Saturday, September 15, 2012

පොලිසියට උදවු කරන්න ගිහින් පොලිසියෙන්ම ඉල්ලන් කෑම..............................


පොලිසියට උදවු කරන්න ගිහින් පොලිසියෙන්ම ඉල්ලන් කෑම..............................


 පහු ගිය දවස් ටිකෙනම් බ්ලොග් පැත්ත පළාතේ අවේ නෑ. මොකද අපි ඔපිස් එකේ අ ය එකතු වෙලා ටිකක් වෙනස් විදිහේ වැඩක් කරා එක හින්දා ......ඒ අතරේ තමයි දන්න කියන කෙනෙකුට මේ වැඩේ වුනේ පොලිසිය ගැන මතක් වෙනකොටනම් එක එක කතා ගොඩක් මතක්  වෙනවානේ නේද මේකත් පොලිසිය ගැන වෙච්ච කතාවක් ගොඩක් වෙලාවට පොලිසිය කරන හොද වැඩ යට ගහින් මතු වෙන්නේ නරක මරුමුස් වැඩ තමයි..........
                 
                          
මේ ලදී දවසක අපේ ගමට අල්ලපු ගමට පොලිස් නිලධාරි මහත්තයෙක් ඇවිත්  බස් එකෙන් බැහැලා ගම ඇතුලට 2 කිමි විතර යන්න ඕනි ......ඔන්න මෙයා රාජකාරිය ඉවර වෙලා ගම ඇතුලේ තියන අතුරු පාර දිගේ එනවා පයින්ම ................ඔය එන අතරේ ගමේ කෙනෙක් ඇවිත් තියනවා මෝටර් බයික් එකක එකට අත දාපු මේ නිලධාරියා  බයික් එකට නැගලා දැන් එනවා...............මේ ආපු කෙනා ප්‍රධාන පාරටම යන්නේ නෑ ඊට කිමි භාගයකට මෙහා නතර වෙනවා  ............එත් දැන්  මේ නිලධාරි මහත්තයා මග බස්සන එකත් හරි නැනේ එක හින්දා එයාගේ වැඩේ එහම තියලා මේ නිලධාරියා දාලා එන්න පාරට ගියා .......................ප්‍රධාන පාරට දැම්මා විතරයි ට්‍රැෆික් ලා දෙන්නෙක් පාරේ...................බයික් එක නැවැත්තුවා වරද රාලහාමිට හෙල්මට නැති එක ...........එක පාරම බස් එකක් එනකොට එකට අත දාපු රාලහාමි බස් එකේ නැගලා යන්න ගියා ...............මේ මනුස්සයා දඩ කෑවා....................දැන් පොලිසිය ගැන මතක් කරොත් මේ මනුස්සයා කියන්නේ අය පොලිසියේ කවුරුවත් මග වැටිලා හිටියත් වතුර ටිකක්වත් දෙන්නේනම් නැ කියලා මොකද  මෙයා උදවු කරෙත් මෙයාට දඩ ලිවුවෙත් එකම පොලිසියේ නිලධාරින්  .......................ඇත්තටම මේ දෙන්නගෙන් කවුද හරි මොකද ඔයාලාට හිතෙන්නේ ..............................

12 comments:

  1. උන් මහා පිස්සු බල්ලෝ වගේනේ හැසිරිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කල කිරෙන්නේ එකනේ

      Delete
  2. කසුන්ජිත්September 15, 2012 at 12:09 PM

    මොකට කළත් වැරැද්ද වැරැද්දම්නෙ මචං.... අනික ලිෆ්ට් එක ගත්ත පොලිස්කාරයා හිතන්න ඇති බයිසිකල්කාරයත් හෙල්මට් නැතිව ටවුමට යන්න ආපු එකෙක් ය, පොලිසියෙන් බේරෙන්න ඌව නග්ගගත්තා ය කියලා.

    ReplyDelete
  3. ටාර්ගට් එකට දුවනකොට ඔහොම තමා...

    ReplyDelete
    Replies
    1. ටාගට් එකද ජරා ගතියද

      Delete
  4. පිස්සු යක්කු පොලිසි වල ඉන්නේ 95% ම

    ReplyDelete
    Replies
    1. හොද අය ඇති ඒ අයත් බාල්දු වෙනවා

      Delete
  5. පොලිසියට මගෙන් නං උදව් නැත

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඔය අක්ල්පෙට එන්නේ ඔය හින්දා තමයි

      Delete
  6. පොලිසියේ කවුරුත් එකයි ට්‍රැපික්ලනම් ජරාව

    ReplyDelete
  7. පොලිසිය දන්නේ වැටකෙයිය පඳුරකට මුව වෙලා ඉඳල දඩ ලියල දෙන්න විතරනේ!
    කතා කිරීමවත් සුදුසු නැත ඕකුන් ගැන!

    ReplyDelete
    Replies
    1. ඔහම පදුරකට මුවා වෙලා දඩ ලියන්න පුළුවන් එකම රට ලංකාව විතරයි

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි