Saturday, February 23, 2013

facebook හා ජනමතය

                  facebook හා ජනමතය

facebook නැත්තන් මුණු පොත කිවුවහම මට මතක් වෙන්නේ කැම්පස් එකේ හිටපු යාලුවෙක් ඇත්තටම මනුස්සයගේ කාඩ් එක වුනේ කොබා හැබැයි ගොඩක් දෙනෙක් කිවුවේ මනුස්සයට ඊට වඩා මුණු පොත කියන එක ගැලපෙනවා කියලා එකට හේතුවක් තිබුනා විභාගේ ලං වුනාම මනුස්සයා පාඩම් කරන්න තෝරාගන්නේ ඇද.......ඇදට ගොඩ වෙලා නෝට් එක අතට අරගෙන ඇදේ උඩ බෙලි අතට නිදාගත්තොත් ටික වෙලාවක් යනකොට නෝට් එක මූනට වැටෙනවා.......මුනින් අතට හැරුනොත් මූණ නෝට් එකට යනවා කට්ටිය හිතන්නේ  පාඩම් කරනවා කියලා හැබැයි මනුස්සයා ජයට නිදි............එක හින්දා මූණ පොතට පොත මූනට......
                         
               
හැබැයි අද මම ලියන්න හිතුවේ ඒ ගැන නෙමෙයි අපි අන්තර්ජාලය භාවිතා කරන හැමෝටම අනිවා...facebook ගිණුමක් තියනවා කිවුවොත් හරි .......කලින් නම්බර් එක ගැනු ලමයිගෙන් ඉල්ලපු අය දැන් ඉල්ලන්නේ .facebook යුසර් නෙම් එක.........මේ දවස් වල ගොඩක් .facebook  පොස්ට් වල යන ඒවා එකම ටොපික් එකක් කිවුවොත් හරි දන්නවනේ මොකක්ද කියලා.......අන්තර්ජාලය භාවිතා කිරීම තුලින් මිනිස්සු අතර මතවාදයක් හදන්න පුළුවන් ඒ අතරින් .facebook වෙබ් අඩවිය මුලිකයි...අපි හිතන්නේ නැති තරමට ලොකු මතවාදයක් මුනුපොත හරහා නිර්මාණය කරන්න පුළුවන්.....ඒකට හේතුව විවිධ මත දරන අය මේ වෙබ් අඩවියට සන්බන්ධ වෙලා ඉන්න එක.....මොනවා හරි දෙයක් ගැන පොස්ට් එකක් දැන්මම එක share කරන එක පාරකට විශාල පිරිසකට ඒ පණිවිඩය යනවා ......

හොද පණිවිඩයක් වගේම නරක දෙයක් වුනත් එහෙම තමයි...සමහර විට ඒක එක්කෙනෙක්ගේ මතයක් වෙන්න පුළුවන් හැබැයි අවසානේ එක පොදු මතය බවට පත් වෙනවා.......රටක දේශපාලන තීරණ වලට පවා ලොකු බලපෑමක් කරන්න මේ මුණුපොත හරහා පුළුවන්....

ඇමරිකානු මැතිවරණයේ ජයග්‍රණය උදෙසා ලොකු සහය දැක්වීමක් කරන්න මේ මුනුපොතට පුළුවන් වුනා...ඒ හරහා ලොකු මතවාදයක් නිර්මාණය වුනා.......

දැනට ලෝකේ මුනුපොත භාවිතය ගැන එක එක රටවල ප්‍රමාණය මෙන්න මේ වගේලංකාවේ භාවිතය ඒ වගේම ලෝකේ විවිධ රටවල තත්වේ මෙන්න මේ වගේ ලෝකයේ තත්වය ඒ අනුව හිතාගන්න පුළුවන්නේ නේද මූනුපොත භාවිතා කරන ඔබ මේ රටේ තීරණාත්මක සාධකයක් කියන එක  අපි පලකරන පොස්ට් එකක් හින්දා හෙට වෙනකොට රටේ තියන මතය සම්පුරනයෙන්ම වෙනස් වෙන්න පුළුවන් එක හින්දා පොස්ට් කරන්න කලින් හිතන එක හොදයි නේද...........................

2 comments:

  1. Replies
    1. මනසින් *ට ගොඩවදින්න (මෝඩකම සහ තදබල මොලේ අමාරුව)

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි