Friday, January 11, 2013

කාලා බලන් පැරණි හාලේ ගුණ

කාලා බලන් පැරණි හාලේ ගුණ

අලුත් අවුරුද්දක් ලැබුවා ඒ අලුත් බවත් එක්කම අපිට අහන්න ලැබුනේ හොද දේවල්නම් නෙමෙයි .......මේ අවුරුද්ද පුරාවට අපිට නැවත  එහෙම දේවල් අහන්න නොලැබේවා  කියලා අපි ප්‍රර්ථනා කරමු.දඹුල්ලේ තියනවා විශේෂ ගොවිපලක් මේ ලගදි අපේ ඔෆිස් එකේ අයත් එක්කම මම ඒ ගොවිපල බලන්න ගියා ....ඇත්තටම එක මසුරන් වටින වැඩක් කිසිම රසායනික පොහොරක් මේ ගොවිපලේ භාවිතා කරන්නේ නෑ.සම්පුර්ණයෙන්ම කාබනික පොහොර වලින් මේ ගොවිපල සරු කරනවා කිවුවොත් හරි තව දෙයක් මිනිස්සු හිතන්නේ නැති විශ්ව ශක්තිය ඒ ගොවිපලේ අස්වැන්න වැඩි කරගන්න භාවිතා කරනවා කිවුවොත් මොකද හිතෙන්නේ ඒ දේ ඒ අය කරනවා .හරි ඒ ගැන පස්සේ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා මේ ගොවිපලේ තියන වැදගත්ම දේ තමයි අපේ පාරම්පරික සහල් වර්ග වගා කරන එක අපි අහලවත් නැති නම් වී වර්ග ඒ අය ගාව තියනවා 

අද කාලේ අපේ රටේ යට නම්බුකාර ලෙඩ කීපයක් තියෙනවා දියවැඩියාව ප්‍රෙෂර් ඒ අතරින් මුලිකයි.....මේ ලෙඩ හැදෙන්න අපි කන කෑම මුලිකවම බලපානවා සම්බා දියවැඩියාව වැඩි වෙන්න හොදම බෙහෙත ඒ ගොවිපලේ වගා කරන වී වර්ග වගේම ඒ වී වල තියන ගුණය මෙන්න

                             
          
මාවි

දියවැඩියාව මලබද්ධය පාලනය කරයි.අධික බර පාලනයට සුදුසුයි කය වර්ධනය හා ශක්තිය වඩවයි


සුවදැල්
ශරීර වර්ධනයට සුදුසුයි කටහඩ මිහිරි කරවයි.බහිස්ශ්‍රවී ක්‍රියා මනාකොට පාලනය කරයි.දියවැඩියාව පාලනයට සුදුසුයි

කළු හීනැටි

ශරීර ගත විෂ මර්දනයට සුදුසුයි

රත්දැල්

ශරීරය සැහැල්ලු හා සිසිල් කරයි  සම නිරෝගිමත් කරයි

පොක්කාලි

දියවැඩියාව පාලනයට සුදුසුයි ස්නායු රෝග සමේ රෝග සදහා සුදුසුයි


දහනල

වකුගඩු,පිළිකා,ප්‍රමේහ රෝග සදහා සුදුසුයි

කුරුළු තුඩ

ශරීරයේ උණුසුම වැඩි කරයි.මුත්‍රා රෝඅග සදහා සුදුසුයි


හැටදා වී

මලබද්දය පාලනයට සුදුසුයි ශරීරයේ ඍජු බව ඇති කරයි

මඩතවාලු

වාත පිත් සේම සදහා සුදුසුයි

8 comments:

  1. ඉතාම වැදගත් ලිපියකි. අවුරුදු දහස් ගණනක් තිස්සේ සංවර්ධනය වූ දැනුම ඉවත දමා අමතක කිරීමේ අනිෂ්ට ඵලවිපාක අත්දකිමින් සිටින යුගයක අපේ ඇත්තන්නේ ඇස් හරවන්ට ඔබේ ප්ර යත්නයත් මහත්සේ උදව් වේවි. ඔබ වැනි අලුත් සහ නිවහල් ආකල්ප ඇති තරුණ කැළක් සිටින බව දක්නට ලැබීම වාසනාවකි. ඔබට ජය පතමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ඔබේ අදහස් දැක්වීමට

      Delete
  2. පොඩිම කාලෙ ඔය වී වර්ග වලින් කිහිපයක බත් කාල තියනව. ඉතාම රසවත්. ඒ වගේම අද තියන කිසිම හාල් වර්ගයක නැති සුවඳකුත් ඒ බත්වල තියනව. අවුල තියෙන්නෙ මේව ගැන නිසි කාලෙ පර්යේෂණ සිදු නොවීම. ඔය කියන වී වර්ග බොහොමයක අස්වනු නෙලන්න මාස තුනහමාරට වඩා වැඩි කාලයක් බලං ඉන්න වෙනව. මං හිතන්නෙ ඒ නිසා තමයි ප්‍රචලිත නොවුනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිනිස්සු ඒ ගැන හිතුවා

      Delete
  3. සුවදැල් , පච්ච පෙරුමාල් , හීනටි හාල් වාගේ හාල්වර්ග කිහිපයක් . රණවිරු එළවලු අලවි සැල් වල, සෝයා නිෂ්පාදන විකුනන තැන්වල එහෙම ගන්න තියනවා, සුපිරි වෙළද සැල්වල එහෙමත් තියනවා . රස බලන්න කැමති කෙනෙකුට හෝදිසි කලානං, ගන්න පුළුවන්,

    මම අහලා තියනවා , සුද්දෝ එකතු කරපු පරණ වී වර්ග සියල්ලේම , සාම්පල් තියනවලු වී පර්යේෂන ආයතනයේ ,

    එව්වා අභිජනනය කරලා වගා නොකරන එක තමා අපේ කරුමේ.

    සමහරක් විට අපෙන් උස්සපුවම අපිටම දෙනවා ඇති අළුත් වර්ග විදිහට

    ReplyDelete
  4. මාවී නම් කාලා ඇති ඇති පදම්
    කන්න පුළුවන් මතක් වෙද්දිත් කෙල ගිලෙනවා

    ReplyDelete
  5. ස්තුතියි, වටිනා ලිපියක්.

    ReplyDelete
  6. කිරිබත්ගොඩ සෝයා වෙළෙඳහලේ මේ හාල් ජාති කීපයක්ම විකුණන්න තියෙනවා දැක්කා. කිලෝ එකක් රුපියල් 180 ක විතර මුදලකට තමා තිබුණේ මට මතක විදිහට

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි