Monday, March 18, 2013

ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් මයිලත්තාව ශ්‍රී කාස්‍යපා රාමයට .................

         ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් මයිලත්තාව ශ්‍රී  කාස්‍යපා රාමයට .................

අපේ බොදු ජනයාගේ මුදුන් මල් කඩ විදිහට සලකනු ලබන මුලික ස්ථානයක් ලෙසට අපට ජය ශ්‍රී මහා බෝධිය සැලකීමට පුළුවන් .අපේ ලංකාවට බුදු දහම ලැබීමත් සමගම ලැබුණු දායාද විදිහට සලකන්න පුළුවන්
එදා මෙදා කාලයේ හැමදාමත් එකම විදිහට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම විශේෂත්වයක් .

මයිලත්තාව කියන්නේ සිගිරිය නගරයෙන් ඇතට වෙන්න තියන දුෂ්කර ගම්මානයක්...ගොවිතැන මුලික කර ගනිමින් තමන්ගේ දුෂ්කර ජීවිතය මේ අය ගෙවා දමනවා.... වල් අලි තර්ජනය මේ ගමට අලුත් දෙයක් නෙමෙයි නුගගොල්ලේ  ධිරානන්ද හාමුදුරුවෝ කියන්නේ මේ ගමේ පන්සලේ ඉන්න බොහොම උගත් තරුණ හිමි නමක්.....උන් වහන්සේ නිතරම ගමේ පන්සලේ දියුමුව ගැන නිතරම හිතනවා ඒ හින්දම තමයි.ගමේ අයට පහසුවෙන් වැදපුදා ගන්න පුළුවන් විදිහට ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ......මයිලත්තාව පන්සලට වැඩම වන්න තිරණය කරන්නේ ඒ උත්සවය පහු ගිය දා පැවැත්වුනා මේ ඒ ගැන මතක සටහන් ........තවත් බොහෝ ශාසනික සේවයක් කරන්න ඔබ වහන්සේට දිගායු ලැබේවා.................................. 


                                                                      





                                                                       


                                                                        

                                                                        


                                                                                     


                                   
    පළාත් සභා මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ සුරතින් රෝපණය කිරීම

ජය ශ්‍රී මහා බෝධිය ගැන වැඩිදුර තොරතුරු පහල ලින්ක් බලන්න

පුවත්පතින්


                                                 

5 comments:

  1. මට හිනා ගියා නායක හාමුදුරුවන්ගේ ආවාසේ ගහලා තියෙන පණිවුඩේ දැකලා :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හසිත මල්ලි, හිනා යන්න ඕනේ ඔය බෝඩ් එකට නෙවේ, ඔය වගේ ඉල්ලීම් කරන මෝඩ මිනිස්සුන්ට. මේ ගොල්ල හිතාගෙන ඉන්නේ බෝධීන් වහන්සේ ළඟටම ගියාම හරි, පිළිම වහන්සේ අත ගැවහම හරි ඉක්මනින් නිවන් යන්න පුළුවන් කියලා.

      මට දවසක් ස්වාමින් වහන්සේ නමක් කියපු කතාවක් මතක් උනා. මේ ස්වාමින් වහන්සේ දවසක් බුද්ධ මන්දිරයට වන්දනා කරන්න යනකොට, පිළිම වහන්සේ වැහෙන්න කුඹි පිරිලා ඉන්නවලු. ටිකක් විපරම් කරලා බලනකොට, කවුදෝ කැවුම් වගයක් පිළිම වහන්සේගේ අත උඩටම තියලා පූජා කරලා තියෙනවා දැක්කලු.



      Delete
    2. ගොඩක් අය කෙටි මාර්ග වලින් නිවන් යන්නනේ බලන්නේ

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි