Tuesday, April 2, 2013

සිංහල කන්නද ?ඉතිහාසේ බොන්නද?

         සිංහල කන්නද ?ඉතිහාසේ බොන්නද?

මොකද හිතෙන්නේ අපි දැන් ඉන්නේ මොඩන් ලෝකෙක නේද එහෙවු එකේ රටක ඉතිහාසේ ඉගෙන ගෙන අල හාරන්නද ?අපේ ළමයි ඉගෙන ගන්න ඕනි කොම්පියුටර් ගැන ?අලුත් ගැජට් ගැන එහෙම නේද?අපේ රටේ හිටපු අධ්‍යාපන තීරණ ගැන ගන්න අය එහෙම හිතපු කාලෙකුත් තිබුනානේ නේද ?

අපේ රටේ ඉතිහාසේ විෂයක් විදිහට ඉගෙන ගත්තු කෙනෙක් රස්සාවක් ගන්න  ගියාම අපේ අය කිවුවේ මේ වගේ දෙයක් ඉගෙන ගෙන මොනවා කරන්නද කියලා හැබැයි එහෙම දේ ගැන දන්නේ නැති කෙනා රටට මොන තරම හානිදයකද කියලා පෙන්නේ, පස්සේ කරන්න ගන්න වැඩ දිහා බැලුවහම තමයි.අපේ රටේ කෙනෙක් රුසියාවේ ගියහම   මුලින්ම ඒ රටේ ඉතිහාසේ ගැන උගන්වනවා.ඒ ඇයි එකේ වැදගත්කම  ඒ අය දන්න නිසා හැබැයි අපේ රටේ මිනිස්සු ඉතිහාසේ වැඩක් නෑ කියලා කිවුවා 
                                           

එකේ ප්‍රතිපල අපිට හොදටම දැකගන්න ලැබුනා නේද?සිගිරිය බලන්න ආපු ළමයි වගයක් සිගිරි පාදේ අලුත් කුරුටු ගී ලිවුවනේ නේද ගුරුවරුත් බලාගෙන හිටියා කියනවනේ එක හින්දා ඒ දෙගොල්ලොටම ඉතිහාසේ උගන්වන්න වෙනවා .........අද ලෝකේ කොච්චර දියුණු උනත් මුලින්ම උගන්වන්න දේ තමයි ඉතිහාසය ...එක තමයි ඇත්ත

3 comments:

  1. ආකල්ප ගුණධර්ම වගේ දේවල් දරුවන්ගේ ලේතුළට කාවැදෙන්න ඕන කියන එක වැදගත්ය කියල ඒ සැලසුම් කරුවන්ට තේරිලා තිබිල නෑ නේද ? ඔබ මතුකරන්ට උත්සාහ කළ කථිකාවත ඉතාම වැදගත් රුවන්. එය රුවන්ගේ රුවන් ලියවිල්ලක් ලෙසයි මා දකින්නේ

    ReplyDelete
  2. “මට මතකයි ඉතිහාසය කන්නද කියලා“ දේශපාලන උපහාසයක් හෝ කියමනක් හෝ තිබුණා.

    ReplyDelete
  3. මේ සිද්දියට අධාලව කිව්වොතින් ඒ ළමයින් නොදැනුවත් කම නිසා වෙන්න පුළුවන් එහෙම කරේ ඒත් එයාලගේ ගුරුවරුන්ට ඒ ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න තිබ්බා.එයාලා අනිවාර්යෙන්ම ළමයි ගැන විමසිලිමත් වෙන්න එපැයි.

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි