Saturday, March 2, 2013

ගෙදරින් නොදුන් නිසා පිටින් කෑම

             ගෙදරින් නොදුන් නිසා පිටින් කෑම
මගේ යහෙලියක් හිටියා පෙර  පාසල් ගුරුවරියක්  ......ටික කාලෙකින් මෙයාට ඕනි උනා රජයේ රැකියාවක් කරන්න.......අවසානේ ග්‍රාමසේවක පත් විමක් ලැබුනා ග්‍රාම සේවක කෙනෙක් කිවුවහම ඉතින් දන්නවනේ ගමේ හැම ප්‍රශ්නයක්ම එනවනේ

ඔන්න මෙයා ගිය අලුත් වැඩි අත්දැකීමකුත් නැනේ ....ගෑනු කෙනෙක් ආවා මෙයා හම්බ වෙන්න.......ඇවිත් කියනවා ......අනේ නෝනා නෝනත් ගැනු කෙනෙක් ...මම මේක කාට කියන්නද ...මගේ මිනිහා බොන්නේ නෑ......මට පාරක්වත් අතක් උස්සල ගහන්නෙත් නෑ........
                     
                              
දැන් ග්‍රාම සේවක නෝනට හිතා ගන්න බැරිලු ඇයි ඉතින් ගොඩක් එන්නේ එහෙම ප්‍රස්නනේ......

හරි දැන් ඔයාගේ ප්‍රස්නේ මොකක්ද??????????????????

නෝනා මගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන .........අනේ නෝනා මගේ මිනිහට අවවාද කරන්න .........ඒ ඇති

අපේ ග්‍රාම සේවක නෝනටත් අනුකම්පාව හිතුනා .....යකෝ පුදුම පිරිමිනේ එන්ඩ කිවුවා මේ ගැනු කෙනාගේ මනුස්සයට ......අපේ නෝනත් ගැනු කෙනෙක් හින්දා කාන්තා අයිතිවාසිකම් ගැන එහෙමත් මතක් වෙන්න ඇති................................................තමුන් කරන්නේ වැරද්දක්........නෝනා කියනවා.......තමුන්ගේ පවුල රැක ගන්න තමන් දන ගන්න ඕනි ...මේ විදිහට වෙන ගෑනු පස්සේ යන එක හරිද??????????????මෙහෙම දිගටම දේශනාව යනවා ....................මේ මනුස්සයත් මොකුත් ශබ්ධයක් නැතුව අහගෙන ඉන්නවලු අපේ නෝනට ඉතින් හරි සතුටුලු.. ඇයි කෙනෙක් නිහඩව ඉන්නවා කියන්නේ එයා ඒක පිලිගන්නවා කියන එකනේ .......මනුස්සයා ඔක්කොම අහගෙන ඉදලා .....අවසානේ මෙහෙම කිවුවලු...නෝනා කියන එක මම පිලිගන්නවා ...එත් මට මේක කියන්නකෝ ...නෝනලා ගෙදර බල්ලෙක් ඇති කරනවා ......ඒ බල්ලට ගෙදරින් කන්න දෙන්නේ නැත්තන්.....ඌ කන්ඩ දෙන තැනකින් කන්න කන්ඩ ඕනිනේ නේද ?මටත් වෙලා තියෙන්නේ ඒ වගේ වැඩක්....................තෙරුනානේ වෙලා තියන දේ නේද

නෝනට එදා හිතුනලු මේකට වඩා කරපු ගුරු රස්සාව හොදයි කියලා............

මේක බැලූ බැල්මට විහිලු කතාවක් වගේ ඒ උනාට .......මේ පොදු සමාජේ ඇතුලේ මිනිස්සු එකිනෙකා අවබෝධ කර නොගැනීම නිසා මතුවන සැබෑ ගැටළු මේ තුලින් කියවෙනවා ..............අපි ගොඩක් වෙලාවට කෙනෙකුට ප්‍රස්නයක් උනහම අන්තගාමී වෙනවා ......හැබැයි මැද ඉදන් බලපුවහම සමහර දේවල් කොච්චර සංවේදීද කියල හිතෙනවා...


22 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මෙය ඇත්තම කතාවක්නම්, පිරිමියා මීට වඩා තම පවුල් ජීවිතේ ගැන සිතන්න ඕන.

    ReplyDelete
  3. ඔව් මේක ඇත්තම කතාවක්.......පවුල් ජිවිතේ තමන්ට ලැබෙන්න ඕනි දෙයක් නොලැබෙන හිනදා පිරිමියා එහෙම උනා කිවුවොත් මොකද හිතන්නේ

    ReplyDelete
  4. අයියෝ සල්ලි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සැරදේවා මහරජ තුමනි

      Delete
  5. නැචුව නැචුව! බඩගින්නෙ මැරෙන්න පුලුවනෑ? :D

    ReplyDelete
  6. හික් හික් පොඩි කතාව්කින් ලොකු දෙයක් කියලා තියනවා

    ReplyDelete
    Replies
    1. මුලික දේවල් ඉටු නොවුණු කල

      Delete
  7. අවංකව කියනවා ලංකාවේ බහුතරයක් ආදරය කරන්න දන්නෙත් නෑ. සෙක්ස් කරන්න දන්නෙත් නෑ.. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා... මේ බ්ලොග් ලියන අය අහන ප්‍රශ්ණ වලින්ම...

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු නිතරම කරන්නේ දුවන එකනේ ඇයි ඒ දුවන්නේ කියල ඇහුවොත් කවුරුත් එක දන්නේ නෑ

      Delete
  8. අර ඩුඩ් කියනවා වගේ බඩගින්නේ මැරෙන්න බැහැ නේ?

    ReplyDelete
  9. අදමයි මේ පැත්තේ ආවේ මයෙ හිතේ. නියම කතාව. හික්ස්ස්...

    ReplyDelete
  10. මේ දේවල් දැන් සාමාන්‍ය දේවල් බවට පත් වෙලා.අපට ඕන බටහිරපන්නයට හැඩ ගැහෙන්න.එක අද සිද්ද වෙලා.මිනිස්සු අධ්‍යාත්මික සංවර්ධනයට හිනා වෙනවා.මේ මේ කථා වල භුමිකාවේ සිටින අයගේ සිත් වල ඇති ආඳොනාව අපට අහෙන්නේ නැ.එහෙම ඇහෙනවා නම් කන්න දෙන්නෙ නැත්නම් බඩකින්නේ මැරෙන එක සැපයි කියාවි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි හැම දේටම ඇත්තටම

      Delete
  11. යකෝ එහෙම නොදී ඉන්නත් පුලුවන්ද ගෑනුන්ට.

    ReplyDelete
  12. ඇත්ත ඇත්ත ඒ ගින්නත් ලොකු ගින්නක් නොවැ

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොහොමද සහෝ

      Delete
  13. යකෝ එහෙම නොදී ඉන්නත් පුලුවන්ද ගෑනුන්ට.
    - දේශක යා

    ReplyDelete
  14. පරිසරේ ගැලපෙනවා නම් අපිට නම් ගෙදර කෑම ඕන වෙලාවක පුළුවන් ඒ අතින් මම හෙන වාසනා වන්තයි නොවැ

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි