Tuesday, February 12, 2013

ශ්‍රී පාදේ කරුණාව

                                      ශ්‍රී පාද කරුණාව





                                                               

අපිට ජිවිතේ එක එක මිනිස්සු හම්බ වෙනවනේ නේද ?එකම ගති ලක්ෂණ තියන මිනිස්සු එකට එකතු වෙනවා .එක මේ ලෝකේ හැටි එකට එකතු වෙන කට්ටියට කියන්නේ සෙට් එකක් කියල.අපේ ඔෆිස් එකේ ඉන්නවා සෙට් එකක් එකට කියන්නේ ගමන් සෙට් එක කියලා කොහේ හරි කමක් නෑ ඇවිදින්න යන්න තියනවනම් ඒ ඇති .......


මේ පුංචි රටේවත් අඩුම ගානේ ඇවිදලා නැත්තන් ජිවිතේ වැඩක් තියනවද නේද ?අපි ලගදි ගියපු ගමන තමයි ශ්‍රී පාදේ ...වෙනද වගේ තමයි කොහේ යන්නත් එකතු වෙන පිරිස එදත් එකතු වුනා.දඹුල්ලේ ඉදන් පටන් ගත්තම නුවර හැටන් හරහා ශ්‍රී පාදේට යන එක තමය ලගම පාර දලධා මාලිගාව එහෙම වැදගෙන අපේ වැඩි දෙනෙක්ගේ මතක සැමරුම් තියන පේරාදෙණිය කැම්පස් එක පැත්තෙත් ගිහිල්ලා යන්තම් නල්ලතන්නියට එනකොට රෑ 11 විතර වුනා........

 එහෙනම් කට්ටිය කරුණා කරන්න පටන් ගන්නකොට 12 කිට්ටු ඇති ...........මේ අපේ මතක සටහන් 


                                                                   
                                                  
                                                     

                                                                         



                                                                               



                                                 
                                                 

අපේ මිනිස්සු ශ්‍රී පාදේ ගීහින් පින් රැස් කර ගන්නවද පවු රැස් කරගන්නවද කියල තව පාරක් හිතන්න ඕනි....සමනල අඩවිය කියන්නේ වැදගත් පරිසර පද්ධතියක් එත් අපේ මිනිස්සු ඒ පරිසර පද්ධතියට ශ්‍රී පාද ගමන නිසා කරන හානිය සුළු පටු නෑ .....පරිසරයට අහිතකර ප්ලාස්ටික් ,ෂොපින් බෑග් මග දිගට ඕනි තරම් දැක බලාගන්න පුළුවන් 

ඒකට හොදම උදාහරණය තමයි මේ පහල තියෙන්නේ ඇත්තටම අපි මේ සංගමයට අපේ ස්තුතිය පිරිනමන්න ඕනි .මුළු මහත් ජාතියේ හැම දෙනාම මේ තරුණ සත්ව වේදීන්ගේ සංගමය ශ්‍රී පාද කරුණා කරලා ඉවර වුනාට පස්සේ අපේ මිනිස්සු දාලා එන පරිසරයට අහිතකර දේවල් මේ අය එකතු කරනවා එහෙම නොවුනානම් අපේ රටේ අයට ශ්‍රී පාදේ යන්න වෙන්නේ එක පාරක් විතරයි.....පේනවා නේද 



                                                                          

                                      
                                                                         


                                                                         


                            
අපිට අපි හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ මෙහෙම් ඉල්ලීමක් මෙහි එන්න සුන්දරවත්වය විදින්න ආශිර්වාදය ලබාගන්න ඔබේ පිය සටහන් ඇරෙන්න ඔබ විසින් ගෙනා අන් සියලු දේ රැගෙන යන්න 

ශ්‍රී පාදේ ගැන අපේ මිතුරෝ ලියපු දේවල් ගොඩක් තියනවා බලන්න කොච්චර අපුරුද කියලා (ලින්ක් ක්ලික් කරන්න )





4 comments:

  1. මේ අපද්‍රව්‍ය දාන එක මේක අතලොස්සකගේ වරදක් කියන්න බැහැ. මෙච්චර බෑග් ප්‍රමාණයක් කියන්නෙ කොච්චර මිනිසුන් ගානකගේ වැරැදිද? මේකට ලොකු කුඩා කියලා වර්ග කරලා කියන්න බැහැ. නමුත් මේ පිරිසුදු කරන තරුණයන්ට ගොඩක් පින්.

    ReplyDelete
  2. ලංකාවේ ගොඩක් දෙනෙක් පරිසරයට ආදරේ කරන්නේ නැහැ එක තමයි මේ දේවල් වලට හේතුව.

    ReplyDelete
  3. මේ විදියට හෝ ප්‍රතිවිරොධතාවක් එනවිට වැරදි කරන එක අඩුවෙනවා . ඉතා අගේ ඇති සටහනක්..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් සහෝ

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි