Monday, September 17, 2012

කෑවේ ඊයේ මැරුණේ අද ..............................



කෑවේ ඊයේ මැරුණේ අද ..............................


මේ දවස් වල හොදටම රස්නේ නේද ගොඩක් පැති වලට හොදටම පායනවා...........සත්තුන්ට එහෙම ඉන්න අමාරුයි වතුර නෑ...............................ඒ හිනදා වතුර තියන තැනක් හොයාගෙන සත්තු එනවා........මේ දවස් වල අපේ පැත්තේ ගොඩක් වැව් එහෙම හිදිලා ඒ හින්දා ගොඩක් අය මාළු අල්ලනවා ගජ රාමෙට........අපේ පැත්තේ සර්පයෝ එහෙම දැන් අඩු වුනාට ඉස්සරනම් සැහෙන්න හිටියා .............පොළගා. නයා මාපිලා වගේ සර්පයෝ මෙහෙට අලුත් නෑ...........පොලොඟු වගේ සර්පයෝ රෑට වතුරට බහිනවා..............මේ දවස් වල ගොඩක අය මාළු අල්ලන්න දැල් දානවා .....රෑට දාලා පාන්දර ගලවනවා. දවසක් ගොවිතැන කරන කෙනෙක් එහෙම දැලක් දැම්මා ......ඇල පාරක්  හරහා වතුර ඉන ගාවට විතරයි තිබුනේ..........
                 
                     
ඔන්න එහෙම දාපු දැල් ගලවන්න මෙයා පාන්දරම ආවා........එක පාරම දැල් ගලවන්න බෑ එක හින්ද ගොඩක් අය කරන්නේ වතුරට බැහැලා දැල් අත ග ගා මාළු එක එකා ගලවන එක අතට අහු වෙනවනේ...........ඔහම යනකොට මෙයාට අහු වුනා අතට ටිකක් දිග මාලුවෙක් මෙයා හිතුවේ ආදෙක් කියලා .....එක පාර අල්ලනකොටම මෙයාට විද්දා මොකද ආදා විදිනවා මෙයා ට්කක් තදට ඇල්ලුවා පේන්නෙත් නැනේ........මේ වෙලාවට ගොඩක් අය කරන්නේ ඒ වෙලාවට මාළුවාගේ බෙල්ල කඩන එක .......මෙයත් ඒ විදිහට කරලා වතුරේ ටියෙද්දීම පොහොර උරයට දාගෙන ගෙදර ගෙනාවා 
                                             
දැන් මෙයා උදේ කුබුරට යන්න තමයි ලෑස්ති වෙන්නේ......මෙයා හාමිනේට කතා කරා ......අර කුස්සිය පැත්තේ ඇති මාළු වගයක් හදල ගත්තනම් කියලා එයා කුබුරට ගියා ..........දැන් මෙයා 10 විතර එනවා කෑම කන්න හාමිනේ දැක්ක ගමන් මෙහෙම කිවුවා මොනවාද මනුස්සයෝ අර ගෙනත් තියෙන්නේ ....ගිහින් බලනවා .....බැලින්නම් තඩි පොලගෙක් වතුරට බැහැලා ඉන්නකොට දැලට පැටලුනා ........උගේ තමයි බෙල්ල කඩලා ගෙනත් තියෙන්නේ ....මනුස්සයට මෙහෙම කියවුනා ....දෙයියනේ මේකද මගේ ඊයේ රෑ දෙපාරක්ම කෑවේ........එක පාරම හුස්මක් ගත්ත ඒ මනුස්සයා එක  පාරම මැරිලා වැටුනා මොකද ඒ ගැන හිතෙන්නේ 

9 comments:

  1. විශ්වාස කරන්නත් අමාරුයි මොකද පොළඟා රෑ කෑවා නම් එවෙල්ම විස ප්‍රතික්‍රියා දක්වනවා ඒත් මේක ටිකක් වෙනස් කතාවක්.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත එත් ගොඩක් වෙලාවට දැක්කොත් ඒ විස ඉක්මනට ගමන් කරනවා

      Delete
  2. උපහාස කතාවක්
    නරක උනත් නොදන්න තුරු ඒක හොඳයි එහෙම දෙයක්ද කියවෙන්නේ

    ReplyDelete
    Replies
    1. මම මේක ලිවුවේ එහෙම අදහසකින්නම් නෙමෙයි මේ ඇත්ත කතාවක්

      Delete
  3. පොළඟා වතුරෙ ඉන්න සතෙක් නෙමේනෙ

    ReplyDelete
    Replies
    1. පොළගා වතුරේ ඉන්නේ න එත් රස්නේ වැඩි වෙනකොට වතුරට බහිනවා තව දෙයක තියෙනවා පොළගා රැට ගොඩක වෙලාවට ඉන්නේ ඉන්නක් වගේ කෙලින් වෙලා එකට හේතුව තමයි ඌරා පොලගව අල්ලගෙන කන හින්දා

      Delete
  4. මොනා උනත් දෙවැනි පින්තුරේ නම් හරිම ලස්සනයි.

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි