Wednesday, March 6, 2013

වැඩ කරන්න යනවනම් බැට කෑමට බලන් ඉදින්

    වැඩ කරන්න යනවානම් බැට කෑමට බලන් ඉදින්

මම අද ලියන පොස්ටුව වෙන් වෙන්නේ ........අපේ රටේ වැඩ කරන්ඩ යන හින්දම තමන්ට ස්ථාන මාරුවීමක්  ඇගයීමක් විදිහට  ලැබෙන පරිපාලන නිලධාරියෙක් ගැන......මේ ලිපිය කියවන ඔබ දැනට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන් නැත්තන් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්.....ඒ හැමෝටම මේක වැදගත් වෙයි කියලා මම හිතනවා....... වටේ යන්න ඕනි නෑ. අපි කෙලින්ම කතාවට බහිමු.හැම කෙනෙක්ම අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්නවා,අවසානේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනි...අපි කරන රාජකාරිය හරහා ඒ මිනිස්සුන්ට දැනෙන්න සේවයක් කරන්න.......
               
                       
එහෙම හිතන පරිපාලනයට සම්බන්ධ නිලධාරියෙක් ගම්බද තියන කාර්යාලයකට එනවා ...ඒ එන්නේ කොළඹ රටේ ඉන්න තිබුණු තමන්ගේ අවස්ථාව නැති කරගෙන ගමේ මිනිස්සුන්ට වැඩ කරන්න හිතාගෙන .....මේ නිලධාරියා ඇවිත් මිනිස්සු හැමදාම දකින දේ නෙමෙයි......අලුත් විදිහට මිනිස්සු අතරට ගිහිල්ලා....ඒ අයගේ ප්‍රශ්න අදුරගෙන වැඩ කරන්න පටන් ගන්නවා.............

තමන්ට කියලා ඉඩමක් අහිමි මිනිස්සු වෙනුවෙන් ඉඩමක් දෙන්න ලැස්ති කරනවා ........ඩෙංගු මර්ධන වැඩසටහනක් තිබුනොත් වාහනේ ඉදන් අණ දීම වෙනුවට මහ පාරට බැහැලා ඔහු වැඩ පටන් ගන්නවා......

ඒක දකින අනිත් පහල නිලධාරීන්ට නිකන් ඉන්න පුලුවන්ද ?මේ හින්දම මිනිස්සු අතර අමුතු පිබිදීමක් ඇති වෙනවා.......ඔන්න ඔය වෙලාවට තමයි.....අපේ රටේ පරණ පුරුදු කලාව මතක් වෙන්නේ ඒ පෙත්සම් කලාව .......කට්ටිය වැඩ පටන් ගන්නවා දිගට හරහට...........

මිනිහෙක් හොද වැඩක් කරනකොට අපේ රටේ මිනිස්සු ඒ මනුස්සයා එක්ක ඉන්න විදි කීපයක් තියනවා. 

01-සහය දෙමින් එකට වැඩ කිරීම
02-ඔහුව පලවා හැරීම

අපේ රටේ ගොඩක් දෙනෙක් වගේ මේ දෙවෙනි ක්‍රමේ තෝරාගන්නවා ..........එකේ ප්‍රතිපලයක් විදිහට මේ නිලධාරියට ස්ථාන මාරුවීමක් එනවා ........වරද අවංකව වැඩ කිරීම

ඔබත් අවංකව වැඩ කරන්න යන ඕනෑම වෙලාවක මේ වගේ දේකට මුණ දෙන්න පුළුවන්......මේ වෙලාවට මතකයට එනවා මෙන්න මේ කියමන 

more work.........more problem
less work..............less problem
no work.................................no problem

මේ විදිහට කල්පනා කරන්න ගියොත් අපේ රට එක තැනකම තියෙයි......හැබැයි අවංකව වැඩ කරන්න යන හින්දා කල කිරීම් ඇති වෙන හැමෝටම හිතෙන්නේ මේ කියමන ඒ හින්දා අපි මෙන්න මේ වගේ වෙන එක හොදයි

"ඔවුන් වැලි කඩදාසියක් වන විට ...........ඔබ නොසැලී හිදින්න ඔවුන් ඔබ හොදින් මදිනු ඇත........නමුත් ටික වෙලාවකින් වැලි කඩදාසිය අවසන් වනු ඇත ඔබ හොදින් ඔපවත් වනු ඇත..............නැවත වැඩ පටන් ගන්න ..............."

අපේ රටේ මිනිස්සු දියුණු වෙන්න නම් ආකල්ප වෙනසක් ඇති විය යුතුයි.අපේ රටේ තියන දේ තමයි තමන් වැඩේ කරන්නෙත් නෑ කරන කෙනාට කරන්න දෙන්නෙත් නෑ.මේකට පොඩි කතාවක් තියනවා ......

හැම රටකම මිනිස්සු කීප දෙනෙක් අල්ලලා දාලා ඉන්න වලවල් තියනවා අපායේ.....එක වලක ඉන්නේ එක රටක මිනිස්සු විතරයි ...මේක බලන්න දවසක් අපේ රටේ කෙනෙකුත් යනවා......හැම රටකම වලේ කට ගාව මුරකාරයෝ හෙල්ල දීලා මුරට  දාලා ඉන්නවා .....එත් ලංකාවේ අය ඉන්න වල ලග කවුරුත් නෑ......මනුස්සයා අනිත් රටක වලකට එබිලා බලනවා......මිනිස්සු එක එක්කෙනාට කර තියලා වලෙන් ගොඩ එන්න උදවු කරනවා  වල කට ලගට  එනකොටම වල ලග ඉන්න මුර කාරයා අනිනවා පල්ලෙහට වැටෙන්න.....මනුස්සයා අපේ රටේ වල ලගටත් යනවා .අපේ රටෙත් එහෙමයි හැම කෙනාම වලෙන් ගොඩ එන්න කර දෙනවා......එක්කෙනෙක් කට ලගට එනකොටම අර පල්ලෙහා ඉන්න  අය අදිනවා ඉතින් මුර කාරයෙක් ඕනි නෑ නේද...........ඉතින් ජීවිතේට ගොඩ යන්න පුලුවන්ද බෑනේ.......දැන්වත් මේක වෙනස් වුනොත් නරකද ?

10 comments:

  1. //"ඔවුන් වැලි කඩදාසියක් වන විට ...........ඔබ නොසැලී හිදින්න ඔවුන් ඔබ හොදින් මදිනු ඇත........නමුත් ටික වෙලාවකින් වැලි කඩදාසිය අවසන් වනු ඇත ඔබ හොදින් ඔපවත් වනු ඇත..............නැවත වැඩ පටන් ගන්න ..............."//

    මේක නියම කියමනක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දෙන හයියට

      Delete
  2. රන් මසුරන් ළිපියක්.. අපේ රටේ දියුණුවක් නැත්තේ මේ නිසයි.. මෙය සෑම තැනකම තියෙනවා. බ්ලොග් අවකාශයෙත් තියෙනවා. අපට වශ්‍ය ඔබ වැනි බ්ලොග් ලියන්නන්.

    ReplyDelete
    Replies
    1. අපි එකම ගානක් යන්න ඕනි එතකොට කරන්න පුළුවන් දේ ගොඩයි

      Delete
    2. කීයක් ගියත් කමන්නෑ ලියපං මචං
      - දේශකයා

      Delete
  3. වටිනා ලිපියකි. ආකල්ප සංවර්ධනය කරගත හැකිනම් නැවත අප ගොඩනැගේවි. මේ සඳහා අධෛර්ය නොවී උත්සාහ කිරීම අවශ්‍ය බවයි ඔබ අවධාරණය කරන්නේ. මහා දාගැබ් අසම සම වාරි ශිෂ්ටාචාරයක් අතිවිශිෂ්ට කලා නිර්මාණ බිහිවුනේ ආකල්ප සංවර්ධිතව තිබූ අවදි‍වලයි. ආකල්ප පුනරුත්ථාපනයට නැතිනම් ආකල්ප වර්ධනයට වෑයම් කිරීම අනෙක් හැම වැඩ කටයුත්තක්ටම වඩා ප්‍රමුඛතාව ලැබීම වැදගත් යයි. ඔබේ ලිපිය කියවන මටත් හිතෙනවා. කොහේදෝ විදවතකුගේ දේශනයකදී මට හිතට වැදුන අදහස් කීපයක් එකතු කළාට කමක් නැද්ද රුවනක් වැනි රුවන් හිතවත,
    හරියයි ඔබේ හදවතට එකඟව සිතන දේ අනුව වැඩ කරන්න.
    1. ඔබ උපහාසයට ලක් කරවි. ඒත් වැඩ නවතන්න එපා.
    2. ඔබට අපහාස නින්දා කරවි. ඒත් කණස්සල්ලට පත්ව වැඩ නවතන්න එපා.
    3. ඔබට උගුල් අටවමින් පහර දේවී ඒත් බය වෙලා වැඩ නවතන්න එපා
    4. අවසානයේ ඔබට ප්‍රශංසා කරන්ට පටන් ගනීවි. එයින් වශීවී වැඩ නවතන්න එපා
    5. ඔබ අදහන්ට පටන් ගනීවි. ඒත් වැඩනවතන්න එපා.
    2.

    ReplyDelete
    Replies
    1. ලිපිය දීර්ග කරාට ස්තුත්යි

      Delete
  4. සිරා පෝස්ටුව

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි සහෝදරයා

      Delete
  5. රට පස්සට යන එක ආයේ අමුතුවෙන් අහන්න දෙයක්ද ඉතින්

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි