Tuesday, July 10, 2012

අපේ අතීතය වැළලුනු බිමක සිට

අපේ අතීතය වැළලුනු බිමක සිට 

අපේ කම මේ මහා පොලවේ හැම තැනම තියෙනවා කිවුවොත් හරි පයට පාගන දුවිල්ලක් ගානෙම අපිට ඒ  හැගීම දැනේන්න ඕනි. එහෙම අපේ කම දැනෙන තැනක් ගැන තමයි අද මම ලියන්න හදන්නේ ඒ තමයි ඉබ්බන් කටුව සුසානාගාරය ......මේක මතක් වෙද්දීනම් මට වෙච්ච ඇබද්දියක් මතක් වෙනවා මම කැම්පස් ඉන්න කලේ අපේ සින්නෙක්  වැඩකරා tv channel එකක ඒක ඉන්ග්ලිෂ් එකක් ඒ අතරේ discover channel එකේ කට්ටියකට ඕනි වෙලා තිබුන මේ තියන සොහොන් බිම් ගැන film එකක් හදන්න ඒ අය මේ වැඩේ මම කිවුව කෙනාට තමයි  බාර ලංකාවේ වැඩේ බාර දීලා තිබුනේ එයාල එනකොට ඕනි දේවල් කරලා තියන්න ඒ අය කිවුව දෙයක් තමයි මේ සොහොන් බිම් ඊට පස්සේ ඊජිප්තු පිරමීඩ මේ ඔක්කොම එකම යුගයක හදපුව කියන ඒක. මේ තැන ගැන ව්ස්තර කරන්න හොද කෙනෙක් හොයල දෙන්න කියල තමයි එය   මට කිවුවේ එයලා ටිකක් අමුතු විදිහට වැඩකරන අය කොහොම හරි මේ තැන ගැන පත්තරේට ලිපි ලියපු කෙනෙක් මට හම්බ උනා



මම ඒ කෙනා අපේ අදාළ කෙනාට සෙට් කරලා දුන්නා කොහොම හරි අවසානේ දින දාගත්ත විදිහට කට්ටිය ලංකාවට අවා කියමුකෝ ඉබ්බන් කටුවට ඇවිත් වැඩේ පටන් ගත්තා  මේ මනුස්සයා කැමරාව දැක්කට පස්සේ වෙවුලන්න ගත්තනේ දැන් මොකද කරන්නේ යන්තං වැඩේ ගොඩ දාගත්තා නැත්තන් discover  අය ඒ ගැන film එකක්  කරනවා තව ටිකෙන්, ඊට පස්සේ මේ සොහොන් ගැනලියන ලිපිය තමයි මේ ................................................


හරි අපි දැන් මේ තැන ගැන බලමුකෝ ඔයාලා dambulla ඉදලා කුරුණෑගල පැත්තට ටික දුරක් යනකොට පාරේ දකුණු පැත්තේ මෙන්න මේ වගේ පුවරුවක් හම්බ වෙනවා 


                                            






                                                    
ඒතැනින් ඔය පුවරුවේ තියන දුර යනකොට මේ සොහොන් බිමට එන්න පුළුවන් මොකක්ද ඇත්තටම මේ සොහොන් බිම  750BC-450BC වගේ කාලෙක නිර්මාණය වුනු තැනක් ව්දිහටයි මේ තැන සලකන්නේ සොහොන් බිම් 10 ව්තර අපිට මේ තැන දකින්න පුළුවන් හතර වටින් ගල් පතුරු හතරකින් මේ හැම සොහොනක්ම වටකරලා තියෙනවා ඊට අමතරව ඊට උඩින් ගල් පතුරක් දලා වහල තියෙනවා 


          




                                                                                          


ඒ වගේම ඒ කාලේ අදාළ පුද්ගලයා පාවිචි කරපු මැටි බදුන්,  මාල වර්ග , වගේ දේවල් මේ තැන තිබිල හම්බ වෙලා තියෙනවා 
මේ සමහර මාල වර්ග දකින්න ලැබෙන්නේ ඉන්දියාවේ විතරයි  ඒ කේන අපිට අදහස් කරන්න පුළුවන් දේ තමයි ඒ කාලේ ඉදලා ඉන්දියාවත් එක්ක අපේ සම්බන්දකම් තිබිල තියෙනවා කියන ඒක ඒ වගේම මේ තැන ගැන කිසිම ලියවිල්ලක් හම්බ වෙලා නැ................
මුල් කලේ අනුරපුරේ ජානාකිර්ණ නගරයක් නමුත් මේ වගේ සොහොන් බිමක් නම් හම්බ වෙලා නැ ......
ගොඩක් වෙලාවට මේ ප්‍රදේශයේ ව්ශේෂ කුඩා ජන කොටසක් ඉන්න ඇති කියලයි ව්ශ්වාස කරන්නේ 


                                              


කොහොම උනත් මේ තැන සංරක්ෂණය කරන්නනම් ලොකු අවදානයක් දිලා නැ .....සමහරු ඒ අවට ගෙවල් පවා දැන් හදාගෙන යනවා තව ටික කාලෙකින් මේ තැන නැත්තටම නැති වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන් 




මේ ලිපියට මට උදව් කරපු  මාගේ අති ජාත මිත්‍ර නදිෂ් හා චානකට මාගේ ස්තුතිය................................

3 comments:

  1. keep continue your good workings........

    ReplyDelete
  2. "ඒ වගේම ඒ කාලේ අදාළ පුද්ගලයා පාවිචි කරපු මැටි බදුන්, මාල වර්ග , වගේ දේවල් මේ තැන තිබිල හම්බ වෙලා තියෙනවා"

    …පුද්ගලයා පාවිච්චි කරපු මැටි බඳුන් කියනවා වඩා මෙතන සිද්ධ වුනේ පුද්ගලයෙක් මියගියාම ඔහුව ආදාහනය කරලා භෂ්මාවශේෂ සහ ජීවත්ව සිටිය කාලේ පැළැන්ද ආරභරණ ආදිය මැටි බඳුනකට දාලා ඒ මැටි බඳුන ගල් පතුරුවලින් තැනුව මේ ආකාරයේ පෙට්ටිවල තැන්පත් කරපු එක.

    …"ඒක ඒ වගේම මේ තැන ගැන කිසිම ලියවිල්ලක් හම්බ වෙලා නැ.මුල් කලේ අනුරපුරේ ජානාකිර්ණ නගරයක් නමුත් මේ වගේ සොහොන් බිමක් නම් හම්බ වෙලා නැ ......"

    …මේ ගැන මොනවත් ලියවිලි හම්බෙන්නේ නැත්තේ මේ සුසානභූමිය ප්‍රාග් ඓතිහාසික මානවයන් භාවිත කරපු එකක් නිසා. අනුරාධපුරේ පණ්ඩුකාභය රජ සමයේ සුසානයක් සකස් කළා වගේම ඒකට මළ සිරුරු ගෙනියන්නත් පහත් කුළවල අයව පත් කරලා තියෙනවා

    ReplyDelete
  3. බොහොම ස්තුතියි හසිත සහෝ

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි