Wednesday, February 27, 2013

පොලිසියේ හාවා ඇල්ලීමේ කලාව

          පොලිසියේ  හාවා ඇල්ලීමේ කලාව

අපේ රටේ පොලිසිය ගැන මොකද හිතෙන්නේ ?සමහරු හොද කියයි සමහරු පලු යන්ඩ බනියි.හැබැයි අපි අදුනගන්න ඕනි දේ තමයි පොලිසිය කියන්නෙත් මේ රටේ තියන තවත් එක ආයතනයක් බව ......හැම ආයතනයකම හොද නිලධාරීන් ඉන්නවා ඒ වගේම කිසිම කමකට නැති නිධාරීන් ඉන්නවා ඉතින් පොලිසියේ විතරක් අපිට හොද නිලධාරීන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?ඇත්තටම පොලිසියේ ගොඩක් හොද නිලධාරීන් අනන්තවත් ඉන්නවා හැබැයි දෙතුන් දෙනෙක් කරන වැරදි හින්ද සමස්ත පිරිස දිහාම වැරදි විදිහට බලන එක වැරදියි.......
     
                                             
අපේ රටේ පොලිසිය හොරු අල්ලන්න වගේම අහුවුනොත් හොදට බඩ කට පිරෙන්න දෙන්නත් දන්නවා. ගොඩක් රටවල මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරන්න විවිධ ක්‍රම තිබුනත් අපේ රටේ බැරිම තැන ප්‍රශ්න කරන්නේ බඩ කට පිරෙන්න දීලා.......ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් පොලිසියට පුළුවන් කියලා කතාවක් තියනවානේ නේද ඒ කියන්නේ වැරදි කාරයා නිවැරදි කාරයා කරන්නත් නිවැරදි කෙනෙක් වැරදි කාරයෙක් කරන්නත් පුළුවන් කියන එකනේ..........

මේ තියෙන්නේ ලෝකේ හොදම පොලිසිය හොයපු විදිහ .....මේකට ඇමරිකානු,එංගලන්ත්ත,වගේම ලංකාවේ පොලිසියත් හිටියා.....වැඩේ මෙහෙමයි කරේ ටිකක් ලොකු කැලෑවල් තුනක් තෝරගත්ත......එක කැලෑවකට එක හාවා ගානේ හාවෝ තුන් දෙනෙක් කැලෑවට නිදහස් කරා ......දැන් තියෙන්නේ පොලිසියට ආපහු මේ හාවා අල්ලගන්න .ඇමරිකානු පොලිසිය ආවා......බිමින් නෙමෙයි උඩින් එක දිගට ගුවන් යානා වලින් ගහන්න ගත්තා. දැන් මුළු කැලේම ගිනි ගන්නවා හාවා නෑ කියලා යන්න ගියා......එංගලන්ත පොලිසිය කැලෑව ඇතුලට ගහින් කෙළවරක් නැතුව වෙඩි තියන්න ගත්ත හාවා නෑ.ඒ අයත් යන්න ගියා ඊලග චාන්ස් එක ලංකාවේ පොලිසියේ කට්ටිය කැලේ ඇතුලට ගියා .ආයුධ මොකුත් නෑ කොහොමද වැඩේ.ටික වෙලාවක් ගියා කිසිම සද්දයක් නෑ.මෙන්න එක පාරම සද්දයක් ඇහෙනවා.......අනේ බුදු සර් ගහන්න එපා මම හාවා තමයි මම හාවා තමයි කියලා.........කට්ටියට හාවා අහුවෙලා.... නෑ අහුවෙලා තියෙන්නේ තඩි වලහෙක් ......පොලිසියෙන් වලහට ගහනවා කියපිය තෝ නේද හාවා......තෝ නේද හාවා.......වලහා කෑ ගහනවා අනේ බුදු සර් ගහන්න එපා මම හාවා තමයි?කොහොමද වැඩේ...............................

19 comments:

  1. අදමයි ඇහුවේ ඒ කතාව. එල මචං..!

    ReplyDelete
    Replies
    1. වලහෙක් කැලේට දැන්මනම් හාවා අල්ලගන්න තිබුන මචං

      Delete
  2. ඇයි "සෑර් මෙයා පිලිගත්තා... ගම්පෙරලිය ලිව්වෙ මෙයාම තමයි කියලා..."

    ReplyDelete
    Replies
    1. එකත් තඩි ගහල අහපු එකක්ද

      Delete
    2. ඇයි බන් "විජය බා කොල්ලය" ඕක කරපු එකත් අපේ පොලිසියෙන් අල්ල ගෙන තිබුනා.

      ඇල්ලුවා මදිවට උට තව ගැහුවලු "තෝ කොල්ල කනවා මදිවට ඒවා පොත් වල ලියල ප්‍රසිද්ධ කරනවා" කියලත්.

      Delete
    3. අම්ම පා මූ තියන්න වටින්නේ නැනේ.... හික්

      Delete
  3. රුවන් ඔබට ලකුණු සීයෙන් න් සීයම දුන්නත් වැරැදි නැහැ.

    මට මතක නැහැ මෙම සිද්ධිය වූ පලාත සහ පුද්ගලයින්. නමුත් පුවත් පත්වල පල වී තිබූ (මා කියවා නැත) කතාවක්. (පොලිසියට අදාල වූවද ඔබේ කතාවට සමාන නැහැ)
    එක් පොලිස් නිලධාරියෙක් නිතරම අසල මස් කඩයකින් මස් ගැනීමට පුරුදුව සිටියා. ඔහු ඒ සඳහා පොලිස් පාට් පෙන්නුවා හැරුණකොට මුදල් ගෙවුවේ නැහැ.
    දිනක් මේ පොලිස් නිලධාරියා ගෙන ගිය මස් සුද්ධ කිරීමේදී බල්ලෙකුගේ කකුල් කොටසක් අසුවී තිබෙනවා.
    අවසානයේ මෙම ගැටලුව උසාවිය දක්වා ගෙන යනවවා.
    උසාවියේදී මස් මුදලාලී කියුවේ පහත අදහස ඇති කතාවකි.
    “ස්වාමීනි.... මා බලු මස් විකුණනුයේ නැහැ. නමුත් මේ නිලධාරියා නිතරම මගෙන් සල්ලි නොදී මස් ගන්නවා. මට එක පාඩුවක්. ඒ නිසා මා බල්ලෙකුගේ මස් තබා ගෙන මේ නිලධාරියාට පමණක් දුන්නා. මා බලු මස් කිසි කෙනෙකුට විකුණා නැහැ. මේ නිලධාරියාටත් විකුණා නැහැ. සල්ලි නොදී බලෙන් ගෙනියන්නේ. ඉතින් මම වික්කේ නැහැනේ“

    ReplyDelete
    Replies
    1. මස් කඩ කාරයාට ජනතා උතමාචාරය පිරිනැමිය යුතුය.

      Delete
    2. හරිනේ ඒක හරියටම හරි

      Delete
  4. //පොලිසියෙන් වලහට ගහනවා කියපිය තෝ නේද හාවා......තෝ නේද හාවා.......වලහා කෑ ගහනවා අනේ බුදු සර් ගහන්න එපා මම හාවා තමයි?//

    පොඩි වැරදීමක් වෙලා වගේ.. අපේ පොලිසියෙන් නම් ගහන්නේ හාවා ට කියපිය තෝ නේද වලහා... තෝ නේද වලහා.... එතකොට හාවා කෙඳිරි ගාමින් කියනවා ගහන්න එපා බුදු සර් මම තමයි වලහා.....

    ReplyDelete
    Replies
    1. එකත් වෙන්ඩම බැරි නෑ නේද

      Delete
    2. ඔව් ඔව් මුන් කරන්නේ කොහොමත් හොරා අත හැරලා අහිංසකයෙක් අල්ලගන්න එකනේ.

      Delete
    3. .ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් පොලිසියට පුළුවන් තමා ...හික් ..හික්...

      Delete
  5. හෙහ් හෙහ්... අන්න ලංකාවේ කට්ටිය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. අදමයි මේ පැත්තෙ ආවේ. නිර්මලා දාපු ලින්ක් එකකින්.
    පොලෝසිය ගැන මමත් මේ ලඟදිත් ලිව්වා එකක්.
    මාත් හරිම ආදරේ කට්ටියක්නෙ ඔය.

    ReplyDelete
  7. පොලිස් කොත්තුව - ඔය කෑම කඩවලින් රෑට පැට්‍රොල් යන පොලිසියේ අය කොත්තු කාලා සල්ලි නොදි යන නිසා කෑම කඩවල අය කරන්නේ අනිත් අය කාලා ඉතුරු වුන පිඟන් වල තියෙන කොත්තු ටික එකතු කරල මස් හොදි ටිකක් දාලා වෙනම කොත්තු හදල එක නිකම් පොලිස් මහත්තරුන්ට දෙනව, තේ එකත් එහෙමයි තේ එකනම් මම ඇස් දෙකින්ම දැක්කා, මම බෙල්ලන් විල ප්‍රදේශයේ කඩෙකින් පේලෙන්ටි එකක් ඉල්ලුවහම මට ගෙනත් දුන්න මම පේල්න්ටි උගුරක් බී ප්ලෙන්ටියේ තද කහට නිසා වෙන එකක් ගෙන්න කිව්වම මම බීපු පේලේන්ටි එක වෙටර් අසල මෙසයක හිටපු පොලිස් නිලධාරියකුට දුන්නා,

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙනවා නේද

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි