Wednesday, July 11, 2012

සෙනේ නැත නිම්මා -සොයයි පුතුනේ නුබේ අම්මා

සෙනේ නැත නිම්මා -සොයයි  පුතුනේ නුබේ අම්මා 

මගේ ජීවිතේට ලැබුණු සමහර අත්දැකීම් වලින් ගොඩක් ඒවා මගේ ජිවිත කාලෙටම අමතක වන්නේ නැති ඒවා ......ඇතැම් ඒවා ඒ තරමටම සංවේදී කිවුවොත් හරි .....මේකත් එහෙම එකක් මම ඒ වෙනකොට අග  නගරෙට වෙලා ඉගෙන ගන්න කාලේ ......
.

                                              
අග නගරේ කියන්නනේ පුදුම විදිහේ අත්දැකීම් ලැබෙන තැනක්නේ. හොද නරක දෙකම එකේ තියෙනවා ..ඒ කාලේ මම බෝඩින් වෙලා හිටියේ කොහොම හරි මගේ බෝඩිමට ලග වැඩිහිටි නිවාසයක් තිබුන...
සමහර වැඩිහිටි අය එතනට ඇවිත්  තිබුනේ තමන් හදාවඩා ගත්ත දරුවෝ ඉන්නවා එත් ඒ අය සලකන්නේ නැතුව .....සමහරු හොද ජොබ් කරපු අය, ඒ අයට ළමයි හිටියේ නැ.....ඉතින් දෙන්නාම ඇවිත් මේ නිවාසේ ගෙයක් කුලියට අරගෙන ඉන්නවා හොදට සල්ලි තියෙනවා වුනත් තමන්ට ලෙඩක් දුකක් හැදුනම බලන්න කෙනෙක් නැනේ .....
.
                                     
                                          
ඉතින් මේ වැඩිහිටි නිවාසේ අය මේ අයට ඕනි කෑම හැම දෙයක්ම සපයනවා. ඒ අයට ඕනි හැම සැප පහසුවක්ම තියෙනවා මොකද සල්ලි ගෙවනවානේ අනිත් අයට නම ගොඩක් අඩු සැලකිලි තමයි හම්බ වුනේ එක දිගටතියෙන  ශාලාවක තමයි ඒ අයට ඉන්න ලැබුනේ කෑම බිම හැමදේටම ඒක ව්තරයි හැම මොහොතකම රැවුම් ගෙරවුම් ඒ අයට හම්බ වුනා 

කොහොම වුනත් ඒ දෙගොල්ලොම දුකින් හටියා කිවුවොත් හරි .....මම නිතරම නිවාඩු වෙලාවට ඒ වැඩිහිටි නිවාසේ පැත්තේ යන්න පුරුදු වෙලා හිටියා තව අපේ යාලුවෝ කීප දෙනෙකුත් හිටියා 

හුදකලාව ගෙවන ඒ අයගේ ජිවිතෙට අපේ පැමිණීම ලොකු දෙයක් වුනා කිවුවොත් හරි ඒ හැම කෙනෙක්ම අපිව දැක්කේ ඒ අයගේ ළමයි ව්දිහට .........

තමන්ගේ ජිවිතේ ගෙවුණු හැටි,දරුවන්ට සලකපු හැටි පාසැල් යවපු හැටි ඒ හැමදේම ඒ අතරේ තිබුනා හැබැයි  ඒ එක් කෙනෙක්වත් තමන්ට නොසැලකුවා කියල ඒ ළමයිට දොස් කිවුවේ නැ .....තව තවත් හරියන්න කියන ඒක විතරයි කිව්වේ ඒ තමයි දෙමාපියන්ගේ තියන උතුම් ගුණය ...........................

                                  
සමහර අම්මලා තාත්තලට තමන් උදේට කැවද කියල මතක තිබුනේ නැ. ඒ වුනාට තමන්ගේ දරුවන්ගේ උපන් දිනේ හොදට මතක තිබුනා.......ඒ අය ඒවා මතක් කර කර හුල්ලනවා අපි අනන්තවත් දැකලා තියෙනවා  
ඒ අතරේ මට ව්ශේෂ සිද්දියක් වුනා එදා තමයි මම කල්පනා කරන්න පටන් ගත්තේ ඇත්තටම වරද කාගේද කියලා  

මගේ ව්භාග  වැඩ හින්දා මට ටික දවසකට වැඩිහිටි නිවාසේ පැත්තේ යන්න වුනේ නැ ......හැබැයි මම හැමදාම යන්නේ ඒ ලග පාරින් ඒක දවසක් මම අම්මා කෙනෙක් දැක්කා අලුතින් ආපු. මම හැමදාම යනකොට මම හවස එනකොට නිවාසේ ගේට්ටුව ලග තියෙන කොට බැම්ම ලගට වෙලා පර දිහා බලාගෙන ඉන්නවා ඒක දවසක් නෙමෙයි මම නොගිය දවස් ටිකේම මට ඒ අත්දැකීම හම්බ වුනා ........

මට ඒ ඇයි  කියල හොයන්න වෙලාවක් තිබුනේ නැ ......මම දවසක් ආයමත් වැඩිහිටි නිවාසේට ගියා. ඒ මගේ වැඩ ටික ඉවර වෙලා  එදත් ඒ අම්ම අර මම කියපු තැනටම වෙලා හිටියා .....

ට්කක් ලගට ළං වුනු මම " අම්ම ඇයි ඔතන කියලා " ඇහුවා."මම මගේ පුතා මාව එක්ක යන්න එනකන් ඉන්නවා එයා ලොක්කෙක් ඉංජිනේරුවෙක්.........."

එහෙම කියලා මේ අම්මා කතාව නැවැත්තුවා ඒ ත් මට හිතුනේ ඒ තැනින් එහාට කතාවක් ඇති කියලා 

මම  ඒ ගැන ට්කක් ව්පරම් කරා ඒ අම්මාට ඉදලා තියෙන්නේ ඒක පුතයි මේ අම්මා අමාරුවෙන් ඒ පුතාට උගන්නලා  තියෙනවා හොද කසාදයක් එහෙම කරගත්ත පුතා ඊට පස්සේ මේ අම්මව කාර් එකේ දාගෙන ඇවිල්ලා මේ වැඩිහිටි නිවාසේ ගාවින් බස්සලා ගහිල්ලා ඒත් අම්ම හිතාගෙන ඉන්නේ පුතාට වැරදීමකින් තමන්ව  බස්සල ගිය කියලා 

අම්මා  ගේට්ටුව ලගට වෙලා බලාගෙන ඉන්නේ පුතා ඒ වැරදීම මතක් වෙලා තමන් එක්ක යන්න එයි කියලා  ඒ කතාව අහපු මට හිතුනේ ඒ අම්ම ගොඩක් මහන්සි වෙලා තියෙනවා තමන්ගේ පුතා ලොක්කෙක් කරන්න................හැබැයි හොද මිනිහෙක් කරන්න ගුණ ධර්ම නෙමෙයි. පොත පාඩම් කරන්න මට හිතුනේ අම්මා  එහෙම කරපු එකේ ප්‍රතිපල අද විදිනවා වෙන්න පුළුවන්. මම ඒ වැඩිහිටි නිවාසේ හැම කෙනෙකුගේම ඒ දේ දැක්කා ඒ අය ගොඩක් මහන්සි වෙලා තියෙන්නේ තමන්ගේ දරුවෝ ලොක්කෝ කරන්න  එත් ඒක ඇතුලේ ගුණ ධර්ම තිබිලා නැ ........වටිනාම දේ තමන් දීලා නැ කියලයි මටනම් හිතුනේ 

මම එහේ අවුරුදු 2 හිටියා හැමදාම වගේ ඒ අම්ම පුතා එනකන් ඒ බැම්ම ලග ඉදගෙන හිටියා එත් කවදාවත් පුතා අවේ නැ 

අපේ හැම අම්මා තාත්තා කෙනෙක්ම මෙන්න මේ කවියේ තියෙනවා  වගේ දුවෙක් පුතෙක් හදන්න බලනවනම්  තමන්ට රටට ආදරය  කරන කෙනෙක් බිහි වෙයි


               පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු--ගුණ නැණ බෙලෙන් යතු පුතුමය ඉතා ගරු 
              ඒක පුන් සදින් දුරු වෙයි ලොව ගන අදුරු --නෙක තරු රැසින් ඒ ලෙසට නොම වේය දුරු  

5 comments:

  1. මව් පිය ගුණ සුවඳ හැමදාටමයි

    ReplyDelete
  2. තමන් කරන දේ තමන්ගේ දරුවන් අතිනුත් සිද්ද වෙයි
    වර්ඩ් වෙරිෆිකේෂන් එක්ක කමෙන්ට් දාන එකනම් අමාරුයි

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම ස්තුතියි මම එක හැදුවා

      Delete
  3. මව්පිය ගුණ සුවඳ ලෝකයේ තවත් උතුම් සුවඳක්. ඒ සුවඳ අපේ හදවතට ගොඩක් හොඳට දැනෙන්නේ අපි අසරණ වුන දවසක‍. මොකද අපි අසරණ වෙන දවසට හැම කෙනෙක්ම අප අතහැර යනකොට අම්මයි අප්පච්චියි විතරයි රත්තරං දුවේ පුතේ කියලා අපි ළඟට එන්නේ......

    බුදුන් ළඟට අපගේ දුක දන්නේ මව්නි පියාණෙනි ඔබ පමණයි......

    තෙරුවන් සරණයි.........

    ReplyDelete
  4. මා නිරන්තරයෙන් දිරි ගන්වන ඔබට ස්තුතියි

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි