Saturday, July 7, 2012

යතිවරයාණෝ සොයා වනගත වූවෙමු

යතිවරයාණෝ සොයා වනගත වූවෙමු

අයියා අපේ ගමේ  කන්දට හාමුදුරුවෝ නමක් වැඩලා ඉන්නවා භාවනා කරන්න ඇවිත් ඉන්නේ වෙලාවක හම්බවෙන්න යනවනම් යමු ...........ඒ ආරංචිය මුලින්ම ගෙනාවේ අපේ සුගත් මල්ලි.....කොහොම
වුනත් එක ගොඩක් හොද  ආරංචියක් වුනා කිව්වොත් හරි ...........            

මට ඒ කතාව ඇහෙනකොටම මතක් වුනේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ.......භික්ෂුවකට තම මාර්ගය නිවැරදිව නිරවුල්ව ගමන් කරන්න ඕනිනම් අරණ්‍ය ගතවෙන්න...........රුක්ක මුල ගත වෙන්න ව්දිහට දේශනා කරන්න ඇත්තේ ඒක නියම මාර්ගය හින්ද වෙන්න ඇති
කෝටි ගනනක් ව්යදම් කරලා එක එක සිටුවරු,රජවරු   හදලා දුන්නු මාලිගා පවා අතහැරලා අවසානේ වනයක් වගේ වගේ තැනක් තෝරාගන්නේ තමන්ට යන්න ඕනි මාර්ගය ගැන හොද අවබෝධයක් තියෙන හින්ද කියලා මට ඒ මොහොතේම සිහිවුනා...................

අපි කවදාවත් මේ වගේ ගමනකට පරක්කු වෙන දිනයක් දා ගන්නනේ නම් නැ............................

තිබුණු ලගම දිනේ දාගත්ත අපි ගමනට පිටත් වුනා.

අපි හිතපු තරම් මේ කන්ද නගින එක ලේසි නැ ......................
මේක ගොඩක් දල බෑවුමක් තියෙන කන්දක් කන්දට ඇතුල්වෙන තැනම තිබුණු දේ දැක්කම පුදුම හිතුනා..........................

                                  

අලි කන්දේ ඉදං ගමට එන එක වලක්වන්න, අලි එලවන්න මිනිස්සුන්ට ඉන්න හදපු ගෙයක් 
මෙතන ඉදලා තව 3km යන්න ඕනි .............................
මේ කන්ද නිතරම අලි ගැවසෙන තැනක කිවුවොත් හරි  අපි කන්ද මුදුනට වැටිලා තිබුණු පොඩි පාර දිගේ ඉහලට ඇදුනා

මේක එක පාරටම යන්න පුළුවන් කන්දක් නෙමෙයි තැන් කීපයකම අපිට නතර වෙලා හැති අරින්න සිද්ධ වුනා .

                                 
මුල් උඩින් පැන පැන. ගස් අල්ල අල්ල, යන ගමන ලසි උනේ නැ........................
හාමුදුරුවෝ හැම උදේම මේ කන්දේ ඉදන් පහලට එනවා පිණ්ඩපාත ගන්න උදේට දවල්ට දෙකටම අරන් තමයි යන්නේ ඒ කතාව කිවුවේ තරංග ..................


                                

මම නම් එක දැක්කේ බොහොම දුෂ්කර දෙයක් විදිහට එක බොහොම අමාරු දෙයක්..........ඒත් ඒ දේ හැමදාම  ඒ විදිහටම සිද්ධ වෙනවා

බොහොම අමාරුවෙන් අපි අපිට ලග වෙන්න ඕනි තැනට අවා ඒ අතරේ අපි පුළුවන් තරම් වටපිට බල බලා 
අවේ දවල් උනත් මේ කැලේ  අලි ඉන්න බව දන්නා හින්දයි.....................................

                                           



                                 

මේ උන් වහන්සේ වාසය කරන තැන කිසිම සැප පහසුවක් නැ......................වතුර ටික ගන්න පොඩි උල්පතක් තියෙනවා කන්ද මුදුනේ  හරිම පිරිසිදුයි ගල් අතරින් මතු උණු එකක්........මේ වුන් වහන්සේ වාසය කරන කුටිය මෙතැන මුලින් කුටියක්‌ තිබිල නැ නිකන් ගහක් යට තමයි වාසය කරලා තියෙන්නේ

                               


ඊට පස්සේ බකමුණ පාරේ තියෙන හමුදා army camp එකේ මහත්තුරු තමයි මේ කුටිය හදල දීලා තිබුනේ එක හරිම චාම් භික්ෂුවකට තිබිය යුතු සැහැල්ලු බව මම ඒ තුලින් හොදටම දැක්කා 

                                       
                                                                   සක්මන්මළුව

සැතපෙන ඇද. මදුරු දැල,වටපත, පොත් කීපයක් පොඩි පුටුවක්‌ ,.පාත්තරය,ලන්තරුමක්,පොඩි ව්දුලිපන්දමක් විතරයි ඒ කුටියේ තිබුනේ සැහැල්ලු දිවිපෙවත කියන්නේ මේකටද ......................අපි ලං වෙනකොටම් ඇතුලින් ස්වාමීන් වහන්සේ එලියට් වැඩියා

වයස 25 ඇති මට පුදුම හිතුනා ඒ වෙන දෙකට නෙමෙයි මේ වයසේ කියන්නේ කොල්ලෝ එක්ක එකතු වෙලා රංචු ගැහෙන වයස ඒත් තනියම මිනිස් වාසෙන් තොර තැනක.නිතර අලි ගැවසෙන තැනක ඉන්නවා කියන එක ලේසියෙන් හිතන්න පුළුවන්ද............................
අපි නමස්කාර කරලා ඒ ක්ය්ටියේ තිබුණු පොඩි ඉඩේ බිම වාඩි වුනා .....................

                                  


අපිට ධර්මය ගැන තිබුණු බොහෝ ගැටළු වලට වුන් වහන්සේ උත්තර දුන්නේ බොහොම සැහැල්ලුවෙන් හරිම පැහැදිලි විදිහට  ඒ වගේම හොද අනුශා සවකුත් අපිට කරා ඒ පොඩි කාලය තුල බොහෝ වටිනා දේවල් මගේ ජීවිතේට එකතු වුනා කිවුවොත් නිවැරදි...........................
එහෙම අවබෝධයක් තියන කෙනෙකුට මේ මහා කැලෑවට වෙලා ජීවතේ ගෙවන එක ලොකු දෙයක් නෙමෙයි ඇත්තටම......................ඒ ජිවිත අවබොදේ හරිම නිරවුල් සමහර අපෙන් අහපු දේවල් වලට අපිට කරන්න තිබුනේ නිහඩව ඉන්න එක විතරයි...................

බණ, භාවනා කරලා උන් වහන්සේ අවබෝධ කරගන්න දැනුම කවද හරි මේ ලෝකෙට කරන්න පුළුවන් යහපත වෙනුවෙන් කැප කරා ව්................අපි උන් වහන්සේට පිරිකරක් වත් අරගෙන ගියේ නැ..........
ඒ උන් වහන්සේ ඒ කිසිවක් බාර නොගන්න හින්දයි.තමන්ට දවසකට  පැවැත්මට ඕනි දේවල් ව්තරක් ගන්නවා ඇරෙන්න වෙන කිසිස්ම දෙයක් බාරගන්නේ නැ......................

හරිම පුදුමයි නේද ?මම මගේ ජීවිතේට එහෙම දෙයක් දැකපු පළමු වතාව අපි ගොඩක් කරන්නේ අස් කරනවා නෙමෙයි .......රැස් කරන එක අපි හැමෝම එහෙමයි මම කියන්නේ ඒවා අත ඇරලා දානවා කියනවා නෙමෙයි සාමාන්‍ය විදිහට අපිට එහෙමම අමාරුයි නිකන් හිතන්න අපි රැකියාවක් කරන්නේ ජිවත් වෙන්න ඒත් අවසානේ වෙන්නේ අපි රැකියාව වෙනුවෙන් ජිවත් වෙන එක නෙමෙයිද 
තේරුම් ගන්න අමාරු අරමුණු වෙනුවෙන් දුවනවා අඩුම ගානේ තමන්ට වැඩක් කරගෙනත් නැ මට ජොබ් එක හින්ද කන්ඩ වෙලාවක් වත් නැ කියන් අය මම අහල තියෙනවා ඒ තකොට ජොබ් එක කරන්නේ මොකටද .......................ඒකෙන් කියන්නේ ජොබ් එක හින්ද කන්ඩ වෙලාවක් නැ නෙමෙයි තමන් අනවශ්‍ය විදිහට ජිවිතේ පටලවාගෙන කියන් එකයි.......................

පුළුවන් තරම් තමන් කරන වැඩේ අවංකව කරලා සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්න්නම් තමන්ගේ ජිවිතේට තවත් බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් කියලා මට කන්ද පාමුලට එන ගමන් හිතුනා ඒ අයට සොබාදහම සතා සිවුපාවා පවා උදවු කරනවා ගමට ඇවිල්ලා මිනිස්සුන්ට කරදර කරන අලි කවදාවත් උන් වහන්සේගේ කුටිය ළගින් අනන්තවත් ගහින් තිබුනත් ඒ කුටියටවත්  උන් වහන්සේටවත් හානියක් කරන්න ඉදිරිපත් වෙලා තිබුනේ නැ ඒ අරමුණක් වෙනුවෙන් අනුන් නොනසා ජිවිත ගත කරන මිනිස්සුන්ට සොබාදහම ගරු කරනවා කියන එකට අපිට ගන්න තියන හොද උදාහරණයක් නේද...............................ඔබ වහන්සේට මේ ස මාජයට යහපත් වු යමක් කරන්නට ශක්තිය ,ලැබේවා...............................................තෙරුවන් සරණයි,,, 

මාගේ බ්ලොග් අඩවියේ අඩුපාඩු පෙන්නු හසිත සොයුරාට මාගේ ප්‍රණාමය 








5 comments:

  1. ඇත්තටම හොඳ ලිපියක් සහෝ.

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්නුවට බොහොම ස්තුතියි සහෝ

      Delete
  2. කාශව කණ්ඨක යුගය බිහිකරන්න කැසකවන චීවරධාරීන් ඉන්න කාලෙක මේ වගේ බුද්ධ පුත්‍රයන් ඉන්න බව දැනගන්න ලැබුණු සන්තෝෂයි. ඔබට පිං මේ තොරතුරු ගෙන ආවාට. ඒ වගේමයි වැඩි විස්තාර කියන්න යන එකත් හොඳ මදි. ඒ නැත්නම් හැම එකාම යන්න පටන් අරන් ඒ හාමුදුරුවන්ගේ භාවනාව නිසි ආකාරයෙන් කරගන්න බැරිවේවි.

    …ඒ වගේමයි ස්තුති මාවත් මතක් කළාට. සිංහල බ්ලොග් අවකාශයේ සහෝදරයෙක්ට තවත් සහෝදරයක් කරපු උදව්වක් ඒක :)

    ReplyDelete
    Replies
    1. ඔව සහෝ මම එකයි ඒ හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් තැනක හරිට දැම්මේ නැත්තේ අපිට උදවු කරන අය හැමදාම මතක තියෙන්න ඕනි නේද

      Delete
    2. මේ blog එක සින්ඩිවලට එකතු කරලාද තියෙන්නේ ??

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි