Monday, February 25, 2013

සින්ඩි හදපු හැමට මාගේ ප්‍රණාමය

             සින්ඩි හදපු හැමට මාගේ ප්‍රණාමය

මම ඉස්සර වෙලාම බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද කියල.....කවුරු හරි ඇහුවොත් මට දෙන්න තියන උත්තරේ තමයි අහම්බෙන් කියන එක.......ඇත්තටම නිකන් අන්තර්ජාලය සැරිසරනකොට තමයි මම ඉස්සර වෙලාම බ්ලොග් කියන එක දැනගත්තේ .......අපිට ලස්සන භාෂාවක් තියනවා ඒ සිංහල.......සිංහල කියන ජාතිය හැරුනම මම දන්න තරමින් වෙන ලෝකේ කිසිම ජාතියක් සිංහල භාවිතා කරන්නේ   නෑ......අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් රුසියාවේ යනවා රංගනය ගැන ඉගෙන ගන්න.......එහෙ ගීයාට පස්සේ එයාට මුලින්ම හම්බ වෙන්නේ.....වචන උච්චාරණය කිරිම ගැන ඉගෙන ගන්න ඒකට ඒ අය භාවිතා කරන භාෂාව තමයි සිංහල .........ඒ තරමට අපේ රටේ භාෂාව ලස්සනයි......


එහෙම ලස්සන භාෂාවකින් බ්ලොග් එකක් ලියන්න ලැබීම හරි වටිනවා...........ඉතින් අපි ලිවුවාම කියමුකෝ අපි ලියපු එක තව කෙනෙක් කියවන්න ඒ ගැන දැනගන්න එපැයි...එහෙම නැත්තන් ඉතින් වෙන්නේ අපේ එක අපිටම කියවගන්න වෙන එක තමයි......අපි ලියන බ්ලොග් එක අනිත් අය ගාවට ගෙනියන්නේ  මේ සින්ඩි මේ දේවල් නැති උනානම් බ්ලොග් කියන එක සාර්ථක වෙන්නේ නෑ.......මට මුලින්ම හම්බ වුනු සින්ඩිය තමයි සිංහල බ්ලොග් කියවනය කියන එක ......ඒකට බ්ලොග් එක ඇතුල් කරන්න කලින් බොහොම අඩු  ගණනක් තමයි බ්ලොග් එක බැලුවේ එත් ඊට පස්සේ ලැබුණු ප්‍රතිචාර ගොඩක් වෙනස් වුනා...... ඊට පස්සේ මට හම්බ වුනු සින්ඩි තමයි මේ........මේ හැම දෙනාටම මේ කරන සේවය වෙනුවෙන් බ්ලොග් ලියන හැම කෙනාගේම ස්තුතිය පිරි නැමිය යුතුයි කියලයි මට හිතෙන්නේ .....ඇත්තටම මේ සින්ඩි හදපු හැමෝටම ස්තුතියි...................අද බ්ලොග් ලියන කියවන විවිධ තලයේ සමාජ මට්ටම් තියන පිරිසක් ඉන්නවා ....ඒ හැම දෙනාම සම්පත්.. එක වර්ගේ කුරුල්ලෝ එකට එකතු වෙනවා කියනවනේ නේද......මේ විදිහට බ්ලොග් හදල ලියන්නෙත් එකම මානසික මට්ටමක් තියන් පිරිසක් ඒ පිරිස එකතු කරගන්න විදිහක් තියනවනම් ගොඩක් වටිනවා.......සුහද හමුනම් තියනවා ඒක ගොඩක්  හොදයි ඊට වඩා දෙයක් ඒ හරහාම  කරන්න අපිට පුළුවන් උනොත් ගොඩක් වටී නේද?

හරි මේ මට හම්බ වුනු සින්ඩි මේ හැරෙන්න ඔයාල දන්න තව සින්ඩි තියනවනම් ඒ ලින්ක් එක comment එකක් විදිහට මේ පොස්ට් එකට දාන්න කියල කාරුණිකව ඉල්ලනවා 


                                 
                 

                                                                                
                                                

                       

                            

                            

                        
                                                     
                                                     
                                                 
                                                    
                                       
                          
                         
                                                                                                                                                                                                                                         

18 comments:

  1. ඔබගේ අදහසට මගේත් සම්පූර්ණ එකඟත්වය පළකරන්නෙමි

    ReplyDelete
  2. වැදගත් දෙයක්...........

    ReplyDelete
  3. ආ මේ තියෙන්නේ ළොකේ හොඳම සින්ඩියත්.. ඔය වගේම කතාගේ දුකාගේ මාරයගේ සඳරුගෙ පොඩි කුමාරිහමිගේ, වෙදනගේ "මම කැති බ්ලොග්" වලට දාගන්න පුළුවන්නම්, ඔතන තියෙන සමහර සින්ඩිවලට වඩා හිට්ස් එනවා

    ඒ සින්ඩි හෑල්ලුවට ලක් කිරීමක් නෙමෙයි කලේ. සෑම සින්ඩියක්ම කරන්නේ විශාල සේවාවක්. ඒත් මාතල එකට "මාතලන් සින්ඩිය"ටත් වඩා පිරිස් එනවා ඔය බ්ලොග් වලින්. ඇත්තක් කිව්වේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ බ්ලොග් එකත් එකතු කරගත්තට

      Delete
  4. මගේ පුංචි සින්ඩියත් අමතක නොකෙරුවාට ගොඩක් ස්තුති කරනන ඕනා. මම සින්ඩියේ අවසාන ටෙස්ට් කිරීම් කරන අතුර තුර අවසාන දවසේ http://lankablogs.org/ මේකත් බ්ලොග් වල සින්ඩිකේට් වුනා. සින්ඩි වල ඒ නමින්ම පෝස්ට එකක් යනකොට මටත් පුදුම හිතුන. නොදැනුවත් කමින් මම එතකොට ලෝගෝ හා සියල්ලත් 90% ඉවර කරලා අවසන්.

    පුලුවන්නම් ඒකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුතියි කොහොම අමතක කරන්නද මේ සින්ඩි නොතිබෙන්ඩ අපේ බ්ලොග් අනිත් අයට යන්නේ නෑ නේ මම දුන්නු ලින්ක් එකත් එකතු කරා

      Delete
  5. ස්තුතියි යාලු අපි කරන සේවය ගැන මතක් කරපු එක.ලංකාවේ සිංඩි කරන හැමෝම බ්ලොග් ලියන්නන්ට කරන්නේ ලොකු සේවයක්.සිංඩි නොතිබෙන්න බ්ලොග්කරුවන් අසරණ වෙනවා.දැනුම,තොරතුරු බෙදාහැරීමට නොහැකි වෙනවා.ඒ සියලුම සිංඩි කරන අය ඒවා කරන්නේ ලොකු උවමනාවකින්,ආසාවකින්.අපිව අගයන එක ගැන නැවතත් ඔබට ස්තුතිය පුදකරනවා.

    ඒ වගේම Kottu,lankablogs.org අමතක කල නොහැකි සිංඩි තමා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කරන කෙනා බ්ලොග් එක ලියල සතුටු වෙනවා සින්ඩි හදන කෙනා අනිත් අය එකතු කරන බ්ලොග් දිහා බලල සතුටු වෙනවා කොහොම උනත් වැදගත් සේවාවක් මේ සින්ඩි තුලින් වෙනවා ස්තුතියි ලින්ක් එකට

      Delete
  6. ඔබගේ ලිපි මා දුටුවේ අද ය. කාලය මද බැවින් මාද බ්ලොග් වෙත පිවිසෙනුයේ සින්ඩි හරහා ය. සින්ඩි බ්ලොග් කලාවේ සැබෑ සේවයක් කරන බව මාද අත් දැකීමෙන්දන්නා දෙයකි.
    නමුත්, හිට්ස් බලාපොරොත්තුවෙන් ලියන්න එපා. කාලීන හෝ වැදගත් කුමන හෝ මාතෘකාවක් රචනා කරන්න. එය දවසක කාගේ හෝ ඇස ගැටේවි. මා ද කිසිදු ප්‍රතිචාරයක් නැතිව මුල් කාලයේ ලිපි ලියා ඇත. හුදෙක්ම එය විනෝදයක් විය. එහිදී මාතලන් ප්‍රමුඛ සින්ඩි කිහිපයක්ම මාහට උපකාර කර ඇත.
    ඔබේ ගමනට සුභ පතනවා ෴

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීම පිළිබද මා ස්තුති වන්ත වෙමි මෙම ලිපිය තුලින් අපට උදවු කරන සින්ඩි පිළිබද හදුනා ගැනීමට මට උවමනා විය.ඔබට ස්තුත්යි

      Delete
  7. තැන්ක්ස් ,
    සින්ඩි නම් කොයිතරම් තිබුනත් කමක් නැහැ.. බ්ලොග් පොස්ට් එකක් පාඨකයන් අතරට ගෙන යන්න සුළුවෙන් හරි මේ සින්ඩි උදව් වෙනවා ..

    ReplyDelete
  8. මේකට එකතු කරන්න . http://lankablogs.org මේකනම් ඉතින් මගේ. ඔය අයිනේ දාන් ඉන්න nimnaya.info සිංඩියම තමයි දැන් lankablogs කියලා කරන් යන්නේ. ඒ නිසා nimnaya Logo ඉවත් කරලා දාන්න.

    මෙවාටත් එකතු කරන්න.
    kottu.org
    blogs.geegain.com
    sindiya.com


    ReplyDelete
    Replies
    1. ස්තුති දැනුවත් කිරීමට සහෝ

      Delete
  9. මෙන්න තවත් සිංහල සිංඩි
    http://k-matha.blogspot.com/ - කමත
    http://sandeashaya.blogspot.com/ - සංදේශය
    http://kiyawanna.com/ - කියවන්න කොම්

    ReplyDelete
  10. හොඳ ලිපියක් සහෝ.

    ReplyDelete
    Replies
    1. මම එත් බැලුව අද කෝ කියලා ස්තුත්යි සහෝ

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි