Friday, June 7, 2013

පොලිසියෙන් කැකිල්ලේ නඩු තීන්දුවක්

     පොලිසියෙන් කැකිල්ලේ නඩු තීන්දුවක් 

පොලිසිය කියන්නේ අපේ රටේ තියන සාමය ආරක්ෂා කරන්න තියන ප්‍රධාන ආයතනයක් ....එක ඇතුලේ අනන්තවත් හොද අය ඉන්නවා වගේම කමකට නැති අයත්  ඉන්නවා.....මේ එහෙම කෙනෙක් කරපු වැඩක් මගේ මිතුරෙකුට...........
මගේ යාලුවා දවසක් ගෙදර කුස්සියට ඕනි වෙලා තිබුණු සින්ක් එකක් කඩේකින් ගත්තා. ගෙදර අරගෙන ගහින් හයි කරන්න ගියාම තමයි  දැක්කේ.....එකේ පොඩි පිපිරුමක් ගහින් තියනවා. දැන් මොකද කරන්නේ මනුස්සයා ආපහු සින්ක් එකත් අරන් එක ගත්ත කඩේට ඇවිත් වෙලා තියන දේ කියලා අලුත් සින්ක් එකක් ඉල්ලුවා. කඩේ මුදලාලි කියන්නේ ඒක කඩෙන් උණු එකක් නෙමෙයි කියලා......අවසානේ යාලුවා කරපු වැඩේ  පොලිසියට කතා කරා........ටික වෙලාවක් යනකොට පොලිසියේ කෙනෙක් මේ කඩේ ලගට ආවා.
                                               



දැන් පැමිණිල්ලවිභාග කරනවා ......හැබැයි දෙන්නම දැන් කියන්නේ එකම දෙයක්.....මේක උනේ කඩෙන් නෙමෙයි එහෙම උනානාම් මම අලුත් එකක් දෙනවා....එත් මේක එහෙම නෙම්යිනේ ඒක හින්දා මට මේ සින්ක් එක එපා...........

මට මෙහෙම පිපිරිලා තියන සින්ක් එකක් මොකටද මටත් මේක එපා...........යාලුවත් කියනවා

මේ වැඩේ දිහා පොලිසේ කෙනා බලාගෙන හිටියා. වැඩේ නවතින පාටක් නෑ.......බැරිම තැන  ඔහු මැදිහත් උනා. හරි....... හරි................දෙන්නම පොඩ්ඩක් ඉන්න.මේක මුදලාලිටත් එපාද ?එපා මට එපා මුදලාලි කිවුවා .

හරි මහත්තයා මොකද කියන්නේ ඔයාටත් මේ සින්ක් එක එපාද ?එපා මටත් එපා.......දෙන්නටම එපානම් මේක ගන්න කවුරු හරිත් එපැයි හරි මේක මම ගෙනියන්නම් ...කියලා සින්ක් එක බයික් එකේ පිටිපස්සේ තියාගත්ත එයා යන්න ගියා.......අවසානේ සින්ක් එක මුදලාලිටත් නැ...යාලුවටත් නෑ..........හොදයි නේද?

4 comments:

  1. shoak kathawa neda

    ReplyDelete
  2. පොලිස් කාරය හරි බන්, උන් දෙන්නටම එපා නම් වෙන මොනවා කරන්නද?

    ReplyDelete
  3. කැවුමට බළල්ලු දෙන්නෙක් රණ්ඩු වෙද්දී ඒක බෙදන්න ආපු නරියා කැවුමම කාලා ගියා වගේ තමා :D

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි