Sunday, July 22, 2012

අහෝ ප්‍රේමයට ගිය කල

                    අහෝ ප්‍රේමයට ගිය කල

වෙලාව ප:ව 5.00පමණය.මා සරසවියේ වැකෙෂන්  එකට ගෙදර එන දිනයයි.සරසවියේ බොහෝ දෙනෙකු මට කිවේ ආවොත්...... ආවෝ.......ගියොත්....... ගියෝ.... කියාය ඒ අවොත් මම සතියක් දෙකක් ආපසු නොයයි ගියොත් ආපසු කාලෙකට එන්නේ නැත.පිටකොටුවෙන් බස් එකකට නැග පැය ගණනාවක් බසය තුලට ව් සිටීම මට අමාරුම දෙයකි.....අද A.C. එකක යනවා.සිතු මා අනුරාධපුර බසයකට නගුනෙමි ටිකක් ගණන් වැඩි වුවද ඇලර්ට් එකක් දමාගෙන යාමට හැකිවීම සැපයකි.බසයට නැගුනු මා මැදට වන්නට වූ සීටයක් අල්ලා ගතිමි
බසයේ වැඩිපුර සෙනග නැත පිටිපස දෙදෙනෙකි ඉදිරියේ එක අයෙක් පමණි.... පිටත්  වන්නට  කලින් නිසා වායුසමීකරණ තදට ඇත.....ටික වෙලාවකින් තරුණියක් බසයට නැගුණි බැලු බැල්මට ඈ සුන්දරය....ඕනෑම අයෙකුට එක වරක් නොව දෙවරක් වුවද හැරි බැලීමට සිතේ. රතු පැහැති බ්ලවුසය හා කළු පැහැති කලිසම ඇද සිටි අතර ඒ තුලින්ද අමුතු සුන්දරත්වයක් ඉස්මතුව් පෙනේ .......
                               
       
                       
මුහුණ දිගටිය.....කැරලි ගැසුණු කෙස් කලබින් මුහුණට වැටුණු කෙස් රෝද නිරන්තරයෙන් සකසන්නිය..බසයට නැගුනු ඈ ආසන කීපයකට  මා රුවුනි කෙලවර ආසනයේ වාඩිවීමෙන් පසු ඊට මෙහායින් තිබු ආසනයේ අත තබා ගන්නා ලදී.........මද වෙලාවකින් ජංගම දුරකථනය අතට ගන්නා ලද ඈ අංක කීපයක් සටහන් කොට කනෙහි තබා ගනිමින් නැවත බැගයට දමා ගන්නා ලදී.........මොහොතකින් තරුණයකු බසයට ගොඩ විනි වට පිට බැලු ඔහු තරුණිය ලගින් ඉද ගන්නා ලදී.............ඇය බලාපොරොත්තුව සිටියේ ඔහුය.......සැබෑවටම ගැලපෙන යුවලකි......දෙඅත් පටලාවා ගත් ඔවුන් නොයෙකුත් දේ සෙමින් කතා කරනු ඇසේ.......විටෙක දෙදෙනා දෙස බලා සිනාසේ .........ප්‍රේමය මහා සුන්දර දෙයකි වීටෙක දෙදෙනාම කවුළුවෙන් ඈත බලා සිට්.ඒ තුල ඔවුන් දෙදෙනාගේ අපේක්ෂා මුහුණෙන් පෙනේ.තරුණයාගේ උරහිසේ මුහුණ හොවා  ගන්නා ඇය මද වෙලාවක් එලෙස සිටි .නැවත ඉන්  මිදේ.මෙය මේ වනවිට බසයේ සිටි බොහෝ දෙනාට ඇලජික් දෙයක් වෙන්නට ඇති මට සිතුනි.....බසය තුලට කලුවරද දැන් දැන් පතිත වේ ඔවුනට ඒ කිසිවක් අදාල වන්නේ නැත......ඔවුන් ඔවුනගේ ලෝක වලය .බසය රාත්‍රී 8.00 පමණ වනවිට කුරුණෑගල නගරයට ලගාවිනි.මුල්ම නැවතුම වන්නේ රෝහල අසලය..මෙතෙක් වෙලා ප්‍රේමය වෙනුවෙන් කැපවී සිටි දෙදෙනාගෙන් තරුණයා වෙන්ව යන්නට සුදානම්ය පටලවා ගන්නා ලද දේ අත් ඉන් මිදුනේ බොහෝ අසීරුවෙනි...ඒ තරමට වෙන්ව යාම ශෝකය.....ඔහු බසයෙන් බැස ගන්නා ලදී ගියපු ගමන් මට කතා කරන්න ඒ තරුණයාගේ හඩය....

මෙවන් තරුණයකු ලද ඈ හා මෙවන් තරුණියක ලද ඔහු වාසනාවන්තය. බසයෙන් ඔහු බැස ගිය පසුද ඇය ඔහු සිටි සිටයට අත තබාගෙන යන ලදී ඒ වෙන වීම ඇයට හොදින් දැනී ඇත..මට සිතුනි . ඊලග නැවතුම වුයේ 200 මිටර් පමණ දුරින් වූ කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම් පලයි ඇය කඩිමුඩියේ දුරකථනය ගන්නා ලදී .......නැවතත්  ඇමතුමක් ගන්නා ලදී  3කිමි ගිය පසු තවත් තරුණයකු බසයට ගොඩවිණි.වට පිට බැලු ඔහු තරුණිය අසල හුන් ආසනයේම අසුන් ගන්නා ලදී. ගත වුයේ නිමේසයකි නැවතත් පෙර ප්‍රේම රංගනයම අරබන  ලදී. අහෝ ඒ වෙනත් තරුණයකි.....මෙතෙක් වෙලා තිබු ප්‍රේමය පෙර තිබු ප්‍රේමය සේම මෙම තරුණයා සමගද අයගේ සිහින මාලිගාව සාදනු මා දුටිමි 
                              
                                 
ගමනාන්තය වූ දබුල්ල නගරයෙන් බැස ගන්නා විට එය එසේම විය තවත් බස් නැවතුමකින් ඔහු බැස යාවි...රැවටුනේ කවුද.....දැන් අන්න්ගයා වුවද පෙර සේ නොවේ මල් හිසර විදින්නේ දුන්නෙන් නොව ම්ල්ට් බැරල් වලිනි වදින වදින තැන පුපුරා යයි එය විය යුතුද
මා ඔබේ අදහස දැන ගැනීමට කැමැත්තෙමි   

5 comments:

  1. අනුන් රවටන්නාද අවසානයේ නොසිතන ආකරයට රැවටේ

    ReplyDelete
  2. ස්තුතියි සහෝ

    ReplyDelete
  3. කවදාහරි දවසක ඔය කෙල්ල අමාරුවේ වැටෙනවා

    ReplyDelete
  4. ඔහොම එවුන් ඉන්නවා...........

    ReplyDelete
  5. ඔහොම එවුන් ඉන්නවා...........

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි