Friday, July 20, 2012

කෝ මේ රත්න ශ්‍රී ව්ජේසිංහ

                    කෝ මේ රත්න ශ්‍රී  ව්ජේසිංහ 
පසුගියදා දවසක ඉස්කෝලෙක සාහිත්‍ය උත්සවයක් තිබ්බා.සාහිත්‍ය කිවුවාම මටනම් මතක් වෙන්නේ...මිනිස්සුන්ගේ හදවතට කතාකරන දෙයක් විදිහට.........ඒක ඒ තරම්ම් මිනිස් ජිවිතයට සම්බන්ධයි නේ නේද....කොහොම හරි අපි වෙලාවට කලින් මේ වැඩේ තියන තැනට ගියා අපේ කට්ටිය ඔක්කොම  18හිටියා සමහරු නම් මේ වැඩේට ගියේ කැමැත්තෙන්. සමහර අය  ගියේ අකමැත්තෙන්.........හැබැයි ගොඩක් දෙනෙක් හිටියේ අකමැත්තෙන් කිවුවොත් හරි......
                              
           

                          
සමහර අයගේ හිත් දැන් කලාවට දරා ගන්න පුළුවන් තරම් සියුමැලි නැනේ නේද ඒ තරමට වැඩ බහුලයි..අපි දැන් ගේට්ට්වුව ලගට වෙලා බලාගෙන ඉන්නවා. ඒදා දේශණ 2 දාලා තිබුනා එකක් ප්‍රවීන ගෙය පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා  අනික දේශක මාහානාම ව්ක්‍රමසිංහ මහතා  කට්ටියනම් ඉන්නවා එත් දේශනය කරන කවුරුත් නෑ,,,,,,,,,,,,,,,අපි ගේට්ටුව ලගට වෙලා ඉන්නවා දේශපාලන මහත්තුරුනම් කීප දෙනෙක් ආවා 

අපි ඇතුලට යනකොටම ගේට්ටුව අයිනේ කෙනෙක් හිටගෙන හිටියා අවුරුදු 60 ව්තර පෙනුම ඇති.අතේ තිබුණු බෑග් ඒක ගේට්ටුව අයිනේ තියලා....

අපි ඊට ඉස්සරහින් හිටගෙන ඉන්නවා ....කෝ බන් මේ රත්නත් ශ්‍රී විජේසිංහ මහත්තයා .....අපේ කෙනෙක්  බැරිම තැන ඇහුවා....ඇති ඇති තව ටිකකින් එයි..........එයිද කියන්න බෑ ......නෑ නෑ එහෙම වෙන්නේ නෑ කලාකාරයෝ  පොලු තියන්නේ නෑ .......ඒ ඒපිළිබද හොදින් දන්නා අයෙකි.මම පිටිපස බැලුවෙමි ගේට්ටුව අසල සිටි පුද්ගලයා විටින් විට අප දෙස බලා සිනා සෙනු මම දැක්කෙමි.ඔහුට සිනාසෙන ඕනෑම අයෙකුට ඔහු සිනාසෙනු මම දැක්කෙමි............උත්සවයට ආපු කෙනෙක් වෙන්න ඇති මම සිතුවෙමි......ටික වෙලාවකින් තවත් දේශපාලන මහතෙකු පැමිණෙන ලදී පිළිගැනීමේ පෙරහරකින් පිරිස ශාලාවට කැදවාගෙන යන ලදී 

අප පිරිස පිටුපසටම ව් සිටි අතර මෙයට අකමැති වූ තවත් පිරිසක් ඊට පිටුපසින් වුහ 

කෝ ආවේ නෑ නේද ....එකෙකු ඇසිය......එකනම් ඇත්ත ....උත්සව කටයුතු අරබන ලදී.පළමු දේශනය සදහා රත්න ශ්‍රී මහතාට ආරාධනා කරන ලදී .එකනම් වැරදිලා ආවානම් අපි දැක්කේ නැද්ද .....අයෙකු වේදිකාවට ගොඩ වෙනු දුටුවෙමි 

ඒ අර ගේට්ටුව අසල සිටි පුද්ගලයාය....ඒ ඔහුය අප බලාපොරොත්තු වුයේ මිල අධික වාහනයකින් බැස වේදිකාවට එන අයෙකි නමුදු සැබෑ කලාකරුවෝ එසේ නොවන බවට මා දුටු හොදම නිදසුන එයය ඔහු කලින් පැමිණ ඇත සුපුරුදු පරිදි දේශපාලන මහතෙකුගේ පමාව සිදුවී ඇත 

අප සියලු දෙනා පුදුම වූයෙමු ......අපි කතාකරපුවා ඇහෙන්න ඇති ......දැන් මොනවද කරන්නේ කලාකරුවන් සිත රිදවාගන්නා අය නොවෙති ඒ රිද්විමම නිර්මාණ ශක්තියට පෙරලා ගන්නා අය වෙති 

                                   
මා පළමුව දොස් නගන ලද්දේ media වලට.....යන්තං ටෙලියකට ඔලුව දාගත්ත නළුවෙක් මෙතනට ආවානම් මවිල් ගහක් ගානේ දන්නවා.....එත් මේ වගේ වටිනා චරිත ගැන කතා කරන ඒක අඩුයි..........මේක කොසොල් රජ්ජුරුවන්ගේ සිහින හැබෑ වෙන කාලයක්නෙ නේද?ඒක හින්දා කලබල වෙන්න දේකුත් නෑ නේද.......කොහොම වුනත් ඒ රසව්න්දන වැඩසටහන ඉවර වෙනකොට මුලින් අකමැති වුනු අය කියපු එක දෙයක් තිබුනා .......අපරාදේ මේ වැඩසටහන ඉවර වුනේ.............ඒ දයාබර වූ ඔබ සියලු මිනිස් සිත් වෙතට ඒක සේ ඇමතු බැවිනි ඒ සැබෑ කලාකරුවා සතුවූ සැබෑ ගුණාංගය වේ. කළා කේත තුල බොහෝ ගමනක් යන්නට ඔබට‍ දිගායු .........................

4 comments:

  1. බෙර වල හැඩයි හඬයි විතරයි බං ඇතුල හිස්. රත්නශ්‍රී කියන්නෙ මනුස්සයෙක්.

    ReplyDelete
  2. ඔව් ඔහු හරිම අනතිමානී මනුස්සයෙක්. වරක් ඔහුගේ ගීතයක පදයක් සම්බන්ධ කරුණක් දැනගන්න මම ඔහුට දුරකතනයෙන් ඇමතුවා. මම හිතන්නෙ ඔහු ආහාර ගනිමින් හිටියෙ. ඒත් ඉතාම සුහදව මට අවශ්‍ය දේ පැහැදිලි කරලා මා සමඟ කතා කළා.
    ඒ තමයි සැබෑ කලාකරුවො. දැන් ඉන්න පුස් වෙඩි වගේ අය නිකම් නිරූපකයො විතරයි. කලාකරුවො නොවෙයි. නොදැනුවත් කම රජ කරනකම් ඔවුන් ඉඳීවි. නමුත් බොහොම කෙටි කාලයකින් මිනිස්සු අතරින් ඈත්වෙලා යාවි.

    ReplyDelete
  3. කලාකරුවෝ එහෙම වෙන්න ඕනේ. අවාසනාවට දැන් ඉන්නේ කලාකාරයෝ නෙමේ කලාවකන්නෝ :(

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි