්නට

නිල් චිත්‍රපට නළු නිළියන්ගේ ජිවිතේ අවසාන සමය පුළුල්ව සිතන්නට

කොහොමද ඔයාලට ලෝකේ විනාශ වුනාද අපිටනම් නෑ......හැබැයි ලෝකේ ගොඩක් දෙනා කාලෙකට පස්සේ හොද ලණුවක් කෑවා....හරි එක දැන් ඉවරනේ......මම පහු ගිය දවස් වල හරස් පාරේ ලිපි පෙලක් ලිවුවා ඒ වෙන මොනවත් ගැන නෙමෙයි නිල් චිත්‍රපට ගැන.......මම හැම වෙලේම හිතුව දෙයක් තමයි අපේ අයට මේ ගැන හරි අවබෝධයක් ඇතුව කරන දේවල් නෙමෙයි කියන එක .....ඊයේ වෙනකොට අපේ රට තවත් ලෝක වාර්තාවක් තිබබා....ඒ තමයි ගුගල් සෙවුම් යන්ත්‍රයේ සෙක්ස් කියන වචනේ වැඩිම වාර ගනනාවක් යොදලා සර්ච් කරන රටවල් අතරට ලංකාව ආපු එක.....
                 

Tuesday, December 4, 2012

සීගිරිය මතු පරපුරටත් දායාද කරමුද?

සීගිරිය මතු පරපුරටත් දායාද කරමුද?
අපේ රටේ අපේ කම කියන දේ ලෝකෙට පෙන්නන්න අපේ රටේ ගොඩක් තැන් තියෙනවා .....ඒ අතරින් සිගිරිය කියන්නේ තවමත් අපේ කම අපේ ඉතිහාසේ ලෝකෙට එලි නොකරපු තවත් මහ ගොඩක් දේවල් දරාගෙන ඉන්න තැනක් විදිහට අපිට හදුනා ගන්ඩ පුළුවන් . ඒත් පහු ගිය දවසක සිගිරිය සිංහ පාදෙට අකුණක් වැදුනා.එකෙන් සිංහ පාදෙට හානි උනා ඒ විතරක් නෙමෙයි....දැන් ටික ටික සීගිරියේ තියන ඇතැම් ස්ථාන සෝදා යාමේ අවධානමක් ඇති වෙලා......ඒ හින්දම සිංහ පාදේ විතරක් නෙමෙයි ඒ අවට සෝදා පාළුව වලක්වන්න ගඩොල් 50000 සිගිරිය ගල මුදුනට ගෙනියන්න...සිද්ධ වෙලා එක හිතන තරම් ලේසි වැඩක්නම් නෙමෙයි රජෝ.......ඒකට  ගොඩක් මිනිස් ශ්‍රමය ඕනි වෙනවා ......ඒ හින්දම රන්ගිරි දඹුලු උපාධිධාරී සංගමය විදිහට දඹුල්ල .ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවය කරන සියලුම දෙනා මේකට එකතු උනා මේ පිරිස එකතු කරන්න කැප වුනු කෙනෙක් ඉන්නවා .ඒ දඹුල්ල ආසන සංවිධායක තුමන් වන ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආදරණිය පුත් පළාත් සභා මන්තී‍්‍ර ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මේ කටයුත්ත සංවිධාන කරන්න ලොකු කැපවීමක් කරා උගත් රට ගැන හිතන කෙනෙක් විදිහට රටේ සම්පත් ගැන මේ විදිහට හිත එක ගැන අපි සතුටු විය යුතුයි.ටි.බි තෙන්නකෝන් පදනම මුල් කරගනිමින් එදා සහභාගී වූ සැමට අවශ්‍ය සියල්ල සැපයුවා.එය අගය කලයුතුයි මේ වැඩේ ඉවර වෙනකන් එතුමා අපිත් එක්ක හරි හරියට මහන්සි උනේ අනිත් හැමෝටම ආදර්ශයක් දෙමින් වීම විශේෂයි

                                            සිංහ පාදය  


Friday, November 9, 2012

නිල් චිත්‍රපට නළු නිළියක වීමට අවශ්‍ය සුදුසුකම් -02 පුළුල්ව සිතන්නට


නිල් චිත්‍රපට නළු නිළියක වීමට අවශ්‍ය සුදුසුකම් -02 පුළුල්ව සිතන්නට 

මිනිස්සු කියන ජාතිය හරි ගුප්තයි දෙයක් එපා කියලා කිවුවොත් ඒ ගැන හොයලා බලනවා වැඩියි ඒ තමයි හැටි.අසම්මතයේ අපි නොහිත දේවල් මහා ගොඩක් හිතා ගන්න බැරි විදිහට අපිට ලං වෙනවා .අපිට හිතෙන්නේ ඒවා අහබු දේවල්   කියලා එත් ටිකක් හොයලා බලනකොට තමයි තේරෙන්නේ මහා ලොකු සැලසුම් ඒ පිටිපස්සේ තියෙනවා කියලා 

නිල් චිත්‍රපට කියන්නෙත් එහෙම දෙයක් හොදට කල්පනා කරලා බැලුවහම අපිට තේරෙන දෙයක් තමයි .අපි කොච්චර දේවල් වලට අහු වෙලාද කියන එක ......හරි මෙන්න එහෙනම් අද ඉතුරු ටික ලියන්න පටන් ගත්තා 
       

Friday, October 26, 2012

නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම්- 01-පුලුල් ව සිතන්න

නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම්- 01-පුලුල් ව සිතන්නට 
 මම මේ ලිපි පෙළ හරස්පාරේ ලියන එක නවත්තන්න හිතුවේ එත් අද මම අලුත් නිවුස් එකක් දැක්කා ......දැනට ලංකාවේ අසභ්‍ය වෙබ් අඩවි 1000 තියනවලු එකෙන් 51 තහනම් කරාලු ...මට එක දැක්කම හිනා ගියා ඒ මොකුත් නෙමෙයි.....පය බර වායට පිටිකර බෙහෙත් බදිනවා වගේ වැඩක් තමයි එක .......ඇත්තටම අපේ රටේ ඉන්න පොඩි පරම්පරාව බෙර ගන්න ඕනි.හැබැයි මේ ක්‍රම වලින් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට ලගා වෙන්න ලේසි නෑ.....අපි අද ජිවත් වෙන්නේ හුදකලා ලෝකෙක නෙමෙයි ........දැනට මේක බහු කාර්ය කොම්පැනි එකක් වෙලා ඉවරයි 
     

Monday, October 15, 2012

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

මම මේ ලිපි ටික ලියන්න හේතුවුනු කරුණු මුල් ලිපියෙන් දැක්කනේ නේද ........මේක විශාල කර්මාන්තයක් කිවුවොත් හරි ඇත්තටම ලේසි නෑ මම මුලින්ම මම කිවුවනේ මේක පටන් ගත්ත විදිහ නේද ...........ඊට පස්සේ අපේ රටට පත්තර ආවා................එක වැඩි කාලයක් තිබුණේ නෑ ඊට පස්සේ එක සංයුක්ත තැටිය ආවා ..........පුලු පුලු වන් අය ඒක හොරෙන් බලන්න ගත්තා ඊට පස්සේ තමයි මේ අන්තර්ජාලයට වැඩේ ගියේ එකෙන් කාටවත් නොදැන තමන්ට බලන්ඩ ඕනි දේ බලන්ඩ පුළුවන් වුනා අද වෙනකොට මේක සරල නැති තත්වයට පත්වෙලා ........ඒ සරල නැති දේ අපේ රටේ විතරක් නතර කරන එක එච්චර ලේසි නෑ අද අන්තර්ජාල භාවිතා කරන අය මේ නිල්චිත්‍රපට හොයන ගණන් මිනුම් තමයි මේ........     

සෑම තත්පරයකම නිල් චිත්‍රපට සදහා වියදම් කරනු ලබන මුදල -ඇමරිකානු ඩොලර් 3075
සෑම තත්පරයකම නිල් චිත්‍රපට  නරබනු ලබන පිරිස       -28258
සෑම තත්පරයකම නිල් චිත්‍රපට සෙවුම් යන්ත්‍ර මගින් සොයනු ලබන පිරිස- 372
සෑම තත්පර 39 වරක් නිල් චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබේ

පේනවනේ නේද මේක අද කොච්චර මාර්කට් කරන්න පුළුවන් දෙයක් වෙලාද කියන එක මෙන්න මේ ලින්ක් එකෙන් ඒ රිපෝර්ට් එක බලාගන්න පුළුවන්නිල් චිත්‍රපට නැරබිමේ ප්‍රවනතාවය

නිල් චිත්‍රපට වල රගපෑම සදහා නළු නිලියන් තෝරා ගන්නා අයුරු ඊලග ලිපියෙන්

Sunday, October 7, 2012

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න 

නිල් චිත්‍රපටි එහෙම නැත්තන් බ්ලු ෆිල්ම් ගැන කවුරුත් දන්නවනේ .......මම අද මේ අසභ්‍ය දේ ගැන සභ්‍ය විදිහට ලියන්න හිතපු කාරනා කීපයක් තියෙනවා ..........මේ ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් ඉන්නවානම් ඒ අතේ ඇගිලි ගානට තමයි .....අපේ රටේ මේ ෆිල්ම් නතර කරන්න ඕනි කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චනේ එකට මොකද උනේ ඒක අසාර්ථක වුනා එහෙම් පිටින්ම ඇයි එහෙම උනේ .......ඒ ගැන මතක් වෙනකොට මට මේ ලිපිය ලියන්න හිතුනා තව අහිංසක ගෑනු ළමයෙක් ගෙදරක හිර කරගෙන ලෝයර් කෙනෙක් මේ ෆිල්ම් පෙන්නලා කරලා තිබුණු වැඩේ දැක්කනේ.......

අපි හිතන තරම් මේ නිල් චිත්‍රපටි කියන දේ සරල නෑ.......එකත් හරියට මහා සංකීරණ දෙයක් කිවුවොත් හරි අනිත් ෆිල්ම් වගේම මේකට තිර රචනාව ලියන කෙනෙක් ඉන්නවා .එඩිට් කරන්න කෙනෙක් ඉන්නවා.....ලයිට් කරන්න කට්ටිය ඉන්නවා ....එක හුදකලා දෙන්නෙක් කාමරේක ඉදන්කරන දේට වඩා එහා ගියපු දෙයක් කිවුවොත් හරි.....මේ ජාලේ කොච්චර හයියද කියලා අපිට බලන්න පුළුවන්  ....අපේ කැම්පස් එකේ සහෝදරයෙක් උපාධි නිබන්ධනයට කරේ බ්ලු ෆිල්ම් ගැන ....එක ලොකු විෂයක් ඇත්තටම..........කවදද මෙහෙම දෙයක් ලෝකේ නිරමාණ උනේ 
හැම දේටම ඉතිහාසයක් තියනවා වගේ මේ වැඩේටත් ලොකු ඉතිහාසයක් තියනවා මුලුන්ම මේ නිල් චිත්‍රපටයක් හදන්නේ 1908 දී ඇමරිකානු සමාගමක් සෙබළකු ගැහැණු සේවිකාවක සමග තබාගත් ලිංගික සබදතාව පිළිබඳ මෙහිදී ප්‍රදර්ශනය කළා 




                                                           
                                             මුලින්ම සාදන ලද නිල් චිත්‍රපටිය 



Tuesday, October 2, 2012

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු  නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල් වෙන්න හොද නෑ හැබැයි මගේ ජිවිතේ කියලා තිබුණු හැම දේම හරි ගියා එක ඇත්තටම ලොකු විද්‍යාවක් කිවුවොත් හරි............මම එක හින්දම ඒ ගැන ඉගෙන ගත්තා............මම ඒ ඉගෙන ගත්ත දෙයින් මගේ මේ බ්ලොග් කියවන යාලුවන්ට හෙල්ප් එකක් කරන්න හිතුවා.....ඒ මේක විස්වාශ කරන අයගේ හදහන නොමිලේ බලලා දෙන්න