Monday, September 3, 2012

අපේ රටේ අධ්‍යාපනයෙන් ගොඩ යන්නේ කවුද

අපේ රටේ අධ්‍යාපනයෙන් ගොඩ යන්නේ කවුද
අපි ඉස්සර ව්භාග දෙපාර්තමේන්තුවට කිවුවේ ජාතියේ රන් දෙවොල කියලා ඒ තරමට විනිවිදව නිරවුල්ව දෙයක් කරපු තැනක් විදිහට එක ප්‍රසිද්දයි..දැන්නම් රජෝ ඒකට මොකක් කියන්නද කියල මම දන්නේ නෑ..මොකද එකෙන් කරන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ............

                                     
ගොඩක් අය ඒකට දැන්  කියන්නේ ගොන් දෙවොල  කියලා ...බලන්නකෝ මේ සැරේ ප්‍රතිපලේ පලවෙනි පාර ප්‍රතිපල ආවම දොස්තර දෙවෙනි පාර ආවම දත් දොස්තර.......ඔහොම වැඩේ යනවා ......තුන් වෙනි පාර බලු දොස්තර හතර වෙනි පාර ආවම කොන්දොස්තර ...කොහොම හරි ගරු අධිකරණය මේකට මැදිහත් වීම සතුටට කරුනක්.......ගොඩක් දෙමාපියෝ බලන්නේ ළමයා දොස්තර කරන්න ඉංජිනේරු කරන්න....හැබැයි මේ පාර ඒ හීනෙත් බොද වුනා.......අමාරුවෙන් හරි ඩිග්රි කට්ටක් ගත්තම  බලධාරීන් කියන්නේ අය්යෝ මේ උපාධිය රැකියා ලෝකෙට ගැලපෙන්නේ නැනේ කියලා....හැබැයි සිලබස් හදන්නෙත් මේ අයම තමයි
                                        
අපේ රටේ අධ්‍යපනෙත් දැන්  නරියා හදපු සිලබස් එක වගෙයි මෙන්න කතාව....
 දවසක් නරියෙක් කැලෙන් එලියට ආවා...අප්පා නගර හරි දියුණුයි මිනිස්සු පාරවල හදනවා...වාහන තියෙනවා ගෙවල් හදලා තට්ටු උසට...කොහොමද මෙහෙම මිනිස්සු දියුණුවුනේ......නරියා බලනකොට තේරුනා මිනිස්සු යනවා ඉස්කෝලේ කියලා තැනකට නරියා කැලේට ගියේ ඉස්කෝලයක් හදන්න බලාගෙන 
                                               
නරියා ගහින් සබාව රැස් කරා යෝජනාව දැම්ම...හැමෝම කැමතියි  දැන් සිලබස් එක හදන්නයි යන්නේ.....මම වැඩි පුර කරන්නේ පනින එක ඒ කියන්නේ ජම්පින් එක හින්දා සිලබස් එකට එක ඔනිමයි....එහෙම කිවුවේ වදුරා..........මම කරන්නේ ස්විමින් එක හින්දා ස්විමින් තියෙන්න ම ඕනි එහෙම කිවුවේ මාළුවා .............

දැන් ඉතින් සිලබස් එක හැදුව...ගස් උඩ ගියපු වදුරට දැන් පීනන්න ඕනි ඇයි සිලබස් එකේ තියෙනවානේ....
 වතුර පෙවිලා තමයි ඒ වැඩේ නතර වුනේ  මෙච්චර කල් පිනපු මාළුවට දැන් ගස් නගින්නත් ඕනි .......වරල කඩාගෙන තමයි මාළුවා නතර වුනේ 
                                            
මේ සිලබස් එකෙන් ගොඩ ගියේ 3 දෙනයි ........එක්කෙනෙක් මදුරුවා එයා මිනිස්සුන්ට විදලා විදලා මෙඩිකල් ගහින් දොස්තර වුනා...........දෙවෙනියා කුඩල්ලා මැනලා මැනලා ඉංජිනේරු ගහින් ඉංජිනේරුවෙක් වුනා .........තුන් වෙනියා ගෙම්බා ඉගෙන ගත්තේ නෑ එහෙට මෙහෙට පැන පැන ඉදලා දෙසපාලුවෙක් වුනා ඔය තුන් දෙනා විතරයි ගොඩ ගියේ අනිත් අය වලේ තමයි.................එකනේ ගැලපෙන්නේ නෑ කියන්නේ අනිත් අයව.............................
  

No comments:

Post a Comment

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි