Thursday, September 27, 2012

මෙන්න නයා......... මෙන්න කෑවා...........

මෙන්න නයා......... මෙන්න කෑවා...........




මනුස්සයා දඹුල්ල වෑවල කියන ගමේ හවසට හැමදාම පොඩි අඩියක් එහෙම ගහන්න අමතක කරන්නේ නම් නෑ................හවස පොඩි අඩියක් එහම ගහලා එදත් මේ මනුස්සයා ගෙදර ආවා හවස හයට විතර ඇති..........ටිකක් කළුවර වැටීගෙන එනකොට ගෙට ගොඩ වුනා...............ගෙදර හාමිනේ නෑ හිමිට හිමිට කුස්සියට ගියා බඩගිනි ඉන්න බෑ..........බත් උයලා තියලා තමයි හාමිනේ ලගකට ගහින් තියෙන්නේ ...........හෙමිට බත් මුට්ටිය ලගට කිට්ටු වෙලා වහල තිබුණු පියන ඇරියා විතරයි ......පුෂ් .................ගාලා එක  පාරම අතට ගැහුවේ නෑතා.....................        

මනුස්සයා අතාරියේ නෑ පැනපු ගමන් අල්ල ගත්තා බෙල්ලෙන් බැලින්නම් පත නයෙක් දැන් මොනවා කරන්නද අත අරින්නද ...........තව ටිකක් තදට අල්ල ගත්තා ...........දෙපාරක් කෑවා.........දැන් නයා අතේ එතිලා එහෙට එතෙනවා මෙහෙට එතෙනවා .......................අතේ ලේ බහිනවා .මනුස්සයා නයත් අරගෙන ආවා........එතකොට තමයි අන්තිම ගමෙන් යන බස් එක මතක් වෙලා තියෙන්නේ නයත් අතේ අරන් නැග්ගා බස් එකට......බස් එකේ හිටපු අය හු කියාගෙන බැස්සේ හැබැයි කොන්දොස්තර රියදුරු බය උනේ නෑ.ඉක්මනට මේ මනුස්සයා අරගෙන ඉස්පිරිතාලෙට එන්න පිටත් වුනා....ඒ වෙනකොට අතට තද වෙලාම නයා මැරිලා......හැබැයි කාටවත් නයා ගන්න දෙන්නේ නෑ නයා තවම  අතේමයි.......ඉස්පිරිතාලෙට අරගෙන ගියා ....දොස්තර දැකපු ගමන් මනුස්සයා මෙන්න සර්... නයා මෙන්න කෑවා කියලා නයා මේසය උඩින් තිබ්බා 

පස්සේ තමයි කට්ට්යට වැඩේ තේරුනේ සර්පයෙක් කෑවම ඒ කාපු සර්පයා අරගෙන එන්න කියනවා මනුස්සයා එක තමයි කරලා තියෙන්නේ ........මනුස්සයා බෙරුනා අරක්කු වේගේ දෙයක් බිලා හිටියාම විෂ ඉක්මනට ශරීර ගත වෙන්නේ නෑ කියනවා 

6 comments:

  1. \\.අරක්කු වේගේ දෙයක් බිලා හිටියාම විෂ ඉක්මනට ශරීර ගත වෙන්නේ නෑ කියනවා..\\

    මම අහල තියෙන්නේ අරක්කු බිව්වම ලේ ගමනාගමන වේගය වැඩි වෙනවා කියල!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ය කියන්නේ විස නගින්නේ න කියලා

      Delete
  2. නයෙකි කාලත් බේරිලා නේ මිනිහාගේ පෙර පිනක් වෙන්නැති

    ReplyDelete
  3. හ්ම්ම්....ඒ කතාවත් හොඳයි :)

    ReplyDelete
  4. අටපට්ටමේ පෙන්නන්න තිබුණු කතාවක්නේ මේක :)

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි