Wednesday, July 18, 2012

ගලෙන් කොටුව බැන්දයි ත්‍රිකුණාමලේ

        ගලෙන් කොටුව බැන්දයි ත්‍රිකුණාමලේ 

අපි ට්‍රින්කෝ පැත්තේ ගහින් එන්න යමුද ?යෝජනාව දැම්මේ කවුද  කියලා මට හරියට මතකයක් නෑ ....ඒ වුනාට ඒ යෝජනාව කලින්ම ක්‍රියාත්මක වුනා කිවුවොත් හරි ....සතියක් යන්න කලින් අපි ගමනට දින දාගත්තා .....ගමනට හිටපු ගාන 6 දෙනයි. මුලින්ම .....පස්සේ ඒක 11 වුනා.ඊට පස්සේ ඒ වැඩේට අපි වෑන් එකක් ලෑස්ති කරා අවසානේ යන්න වුනේ බස් එකක....ගාන 18 ක් වුනා 

                      
අපි ගමන පිටත් උනේ මෙන්න මේ විදිහට මේ දවස් වල මේ පාර හදනවා. ඉතින් ගමන හිතන තරම් ලේසි වුනේ නෑ. මගදී අපිට හම්බ උණු තැනක්  තමයි කින්නියා පාලම මේක දිගම  පාලම විදිහට තමයි   සලකන්නේ  මේක හැදුවට පස්සේ ගොඩක අයටනම් යහපතක් වෙලා තියෙනවා කිවුවොත් හරි බස් එකේ ගියපු රියදුරු මහත්තයා පාර හරියටම දැනගෙන හිටියේ නෑ ඒක හින්දා පාර අහගෙන යන්න තමයි සිද්ද වුනේ....එහෙම පාර අහපු වෙලාවක අපේ යාලුවෙක් කෝනේස්වරම් වෙනුවට අහල තියෙන්නේ මුන්නේශ්වරම් යන්නේ කොහොමද කියලා.......වැඩේ නම් අවුල් තමයි එත් මේ තැන් දෙකම සම්බන්දයක් තියෙනවා කියලා
දන්නවනේ නේද .................

ත්‍රිකුණාමලයට යනකොට අපිට සොදුරු දසුන් ගණනාවක් දැක්කා ගොඩක් පැති  වල මේ පාර කුබුරු කරන්න නොලැබුණේ වතුර  හරියට ලැබුනේ නැති හින්ද. එත් මේ පාර ට්‍රින්කෝ  වලනම් කුබුරු කරලා තිබුනා අපි දැක්කා 
    මුල්ම කාල වලදී මේ ප්‍රදේශ බටහිර ජාතීන්ට යටත්වෙලා තිබුණු ප්‍රදේශ අපිට අදටත් ඒ මතකයේ නටබුන් දකින්න පුළුවන් මේ තියෙන්නේ අපි යනකොට හම්බ උණු පැරනි සුසාන  භූමියක් 


                                                                                  
කොනේස්වාරම් වලට  ඇතුල් වෙන්න තියෙන්නේ පරණ බලකොටුවට ඇතුල් වෙන්න තියන ගේට්ටුවකින් කිවුවොත් හරි 


                                        

....කොහොම හරි අපි ත්‍රිකුණාමලය කොනේස්වරම් කෝවිලට තමයි ඉස්සර වෙලාම ගියේ .ඕන කෙනෙකුට ට්‍රින්කෝ ගැන වැඩි ව්ස්තරයක් දැනගන්න ඕනිනම් මේ ලින්ක් ඒකෙන වැඩි විස්තර බලාගන්න  පුළුවන් history of trincomalee
හැබැයි  ඒ ලින්ක් එකේ තියන විස්තර වලට වැඩිය ටිකක් ඒ තැන අලුත් වෙලා කිවුවොත් හරි අලුතෙන්ම මෙන්න මේ ශිව පිළිමය හදලා තියනවා 

                                               

 මේ කෝනේස්වරම් දේවාලෙට අධිපති වෙන්නේ ශිව දෙවීයන් ඒක හින්ද කරන හැම පුජාවක්ම ඒ දෙවියන් මුලික කරගෙන කරනවා කිවුවොත් හරි.......කෝනේස්වරම් දේවාලේ මුදුනට අවට පරිසරය බොහොම ලස්සනට පේනවා එකේ සුන්දර බව වචනයෙන් කියන්න බෑ ...හොද දබයක ලක්ෂණ මේ කදු මුදුනේ ඉදලා පහත බැලුවම පේනවා....ඒ කියන්නේ ඒක පාරම තද බෑවුමක් ..........හිතාගන්න පුළුවන්නේ නේද ඒ වගේ තැනක් ආරක්ෂාවට තොර ගත්තේ ඇයි කියලා අනිත් තුන් පැත්තෙන්ම මේ තැනට ලගා වෙන්න ලේසි නෑ පහල තියෙන්නේ මුදුනේ ඉදන් පහල තුන් පැත්ත බැලුවම පෙනෙන විදිහ 

                                                  
                              
                                                               
ඒක දිහා කොච්චර බලාගෙන හිටියත් එපානම් වෙන්නේ නෑ ....අපි යනකොට පුජාව පටන් අරන් තිබුනේ අපි තලේ හිටපු 3 දෙනෙකුට විතරයි ඒ වෙලාවේ ඇතුලට යන්න පුළුවන් වුනේ ඒ රත්නායක.තරංග,සුගත්ට ව්තරයි ඒක ලොකු වරමක් කියලයි රත්නායක අදටත් කියන්නේ.එහෙම වෙන්න පුලුවන්නේ නේද 

    මේ තැන අපුරු බාරයක් වෙන විදිහක් මම දැක්කා මම නෙමෙයි ඇත්තටම මේක දැක්කේ අපේ නදිෂ් බබාලා නැති  අය මේ තැන තියන ගහේ පොඩිවට හදපු ඔන්චිල්ලා හදලා එල්ලනවා ඒ අය ඒකෙන් තමන්ට දරු පල ලැබෙයි කියලා ව්ශ්වාස කරනවා 


                                                                           
        කෝනේස්වරම් කියන්නේ ගොඩක් පැරණි දේවල් හම්බ වුණු තැනක් අපේ ඉතිහාසේ ගොඩක් සම්බන්දකම්  එකේ තියෙනවා 


මේ පල්ලෙහා තියෙන ව්ෂ්නු හා ලක්ෂ්මි පිළිම දෙක හම්බ වෙලා තියෙන්නේ 1944 එංගලන්ත පාලන සමයේ පෙඩ්රික් කොටුව හදද්දී ඇල මාර්ගයක් හරනකොට පොලොව ඇතුලේ තිබිලා 


          
                                                
අපි ඒ තැනින් පිටත් වුනේ උණු වතුර ලිං බලන්න දන්නවනේ එකට ගොඩක් ප්‍රසිධ්දයි 
                                                                 
                                          
         මේතනින් සමුගත්ත අපේ ඊලග නැවතුම වුනේ නිලාවැලි මුහුදු තිරය ට්‍රින්කෝ එන ඕනිම කෙනෙක් මේ තැනට එන්නම ඕනි නැත්තන් ඒ ගමනින් වැඩක් නෑ...............ඉතාම නොගබුරු මුහුදු තිරයක් විදිහටයි සලකන්නේ කිලෝමීටර ගානක් යනකම් ඒ වගේ තමයි..........බොහොම සුන්දර රැලි මේ මුහුදු තිරේ අපිට හම්බ වෙනවා..කිසිම කෙනෙකුට මේ වෙරළේ අරක්කු බොන්න අවසර නෑ ඒක අගය කරන්න ඕනි දෙයක් නැත්තන් මේ වෙරළට අඩියක් ගහන්න වෙන්නේ නෑ 


  ඒ වෙරළ තමයි අපේ ගමනේ සමු ගැනීමේ තැන වුනේ ඒක සුන්දර අත්දැකීමක් ඔයාලට මිට වඩා අත්දැකීම් ඇති ලිපිය කියවලා පොඩි කොමෙන්ට් එකක් දාලා යනවනම් ලොකු දෙයක්......................                                                                                                             

6 comments:

  1. හොඳ විස්තරයක්. ඇත්තටම මමත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි ත්‍රිකුණාමලේ කියන්නේ. ගියදාට විස්තරේ මගේ බ්ලොග් එකේ දාන්නම්.

    ReplyDelete
  2. හොඳ ලිපියක් සහෝ මාත් පොඩිකාලේ ගියාට පස්සේ ගිහින් නැහැ.

    මුන්නෙශ්වරන් තියෙන්නේ හලාවතනේ

    ReplyDelete
  3. කතා කරන ඡායාරූප ටික වගේම කතාවත් නියමයි. අපිත් trip එක ගියා වගේ හැඟීමක් තමා එන්නේ කතාව කියවලා ඉවර කරද්දී

    ReplyDelete
  4. ස්තුත්යි සහෝ

    ReplyDelete
  5. මචං සුපිරි ඇ.......

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි