Saturday, July 13, 2013

පර්දාවෙන් වැසුනු සදවතිය

                   පර්දාවෙන් වැසුනු සදවතිය

ජීවිතය කියන්නේ මොන තරම් සුන්දර දෙයක්ද? සමහරු ජීවිතය දකින්නේ විදවන දෙයක් විදිහට එත් සමහරු ඒක බොහොම සතුටු දායක දෙයක් කරගෙන ඉවරයි.....මම මුලින්ම  කියන්න ඕනි දේ තමයි මේක කාටවත් අපහාසයක් නෙමෙයි කියන එක මේකේ තීරකයා වෙන්න ඕනි කියවන ඔබ...........

නමින් ඇය අලීසා නමින් හිතාගන්න පුළුවන් නේද ඇය අයිති කොහාටද කියලා එයා මුස්ලිම් තරුණියක්.....එක පාරක් දැක්කම දෙපාරක් දකින්න  හිතෙන අලීසා මට මුණ ගැහෙන්නේ මාදුරු ඔය යුධ හමුදා පුහුණු පාසලේදී, ඒ නායකත්ව පුහුණුවට සම්බන්ධ වුනු වෙලේ..........මේ පුහුණුව පුහුණු  වට තුනක්ම,,,,,,
                                           


                                 

තිබුනත් ඒ තුනටම  ගියපු නැති අය තමයි මේකට  ඇවිල්ල හිටියේ. එකක් මේ පුහුණුවට තියන අකැමත්ත වගේම වෙනත් පෞද්ගලික හේතු කිවුවොත් හරි........හැබැයි මම මේ කියන කෙනා පුහුණුවට අවස්ථා තුනේම ඇවිත් තිබුනේ නැත්තේ එයාලගේ පවුල්  රාමුව ඇතුලේ ඉඩක් නොලැබීම. එකේ ප්‍රතිපලයක් විදිහට අවසානේ රැකියාව නැති වෙයි කියන බය දැනෙන ඇය මේ පුහුණුවට එන්න අවස්ථාව උදා කරගන්නවා.

පුහුණුව දවස් 14 ඒ කියන්නේ සති දෙකක් මේ සති දෙක ගෙවාගන්න දින එකම දවසට තුන් හතර පාර ගණන් කරපු අය හිටියා.වෙලාවට නැගිටින්න ඕනි වෙලාවට නිදාගන්න ඕනි, වෙලාවට හැමදේම ඒ කියන්නේ එකම රාමුවක්........ඒ රාමුව ඇතුලේ ජිවත් වෙන්න ගොඩක් දෙනෙක් අකමැති උනා .හැබැයි ඒ රාමු ගත උණු දේ උපරිම නිදහස කියන එක තමයි කියන එක තේරුම් ගත්ත කෙනෙක් හිට්යා... ඒ අලීසා, ඒ කියන්නේ එයාගේ සාමන්‍ය ලෝකේ හිරගේයක්ද?අනිත් අය නිහඩව ඉන්න වෙලාවක අලීසා මහ හයියෙන් කෑ ගහල සින්දු කිවුවා.දවස් 14 ඉවර වෙලා අපහු යන්න දින ලං වෙලා යන්න පිටත් උණු වෙලවේ අනිත් හැම කෙනෙක්ම සතුටු වෙනකොට අලීසා ඇඩුවා .ඒ හෙට ඉදන් තමන්ගේ ජිවිතේ ආපහු කොටු වෙනවා කියලා මතක් වෙලා....කදවුරෙන් පිටත් වෙනකොට අපි හැමෝටම සමුහ ජායාරුපයක් වගේම අපි කරපු කියපුව තියන DVD එකක් ලැබුනා.හැබැයි ඒ මතක සැමරුම් දෙකම අරගෙන නොගිය එකම  එක්කනෙක් හිටියා ඒ අලීසා.......ඒ කිසිම දෙයක් ගෙදර ගහින් පෙන්නන්න බෑ කියන එක තමයි එයා කිවුවේ ........මිනිස්සු වටා තියන සමහර බැදීම් කොච්චර තදද ?ඒ බැදීම් ගැන මිනිස්සු කොච්චර විදවනවද ?ඒකට හොදම උදාහරණය තමයි අලීසා...... ඒක හරිද වැරදිද කියන්න අපිට අයිතියක් නෑ.මේ පුහුණුවට ලංකාවේ හැම පැත්තෙන්ම අය ඇවිත් හිටියා .හෙට දවසේ ඒ කවුරු පාරක දැක්කත් ඒ අය අනිත් කෙනාට කතා කරයි....හැමෝම එක්ක හොදින් හිටපු අලීසා ට විතරක් අලීසා මුලින්ම කතා නොකරොත් කතා කරන්නේ නැති වෙයි .ඒ එයත් එක්ක තරහ හින්දා නෙමෙයි.මුළුමනින්ම මුණ වහගෙන සමාජේ අපිත් එක්ක ඉන්න එන අලීසාව කාටවත් අදුරගන්න බැරි හින්දා....